To see what's inside.. click on the below pages.
කාලීන විවිධ Poems කතා පිටුව Jokes කටට රසට
ලොව වටා ගීත කතන්දර Advertisements Contact Us


එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි හමු වෙලා
ඇල කණ්ඩියේ ඉඳගෙන අතවනලා 
වැඩිහිටියන්ගෙන් අහන්නෙත් නැතුවම 
තනි හිතු මනාපෙට බහ දීපු නෑනලා
සමහර විට පොඩි දේකට නොහොඳ නෝක්කඩු වෙලා
පිට- ගම් යන්නටද පුළුවන

එහෙම ගියත් ඒ කාලේ මස්සිනාලා කවදාවත් හිත් වල අමනාපයක් තියා ගන්නේ නැතුවාය. උඹ නැතුව මුලු ගමටම මාසේ පෝය ලබලා වාගේය. දැඩිමුණ්ඩ ගම්භාර දෙවියන්ගේ ආරක්ෂාවෙන් යන එන තැනක හොඳින් ජීවත් වෙන්න කියා සුබ පතනවාය.
තාත්තාගේ සහෝදරියගේ දුව හෝ අම්මා ගේ සහෝදරයාගේ දුව නෑ කමට නෑනාය. නිකම් නෑනා නොව ඇවැස්ස නෑනාය. ඇවැස්ස කියන්නේ අවශ්‍ය කියන එකය. නෑනලා අවශ්‍ය වන්නේ ඇයි ? පැල් ගැහෙන්ටය.  අළුත් පරම්පරාවක් අරඹන්නටය. හේන් කොටන විට , කුඹුරු කරන කොට සහය වෙන්නටය.
කුඹුරු සකස් කරන ගොවියා මුලින්ම කරන  සී සෑම බිං නැගුම , බිංඇර වීම කියා කියයි. මහ කන්නයට බිං ඇරවීම බොහෝ විට පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේය.  " බිං ඇර " වෙන මාසය " බිනර" වී ඇති බව පොත පතේ සඳහන් වේ.

බිනර මහට  බහ දීලා තව පෝයක් ගෙවෙනවා
උසුලු විසුලු කල නොවේ අපි වෙනතක් බලනවා..  
බිනර මහ කිට්ටු වෙන කොට එහෙම බහ දීපු මස්සිනා කෙනෙකු ගෙන් පිළිතුරක් නැති නෑනා කෙනෙක් එලෙස අවලාද කියයි.
මේ  නෑනා - මස්සිනාලා කතාවක් නොවේ. ඇමරිකා- ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වූ ළඟදී තිරගත වීමට නියමිත "සිහින ලොවක්" චිත්‍රපටියේ රූප රාමු පෙළක්.

සමහර හිත හයිය මස්සිනාලා, තම හිත ගිය නෑනා පැහැර ගෙන යයි.
ඒ නෑ කමටත් වඩා ඕනෑ කමටය. එහෙත් දැන් දැන් පැහැර ගෙන යන්නේ කුඩා දරුවන්ය. ඒ කප්පම් ගැනීමටය. කෝටි ගණන් සල්ලි ඇති තාත්තලා ටිකක් පරෙස්සම් වුනොත් හොඳයි.

කප්පම් ඉල්ලා යම් කිසි පිරිසක් විසින් පැහැර ගෙන යනු ලැබූ මේ කුඩා දරුවා පසුව පොළිසිය විසින් සොයා ගැණින. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එම කුඩා දරුවා අරලිය ගහ මන්දිරයට කැඳවා සුව දුක් විචාරන අයුරු.
මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ 
අරලියගහ මන්දිරයේ හැර
වෙන කොයින්දා

නොබෝදා යම් කිසි කණ්ඩායමක් විසින් ගලිගමුව ප්‍රදේශයේ කුඩා දිනිඳු පැහැර ගෙන  ගියා. අති දක්ෂ ශ්‍රී ලංකා පොලිසිය කුඩා දරුවා නිරුපද්‍රිතව බේරා ගත්තා.මීට කලිනුත් මෙවැනි පැහැර ගැනීම් සිදු වී ඇත. පැහැර ගැනුනු අය මෙලෙස අරලිය ගහ මන්දිරයට කැඳවුනේ නැත. මෙහි ඇති විශේෂත්වය කුමක්ද ?
පැහැර ගෙන ගිය මේ පොඩි එකාට කිසිම කරදරයක් වී නැත. මූ , උගේ තාත්තා ටිකක් බය කරන්ට හිතා ගෙන ඌම වැඩේ සෙට් කලාද කියන්ටත් බැරුවාය. එහෙව් රට.. අපේ රට.
තමා පැහැර ගැනීමට මූලික හේතුව රටේ පවතින අරාජික බවත් සහ නීතිය බල්ලාට සහ බැල්ලීට ගොස් ඇති නිසාත් බව මේ පොඩි එක නොදන්නවා විය හැකිය. දේශපාලකයන් ,රාජ්‍ය සේවකයන් අල්ලා ගස් බඳී- ගුරුවරුන් දණ ගස්වයි. පළාත්සභා මන්ත්‍රීන් යයි කියා ගන්නා මුග්ධයන් රටේ සිරි නරඹා අපට විදේශ විනිමය ගෙනෙන සුද්දියන් දූෂණය කරයි. 
රටේ නීතියක් නැත, ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් මරා දැමිය හැකිය. එම ඝාතන සාධාරණීය කරන්නටද කට්ටියක් ඇත.
රට වැසියා ආරක්ෂා කිරීම රජවරුන්ගේ හෝ පාලකයන්ගේ යුතුකමයි.වගකීමයි. ඒ නිසා පොඩිඑකෝ!.. "ජනාධිපති මාමි" තමා මේවාට වග කියන්න ඕන.
මේ සිදුවන අපරාධ ටික කලකට හෝ මර්ධනය කිරීමට නම් මරණීය දණ්ඩනය අනිවාර්යෙන්ම නැවත ඇති කළ යුතුය. එසේ කිරීමට කට්ටිය මැලි ඇයි.?



To see more pictures & videos of , 2014 Sri Lanka Day .. click on the above pages

රෙබෙකා නිර්මලී ඔබට නිවන් සුව !




මිනිසුන්  ලෙඩ වෙයි. මිය යයි. එය අළුත් දෙයක් නොවේ.
90 දශකයේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ " වෙද හාමිනේ" හි  කැලේ වැවෙන ගස්-මුල්-කොළ-පොතු වලින් පිළිකා රෝගය සුව කරන වෙද හාමිනේ කෙනෙකුගේ චරිතයට ජීවය දුන්  රෙබෙකා නිර්මලී පිළිකා රෝගයකින්ම මිය යාම දෛවයේ සරදමක් නොවේද ?

*******************************************

Priceless smile of a Sri Lankan girl
















Sri Lanka Day 2014 - Sri Lankan Bridal Show.
Presented by Nishadi..
visit her website: www.nishadibridalcreations.com
(Courtesy of ApeVitti - Sunil Semasinghe )

ළඟදී නිවසක් මිළදී ගන්න එහෙම අදහසක් තියෙනවාද ?එහෙම නම් Rex  J  Perera   මහතා නොමිළයේම ඔබට අවශ්‍ය උපදෙස් දෙන්න සූදානම්. වැඩි විස්තර සඳහා ඉහත  Advertisement  පිටුව click කරන්න.