2018 AUGUST

කවි පිටුව  කතා පිටුව ගීත කතන්දරය රේඩියෝව පෙර කලාප
නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශ්‍රී ලංකා-විත්ති ඉදිරියට පළ නොවනු ඇත. මේ අවසන් කලාපයයි.
වසර 5 කට ආසන්න කාලයක් අදහස්/යෝජනා/චෝදනා එවූ අයටද , නිර්මාණ එවූ අයටද, ඊ මේල් මගින් එකිනෙකා අතර ප්‍රචාරය කල අයටද ශ්‍රී ලංකා-විත්තියේ ප්‍රණාමය.
ඔබ සැමට යහපතක්ම සිදුවේවා !
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති. සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.

මොනවටද මේ NEWS කියන්නේ ? රටේ හතර දිශාවෙන් එන වැදගත්, ඒ වගේම ප්‍රජාවේ විශාල කොටසක් උනන්දුව දක්වන මීට කලින් අවධානය යොමු නොවුනු අළුත්,නැවුම්,කුතුහලය උපද්දන ආරංචි වලට නේද ?
එත් දැන් ලංකාවෙ නිවුස් බලනවට වඩා හොඳයි කවදාවත් සිදු විය නොහැකි සිදුවීම් රැගත් "සිඳූ" , "වාලුකා" වගේ ටෙලි නාට්‍යයක් බලන එක. නැත්නම් Tom & Jerry  බලන එක.
බල්ලෙක් මිනිසෙකු සපා කෑම ප්‍රවෘත්තියක් නොවේ. ඒය නිරන්තරයෙන් සිදුවන සාමාන්‍ය දෙයකි. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපා කෑම ප්‍රවෘත්තියකි.
~ජෝන් ඩී බොගාර්ඩ්~
සත්‍යය ප්‍රතමයෙන්.. ඊ ළඟට අසත්‍ය ? එහෙමද ?
දෙරණ අදහස් කරන්නේ හැමෝටම කලින් එයාලගෙ චැනල් එක සත්‍යය ප්‍රවෘත්ති විකාශය කරනවා කියන එකයි. එහෙම එකක් තමයි අර මහ නාහිමියන්ගේ හිට්ලර් කතාවත්. අපේ රටේ නායකයන් පවා වලිගෙ පාගා ගෙන. හිට්ලර් නොවේ මොන යකෙකුටවත් ගොඩ ගන්න බැරි තරමට රට අගාධයට ගිහිල්ලා. ගරු-අතිගරු උතුමාණන්ලා කට්ටිය ඊ ළඟ මැතිවරණයට ලක ලෑස්ති වෙනව මිසක්කා රටේ සංවර්ධනය ගැන කතාවක් නැත.

*******************************************
ප්‍රභාකරන් කළ හොඳ වැඩ.
* රිචර්ඩ් ද සොයිසා නම් අහිංසක, තරුණ මාධ්‍යවේදියා, ඔහුගේ මව ඉදිරියේම පැහැර ගෙන ගොස් මරා දැමූ උසස් පොළිස් නිලධාරියා සහ ඊට අණ දුන් මිනිසාද මහ පාරේ කැබලි කැබලි කර දැමුවේ ප්‍රභාකරන්ය.
ප්‍රභාකරන් නොවන්නට එය LTTE හෝ JVP ගිණුමට බැරවන්නට තිබුණාය. නැත්නම් කොමිෂන් දමා එම නඩුව තවමත් ඇහෙනවාය.
* ස්වෛරී රාජ්‍යයක , වෙනත් රටක  අභ්‍යන්තර කටයුතු වලට අනවශ්‍ය ලෙස අත පොවා , එම රටේ ගුවන් සීමාව ආක්‍රමණය කර චණ්ඩි පාට් දමා ගුවනින් පරිප්පු හෙලූ රජීව් ගාන්ධිටත් කෑලි කෑලි යන්නට වැඩේ දුන්නේ ප්‍රභාකරන්ය.
ගිනිපෙට්ටි බෝම්බයෙන් පටන් ගෙන SAM මිසයිලය දක්වා වර්ධනය වන්නට LTTE එකට හැකියාව තිබුණා නම්;
ලොව ප්‍රතම සහ ප්‍රධානම ත්‍රස්ත සංවිධාන වූ IRA සහ පළස්තීන ගරිල්ලන් ඉක්මවා යමින් ලෝකයේ බිහිසුනුම ත්‍රස්තවාදී කණ්ඩායම බවට පත්වන්නට LTTE එකට හැකි උනා නම්;
උන්ට මුළු රටම භාර දුන්නා නම් අද වන විට ශ්‍රී ලංකාව නීති ගරුක -සංවර්ධිත-ණය බරින් මිදුනු රටක් වන්නට ඉඩ තිබුණාය.

ගින්දර:
ගින්දරට දුබලයාද-ප්‍රබලයාද, ධනවතාද-දුගියාද;ගැහැණියද-පිරිමියාද; රජතුමාද-යටත් වැසියාද එක විදියටම පිළිස්සේ.
රටක නීතිය ගින්දර මෙන් විය යුතුය.
අපේ රටේ ජනාධිපතිට එක නීතියක්; අගමැතිට එක නීතියක්; ඇති එකාට එක නීතියක්;නැති-බැරි එකාට වෙනම නීතියක් ?
ශ්‍රී ලංකාවේ ජනාධිපතිට ඇති බලතල ඇමරිකාවේ ට්‍රම්ප්ටවත් නැත. කිසිම හේතුවකට ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය නොහැකිය.
යම් හේතුවක් නිසා ආර්යාවට දික්-කසාද වීමට අවශ්‍ය වුවහොත් ?...
****************************
දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ල මර්ධනය කිරීමට නම් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නැවත ඇති කළ යුතු යයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් දෙසා වදාරති.
සියළු සත්ත්වයෝ සුවපත් වේවා!
දඬුවම් කිරීමෙන් මිනිසා යහ මගට ගත නොහැකිය. එය තාවකාලික පැළැස්තරයක් පමණි.
අරාබිකරයේ දඬුවම් කරන්නේ ප්‍රසිද්ධියේ හිස කඳින් වෙන් කිරීමෙන්ය.එය එසේ වතුදු අරාබිකරයේ මිනීමැරුම් , මංකොල්ල ප්‍රමාණය ඉහළ යයි.
ඒ නිසා අළුතෙන්අළුගෝසුවන් 8 දෙනෙකු බඳවා ගැනීමට එරට රජය තීරණය කරයි.
https://www.timesofisrael.com/saudi-arabia-seeking-new-executioners
සුළු සොරකම් වලට දඬුවම් දෙනවා වෙනුවට උන්ගේ නම්, ඡායාරූප  සහ පවුල්වල විස්තර මාධ්‍යය තුලින් ප්‍රසිද්ධ කිරීමෙන් වඩාත් ප්‍රායෝගික ප්‍රතිපල ලබා ගත හැකිවනු ඇත. මක් නිසාද යත් , මර බියට වඩා ලජ්ජා-බය විශාල නිසාය.
අද මාධ්‍යය තුලින් කෙරෙන්නේ සත්‍ය වසන් කිරීමයි.
*************
සංවර්ධනය
නවත්තපියව් තොපේ-සංවර්ධන ඝෝෂාව
දෙසවනට යවුල් වූ - ප්‍රෝඩාව
වාචාල නිවේදකයිනි - නවත්තපියව්  ඝෝෂාව
කටකමිස්‌සිරියක්‌ නැති
බලව් පැල්පත් අසිරි
ලුණු මිරිස්‌ තනාගෙන - ඇමරිකන් පිටි ගිලින
බොරු ලෑටි ගාන්නනි 
බලව් - රතු ඉරට කලියෙන්
වැඩ පොළට යාගන්න - බස්‌ පොළෙහි 
පැය ගණන් ලගින - මුහුණුවල ළතැවිල්ල
බස්‌ නැතිව
~බර්ටි කුඩාහෙට්ටි~
*********************
පූජ්‍ය වල්පොල පියනන්ද මා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන එක් දින භාවනා වැඩ සටහනට සහභාගි වීමට ඔබ කැමතිද ?
දිනය: 2018 සැප්තැම්බර් 29 සෙනසුරාදා
වේලාව: පෙ.ව. 7.00 සිට ප.ව. 5.30 දක්වා.. 
ස්තානය: 14036 Don Julian Road , La Puente , CA 91746
වැඩි විස්තර මෙම අංක වලින් දැන ගැනීමට පුළුවන
ධම්මජොති හිමි - 323 252 2339
කළ්‍යාණවංස හිමි - 323 849 8963
සීලරතන  හිමි - 323 899 8821
උදේ සහ දවල් ආහාර-පාන සැපයේ.
ඔබ මෙයට සහභාගි වීමට කැමති නම් මෙතැන ක්ලික් කර ලියා පදිංචි වෙන්න.
**************************************
අල්ලස:
අල්ලස බුද්ධාගමටද , බුදුන් වහන්සේටද වඩා පැරණිය. අල්ලසක් යනු යම් කාර්යයක් ඉක්මණ් කරවන උත්ප්‍රේරකයකි.
පොඩි මිනිහාගේ පටන් ජනාධිපති දක්වා අල්ලස් දීම සහ ගැනීම සිදු කරයි.
පොඩි වෙනසකට ඇත්තේ එදා රුපියල් 10 අල්ලස මෙදා රුපියල් 1000 වීම පමණය. ඒ රුපියලේ අගය අඩුවීම නිසාය. 
මේවාද අල්ලස්ය.
****************************************

2020 ගෝටා ජනාධිපති උනොත් ඉස්-ඉස්සෙලම කරන රාජකාරිය මොකද්ද කියල උඹට කියන්න පුළුවන්ද?
බඩු මිළ හිටු කියල බස්සන  එක ?..
නෑ..
රැකියා ප්‍රශ්නෙ විසඳන  එක ?
නෑ...
පළාත්සභා විසුරුවන එක?
නෑ.. 
මට බෑ.. තාත්තම කියන්න..
"දුමියට සමාව දෙන එක.."
********************************
Upcoming Sri Lankan Events in Los Angeles
************************************************
ඥාණසාර-විජයකලා-නිව් යෝර්ක් ටයිම්ස්-ගාල්ල ක්‍රීඩාංගණය-2020 ගෝඨද?මෛත්‍රීද? - එල්ලුම් ගස.. එකක් ඉවර වෙන කොට තව එකක් යනාදී වශයෙන් ජනතාවට උද්ඝෝෂණය කිරීමට මාතෘකා සපයනවා විනා රට ගොඩ නැගීමේ ඉදිරි දර්ශනයක් රජයට නැත. 
අප අප වෙනුවෙන්ම හඬමු ...