කාලීන Politics Poems කතා පිටුව Jokes කටට රසට
අපේ ළමයි ගීත කතන්දර Advertisements Contact Us


මේ තියෙන්නේ ඇහැල මල්. ශ්‍රී ලංකාව, ඉන්දියාව , මැලේසියාව ,තායිලන්තය ආදී රටවල ජූලි මාසෙ වෙන කොට මේ මල් පිපෙන්න පටන් ගන්නව.
ඒ නිසාමයි ජූලි මාසෙ සිංහළ ක්‍රමයට ඇසළ මාසය කියා හඳුන්වන්නේ.  මෙහි උද්භිද විද්‍යා නාමය Cassia Fistula. ඇහැල මල් වලට තියෙන්නෙ  ලස්සන කහපාටක්. එය පුෂ්ප මංජරී වශයෙන් ගසේ කඳ දිගේ කඩා හැලෙන නිසා ඉංග්‍රීසියෙන් Shower of Gold කියල හඳුන්වනවා.

ඇසළ මාසේ බෞද්ධයන්ට විශේෂිත වූ මාසයක්.  සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මුණේ ඇසළ පෝ දවසක. අළුත උපන් රාහුල පුතා තුරුල් කර ගෙන යශෝධරා දේවිය නිදි.  යාන්තම් එළිපත්තෙ ඉඳල ඒ දර්ශනය රස විඳ සිදුහත් කුමරා ගිහි ගෙයින් පිට වුනා. සමහර මිත්‍යාදෘෂ්ටිකයන් අහන්න පුළුවන් සැමියෙකුට , පියෙකුට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියල?
සිදුහත් කුමරා තම ලෙයින් උපන් බිළිඳාගෙ rosy cheeks වත් , cheesy feet වත් ස්පර්ශ කරන්න ගියෙ නෑ. එහෙම කළා නම් පොඩි එකා ඇහැරෙනව. ඊ ළඟට යශෝධරත් අවදි වෙනව. රජ දේවියක් උනත් ගැහැණියක්නේ. (ගෑණු කියන්නේ අපායට විවෘත කළ දොරවල් වගේ.) එදා එහෙම උනා නම් අප තාමත් අඳුරේ.  ඒ නිසා හිතට නැගි ආවේගයන් යටපත් කර ගෙන සියළු සත්වයන් දුකින් මුදවා ගනු පිණිස සිදුහත් කුමාරයා එලෙස අභිනිෂ්ක්‍රමණය කළා.

මං පුංචි කාලේ කොණ්ඩෙ කපන්න ගිය බාබර් සාප්පුවෙ ගහල තියෙනව සිදුහත් කුමාරයා චන්න ඇමතියත් එක්ක කන්තක අශ්වයගේ පිටේ නැගල නේරංජනා ගඟෙන් එක පිම්මට පනින ආකාරය පෙන්නුම් කරන පින්තූරයක්. දැන් Lilajan River නමින් හැඳින්වෙන නේරන්ජනා ගඟ විශාල ගංගාවක්. අශ්වයෙකුට එක පිම්මට පනින්න බෑ කොහොමටවත්. අපේ පරණ කතා කාරයො අතිශයෝක්තියෙන්(Exaggerate) කියූ  එම කතාව දවසක් පන්සලේ හාමුදුරුවෝ බණට කීවා.  රේස් දැමීමට පුරුදුව සිටි උපාසක රාල කෙනෙක්  " ඕං ඔට්ටු අල්ලනවා නං ඔය වගේ එකෙකුට"  කියා කීවාලු. ඇත්ත කතාව මේකයි. ජූලි අගෝස්තු කාලෙට නේරන්ජනා ගඟ හිඳෙනව. වැල්ල විතරයි.
ජූලි  එහෙම නැත්නම් ඇහැල මාසෙ තව වැදගත් දේවල් සිදු උනා.1980 J. R. බලයේ ඉන්න කාලේ මහා වැඩ වර්ජනයක්. කම්කරුවෝ තම ඉල්ලීම් උදෙසා වැඩ වර්ජනය කළා.  වර්ජනයට සම්බන්ධ වූවන් රැකියා වලින් දොට්ට දැම්මා. වැඩ වර්ජිතයාට ජීවිතය දිගයි. රස්සාවල් නැතිව ජීවත් වෙන්න බැරුව සෑහෙන පිරිසක් දිවි නසා ගත්තා. සමහරුන්ගෙ භාර්යාවන් රස්සාවල් තියෙන අයත් එක්ක පැනල ගියා. පවුල් අවුල් උනා.
ඊ ළඟට  ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් ඇති කළ , ඒ පැල්ලම තවමත් මකා ගන්නට බැරුව දඟලන කළු ජූලිය.ඊට හේතු වුනේ 1983 ජූලි මාසෙදි යාපනයේදී LTTE ත්‍රස්තයන් හමුදා නිලදාරීන් 13 ක් මරා දැමීම. මේ නිසා අපේ ආර්තිකය වසර 50 ක් පමණ ආ පස්සට ගියා.
එවැනි දේ නැවත ඇති නොවේවා යයි මේ ඇසළ මාසයේ අපි ප්‍රාර්තනා කරමු.

ශ්‍රී ලංකාවේ ආගමික උමතුව පරදවමු. පටු අදහස් දරණ අවස්තාවාදීන්ගේ උගුලේ නොවැටෙනු. නැවත වරක් රට ආපස්සට නොයවමු. 
එකිනෙකාගේ ආගම්/ ඇදහීම්වලට ගරු කරනු.
බුදු දහමට නිගා කරන , ශ්‍රී ලංකාවේ නම කැත කරන චීවරදාරීන් පලවා හරිමු. 
Who is this Galaboda Gnanasara ?.. What is he doing ?
(මෙයා කවුද , මොනවද මේ කරන්නෙ කියල බලාගන්න, ඉහළින් තියෙන Politics පිටුව ක්ලික් කරන්න)

Did you come to USA recently ? Are you living in or around Los Angeles ?
Does Anybody need furniture to set up "Home"?

Resume to be done in applying for a job?
Anybody looking for Jobs .... 
SLAASC is willing to help you.  
College students who want to apply for Colleges and want a proper Essay done ..we could help

Please contact SLAASC- Thats Sri Lanka - America Association of Southern California.


ඇසළ මාසේ  ලොව පුරා ප්‍රසිද්ධ වෙන්නේ මහනුවර දළදා පෙරහැර නිසයි . බතික් ඇඳුමින් සැරසුනු අලි ඇතුන්  සිය ගණනක් සන්සුන් ලීලාවෙන් ගාම්භීර තාලෙට පෙරහැරේ ගමන් කරන්නේ ඇසළ පෙරහැරේයි. මෙයට අවට තියෙන සිව් මහ දේවාල වල කට්ටියත් එකතු උනාම බලන්න ලස්සනයි.ඉස්සර නම් මේ පෙරහැරේ  කස ගහන , හේවිසි බෙර ගහන, නටන, පාවඩ එළන , පන්දම් අල්ලන සහ මෙකී නොකී අය රජතුමාගෙ නින්ද ගම් වලින් යැපුනු අය. ඊට හිලව් වෙන්ට ඒ අය පෙරහැර කරවල දෙනව. අතරගල්ල, කොනකලගල, ගුන්නෑපාන, පදියපැලැල්ල, හතරලියද්ද, අම්පිටිය, දේදුනුපිටිය, හුරීකඩුව, තෙල්දෙනිය, දිගන,පල්ලේබෝවල, රිකිල්ලගස්කඩ යන ගම්මාන දක්වා පෙදෙස් වල මේ රාජකාරි කරන අය ජීවත් උනා. දැන් නම් කුලියට තමා හැම දෙයක්ම. ඒ නිසාම නන්දා මාලිනී පෙරහැර දකින්නේ වෙනම ඇසකින්.




ශ්‍රී ලංකා- විත්ති ආරම්භ කලේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ. සන්තෝෂයි කියන්ට දකුණු කැලිෆෝනියාවේ පමණක් පාඨක සංඛ්‍යාව 1000 ඉක්මවනව. පහල සිතියමෙන් දැක්වෙන්නේ ලොව පුරා ශ්‍රී ලංකා-විත්ති කියවන අය.














මේ තියෙන්නේ සමහර අයගේ ප්‍රතිචාර - ගල් සහ මල්.

Mano  Cabral :   Good Work ..This is done well.  keep it up.

Jeyam Ratnum :  Interesting.. Congratulations.It looks great. I have started the same thing long time  ago but  in a  different way. You can extract anything from mine.

Renuka Samath :     Totally bias

Rev. Yatirawana Siriniwasa thero , North Hollywood:  මා ආසාවෙන් කියවනවා. මෙවන් දෙයක් තිබීම ඉතා වැදගත්.

Bhadraji Mahinda Jayatilake:  I really enjoyed reading and looking at your great  magazine. Keep it up and good luck to you in all you  do.I will contribute to you in   any way I  can. I will send   it to some of my contacts in Australia.

Athula Siriwardena, Riverside,California: Let me know if I can be of any  assistance, (with the limited  talent I have).

Anura Jayatilake, Paris , France; Thank you,  You are doing a great service. Love the kids corner!

Gothami Wickramasekara - Canada: Thank you for the email regarding  Lankaviththi.     Please add me to your distribution list.

Kalyani Markalanda- Carson,California: කාර්ය බහුල ජීවිතයක් තුල මෙවන් කටයුත්තකට අත ගැසීම උදාරයි. කවියක් හෝ කතාවක් ලියා එය පොතේ පිටු අතරම සඟවා තබනු වෙනුවට මෙසේ අන් අය සමඟ බෙදා ගන්නට අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි. දිනෙන් දින ශ්‍රී ලංකා විත්ති සාර්තක වේවා.