ශ්‍රී ලංකා-විත්ති- 2014 නොවැම්බර් කලාපය


විචාරය Marriage Proposals Poems කතා පිටුව Jokes Obituary
ලොව වටා ගීත කතන්දර Advertisements Contact Us Politics

ඉන්දියාව කියන්නේ විශාල රටක්. භූමි ප්‍රමාණයෙන්,ජනගහණයෙන් , සම්පත් වලින්.. එහෙම බලන කොට අපේ රට පුංචි මී පැටියෙක් වගේ.
ඉන්දියාව, අඟහරු ග්‍රහයා සමීපයට යැවූ චන්ද්‍රිකාවෙන් වඩා පැහැදිලි පින්තූරත් ලබා ගෙන තියෙන බව ආරංචියි. ඒ විතරක්යැ , ප්‍රජාතන්ත්‍රවාදයෙන් පවා, ඉන්දියාව අපට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ...
දැක්ක නේද ජයලලිත කෙල්ල අල්ලල හිරේ දාපු හැටි..
මගුලක් කතා කරනව.. අපේ රටේ නායකයො වැරදි කරනවායැ හිරේ දාන්න තරම්...
එංගලන්තය කියන්නේ පුංචි ඉන්දියාව.. බැලූ බැලූ අත ඉන්දියන් කාරයෝ.. ඇමරිකාවෙ උනත් එහෙමයි.. ඕනෑම ආයතනයක මුල් පුටුවෙ ඉන්දියානුවෙක්. IT කෙරුමෙක්.
ඇමරිකානුවන් , ඉන්දියන් කාරයො ගැන උන්ගෙ භාෂාවෙන් කියන්නෙ මෙහෙමයි..

"F*****g Indians everywhere".. 

මට මගෙ පුංචි කාලෙ හොඳට මතකයි.  වයස අවුරුදු තුනේ ඉඳල වෙච්චි දේවල් මතකයි. ඒත් වයස් ගතවීමත් සමග මගේ මතකයෙ ඉතිරිවෙලා තියෙන්නෙ අමතක කරන්න බැරි විශේෂ දේවල්වල් විතරයි. ඉන් එක් දෙයක් තමයි නෑදෑ ගෙවල් වල ගියාම  දොස්තර කෙනෙක් වගේ රඟපාන එක.  මාමලාගෙ , නැන්දලාගෙ ලෙඩ බලල , තුණ්ඩු කෑල්ලක බෙහෙත් ලියල දෙනව. ඒ මගෙ ඔළුවට කොහෙන් ආ දෙයක්ද කියල මා දන්නෙ නැහැ.
ඊට පස්සෙ ටිකක් ලොකු උනා. සාමාන්‍ය-පෙළ; සාමාන්‍ය විද්‍යාව , උසස්-පෙළ ජීව විද්‍යාව , සත්ව විද්‍යාව කළා. මට ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් බැරි උනා.
ඇමරිකාවට ආවට පස්සෙ මා හිතුව , මට යන්නට බැරි උනු තැනකට මගේ දරුවන්වත් යයි කියල ඒකත් ඉෂ්ට වුනේ නැහැ.

Star Night Musical Show-- 2014 November 07th Friday--12100 Beach Blvd, Stanton , CA 90680--- 6.30 pm ඇමරිකාවේ රෝහලක සේවය කරන දොස්තර මහත්තෙක් උදේ වැඩට යන්න ලෑස්තිය. ඔහු ටයි පටිය තද කරමින් හිටියා. දොස්තර බිරිඳ ඔහුගේ දවල් කෑම එක අරන් ආවා. අවුරුදු 5 ක වයස කුඩා දියණිය ඇඳ උඩ.  දොස්තර නලාවත්(stethoscope) ඇඳ උඩ.   කුඩා දරුවා එය කණේ රුවා ගත්තා.
"දැක්ක නේද , දුව දැම්ම ඉඳම්ම ඔයාගෙ අඩි පාරෙ යන්න ලෑස්තිය".. බිරිඳ ආඩම්බරෙන් කිව්වා.
දොස්තර ආඩම්බර හිනාවක් දැම්මා.
ගතවුනේ මොහොතයි.. කුඩා දරුවා  නලාවේ පපුවට තියෙන කොටස කට ළඟට කර මයික්‍රපෝනයක් මෙන් අල්ලා..
" Welcome to the Mcdonald.. May I take your order ?"...  කිව්වා.

දැන් කාලෙ ළමයි කරන්නෙ එයාලට ආසා දේ.
ඇමරිකන් ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් විවිධ ක්ෂේත්‍රවල  විවිධ දස්කම් පානව. 
එහෙත්  දිනිති හා ශාන්ත සේනාධීර යුවළගේ දියණිය සයුරි තෝරා ගත්තේ වෙනස්ම පාරක්.


Ice Skating.     සාමාන්‍යයෙන් කවුරුවත් නොකරන දෙයක්.
මතු දවසක ඔලිම්පික් තරඟයදී රන් පදක්කමක් කෙසේ වෙතත් ලෝකඩ පදක්කමක්වත් දිනා ගන්නට ඇයට හැකි වේවා යයි සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා- විත්ති ප්‍රාර්ථනා කරයි.


               නොවැ.02 ඉරිදා විචිත්‍ර ධර්ම දේශනයක්



ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආර්තික විද්‍යාව සඳහා උපාධි ලබා ඇති චෙත්මිණි ලියනපටබැඳි වෘත්තීය චිත්‍ර ශිල්පිනියක් වීමට ආසා කරයි.
කැලිෆෝනියාවේ Irvine හි පදිංචි දරු දැරියන් සඳහා ඇය පන්ති  පවත්වයි. ඔබත් චිත්‍ර ශිල්පය හැදෑරීමට කැමති නම් සහ Irvine  කිට්ටුව කෙනෙක් නම් මට ඇයගේ ලිපිනය හා දුරකථන අංකය ලබා දීමට පුළුවන.
චෙත්මිණිගේ චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක්  2014 නොවැ 22 සිට 2014 දෙසැ 21 දක්වා සෑම සති අන්තයකදීම පහත සඳහන් ස්තානයේ පැවැත්වෙනවා.

විවිධ නිර්මාණ එහිදී මිළදී ගැනීමටත් ඔබට පුළුවන්. 
Sawdust Art Festival
935 Laguna Canyon Road
Laguna Beach, CA 92651
                                        චෙත්මිණිගේ නිර්මාණ කීපයක්






ඉන්දියානුවන් හොලිවුඩ් සිනමාවත් ආක්‍රමණය කරයි.ඕනෑම හොලිවුඩ් චිත්‍රපටියක නාමාවලිය තිරයේ දිස්වෙන විට දිග නම් එකක් , දෙකක් හෝ කීපයක් මා දකිනව. ඒ ඉන්දියන් කාරයන්ගේ.
ඒත් ළඟදී තිරයට එන  මේ හොලිවුඩ් චිත්‍රපටයේ රඟපාන මේ රැවුල් කාරයා ඉන්දියන්කාරයෙක් නොවේ. සුදේශ් මානගොඩගේ.


ප්‍රේමසිරි කේමදාසයන්ගේ "මානසවිල" වැනි අග්‍රගණ්‍ය නිර්මාණ වලට ගායනයෙන් හවුල් වී ඇති සුදේශ්  ඇමරිකාවට පැමිණියා. ඔහු මට මුල් වරට හමුවුනේ 1999 දී, නැසී ගිය රම්‍යා එදිරිසිංහ නිෂ්පාදනය කළ "නරිබෑනා" සමගයි.
ඉන් පසු කිසා සරච්චන්ද්‍ර නිෂ්පාදනය කළ "එලොව ගිහින් මෙලොව ආවා" , සොමී රත්නායක ගේ "රෝස මල් පාත්තිය " වැනි නාට්‍යවලට හවුල් උනා. ඔහු නළුවෙක් , ගායකයෙක් වගේම දක්ෂ ගිටාර් වාදකයෙක්.
ලින්ටන් සේමගේ නිෂ්පාදනය කළ "නිල්" චිත්‍රපටයට සංගීත සංයෝජනය කළේත් සුදේශ්.
මේ ඔහු රඟපෑමෙන් දායක වූ ඇමරිකන් නිෂ්පාදන.
Cymbeline - William Shakespere ( Original Music) Matthew Godfrey
October - Playhouse West ( Theater)
Grown Ups - Playhouse West (Theater)
Only Kidding - Playhouse West (Theater)
The Storefront Church -Playhouse West (Theater)
A Social Event - Holly Gagnier (Theater)
Orange Flower Water - Playhouse West (Theater)
Edmond - Playhouse West (Theater)
The Pillow Man -Playhouse West (Theater
Beneficent Spider - Colleen O"Halloran (Short Film)
Cruel & Harsh - Jose Vasquez (Short Film)
Become One - Ian Mantel (Short Film)
The Soup Investigates - E! TV Networks (TV)
Silent Love Story - Brianna Flores ( Short Film)
Dear America - New York Film Academy ( Short Film)
Thick As Thieves - Giovanni Florido (Short Film)
Love Trap - Long Moore Films (Short Film)
Charlene - Daniel Bang (Short Film)
Two Cranes - Bart Vandever (Feature Film)
Bunny Man III - Carl Lindberg (Feature Film)
Grand Auto Theft - Jeff Leroy/Sterling Ent. (Feature Film)

අපි ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.
*******************************
තෑගි.... තෑගි....තෑගි
කැලිෆෝනියානුවන්ට පමණයි.
ඔක්තෝබර් කලාපයෙන් අප තරඟයක් ඉදිරිපත් කලා මතකද ?
පිළිතුරු විශාල ප්‍රමාණයක් එවා තිබුනා. ඒත් ඒ එකක්වත් නිවැරදි පිළිතුරු නොවේ. අප නොවැම්බර් කලාපයේත් එම ගායකයා ගයන ගීයක් ඇතුළත් කරනවා.
මේ ගීය සුනිල් එදිරිසිංහයන් ගායනා කළ එකක්.
මෙහි එය ගයන්නේ ඔබත් - මාත් හොඳින් දන්නා අයෙක්. නොවැ. 25 ට පෙර හරියටම ලියා එවන්න.පිළිතුරු එවීමට contact us  පිටුවට යන්න.
වටිනා ත්‍යාගයක් ශ්‍රී ලංකා- විත්ති වෙතින්, ඔබට


මෙන්න ඔහු ගැන තවත් හෝඩුවාවල් කීපයක්.
මොහු ඇමරිකාවේ ප්‍රසිද්ධ වේදිකාවක ගී ගැයුවේ මට මතක විදියට 2000 දී රම්‍යා එදිරිසිංහ නිෂ්පාදනය කළ"වසන්තයේ සඳැල්ල" සංදර්ශනයේ.
මෑතකදී සුනේත්‍රා සරච්ච්න්ද්‍ර නිෂ්පාදනය කළ "ගී සර රංගන" හිත් තම දස්කම් පෙන්නුවා.
ඒ වගේම ලොස් ඇන්ජලිස් හි වේදිකා ගත කළ; "වෙල්ල වැහුම්",
"රත්තරං සහ එලොව ගිහිං මෙලොව ආවා", "දුපත", "පිනි බිංදු", "ගෙදර වාගේ තැනක්", "මනමේ..". නාට්‍ය වල රඟපෑවා.

හැමදාම හොඳ දෙයක් ලස්සනට දෙන, මව් රටින් ගෙන්වන අපේ කලාකරුවන්ට නිසි බුහුමන් දක්වන තුසිත ද සිල්වා ගෙන් 2015 දී සංදර්ශන රැසක්. click on; 2015 Sri Lankan Event Calendar.(help me to update this calendar)



 Sajini Weerasekara sings "Colors of the Wind"  at SouthBay got Talent Competition. Good Job Sajini.We are proud of you.

".............. Sri Lankans everywhere" 
...ඇමරිකානුවන් එහෙම කියන දිනය වැඩි ඈතක නොවේ.



ඔබට මධු මේහයද ?
(දියවැඩියාව තියෙනවද ?)
මෙන්න බේත. පාවිච්චි කර බලන්න. තනිකර කුරුඳු සාරය. No side effects 
More information , go here
truecinn.com

ඔබට හදවතක් තියෙනවද?  

ඔබේ හදවත තවත් ලස්සන කර ගන්න බැන්ගලෝරයේ හදවත් විශේෂඥ දොස්තර Devi Shetty  කියන්නෙ මොනවද බලන්න මෙතන ක්ලික් කරන්න.

A 63-year-old man who allegedly raped his 14-year-old granddaughter was arrested by the Sri Lankan police. The girl's mother works as an expat worker in the Middle East. Meanwhile, the teenager lives away from home to attend school, and had gone to her paternal uncle's home in the village during the holidays. The girl was sexually assaulted while she was staying there. Apparently, she had been raped several times already when the incident came to light.
චිඃ.. ඕව නං තිරිසන් වැඩ.. කොහොමද  ශ්‍රී ලාංකිකයන්ට මේ තිරිසන් ගති ලැබුණේ ? කියවන්න.. නව අර්ත කථනය.
විජය-කුවේණි

ඔන්න 2015 ජනවාරි මාසේ ඡන්දයක් තියෙනවාලු .
ලංකාවෙ. ජනාධිපතිවරණයක්.
කවුද දිනන්නේ ? ?


මෙයාද ?
මෙයාද ?
මෙයාද ?
කී දෙනෙක් මැරෙයිද දන්නෙ නෑ.
රැවටුනා ඇති.. හොඳටම ඇති. 2015 දී වත් මොළේ කල්පනා කරන්න. කවුරු දිනුවත් අපි ඔහෙලා එකම තැන. උන් හම්බ කර ගනී. ඒ නිසා.. මිනී මරා ගන්න එපා. අනුන්ගේ දැන්වීම් කපන්න එපා. හොර ඡන්ද දාන්න එපා. රජයේ දේපළ විනාශ කරන්න එපා. තව ටිකක් අහ ගන්න ඕනම නම් ඉහළින් තියෙන Politics පිටුව ක්ලික් කරල බලන්න.
     




Flag Counter