ශ්‍රි ලංකා-විත්ති - 2014 දෙසැම්බර් කලාපය


විචාරය Marriage Proposals    කවි පිටුව කතා පිටුව හිනා හිනා කාලීන
ලොව වටා ගීත කතන්දර Advertisements Contact Us දේශපාලන 2015 Event Calendar

ශ්‍රී ලංකාව ආයෙත් උණුසුම් වේ.
ලස්සන කොළඹ ආයෙත් කැතවෙයි.
දැන්වීම් , පෝස්ටර් , කටවුට්... පාට පාට පොලිතින් බිස්නස් කාරයන්ට ආයෙත් සරු කාලයක්.
පාතාල මැර හමුදා වලට ආයෙත් සරු කාලයක්.
පුවක් ගස් , උණ ගස්   , පොල් ගස් වලට අපල කාලයක්.
පොලිසියට වැඩ වැඩි වෙයි. .
මේ පෝස්ටර් අලවන හෝ ගලවන රජයේ යුනිෆෝම්ධාරීන්

ශ්‍රී ලංකා භූමියට බුදුන් වැඩියාට පස්සෙ උතුම් ආගමික නායකයෙකුත් එනවලු.
පාප් වහන්සේ ගෙන්වන්නෙත් අපි බොලවු.. අපිට චන්දය දියවු...
ඒ මගේ හිතේ ඇඳෙන  චන්ද පෝස්ටරයක්. එහෙම නොවුනොත් මම මගේ කණ කපා ගන්නවා. 
මොකද්ද මේ චන්දය කියන්නේ. කැමැත්ත.
එක් ඇමති කෙනෙක් මහ රෑ බංගලාවෙ ආයම්මගෙ කාමරේට රිංගල. ඇමති බිරිඳගෙ අතටම අහුවුනා. ඇමති තුමා මොනවද දන්නව කිව්වේ ?
" හා.. හා...ඩාලිං. කලබල වෙන්න එපා.. මම මේ ආයගෙ චන්දෙ ගන්න ආවෙ "

අපි ඇත්තටම අවංකව අපේ චන්දෙ පාවිච්චි කරනවද ?
1977  චන්දෙට මාසයක් තියෙද්දි  " සිරිමා- ශාස්ත්‍රී" ගිවිසුම යටතේ ඉන්දියාවට යවන්න නියමිත ද්‍රවිඩ ජාතිකයන් 50000 කට පුරවැසි කම් දුන්නෙ දිවංගත JR මහත්තයා.එයාල රට ගිනි තියල දිවංගත උනා.
(නිවැරදි කිරීමක්
මෙය 1977 නොව 1988 ජනාධිපතිවරණයට පෙර සහ ඒ J R  නොව R ප්‍රේමදාස ලෙස නිවැරදි විය යුතුය.)
ඊට පස්සෙ  මහ චන්දෙකදි මට මතකයි  මන්නාරම පැත්තෙ " තෙල් " හම්බ උනා කියල ගාල ගෝට්ටියක් ගියා.
චන්දයක් කිට්ටු වෙන කොට ගුරු පත්වීම් දෙනව. පාරවල් වලට තාර දානව.ලයිට් කණු හිටවනව. මේ අපේ රටේ චන්දෙ..
දේශපාලන විද්‍යාවේ පියෙක් ලෙස සැලකෙන ඉතාලි ජාතික මැකියාවෙලි කියල තියෙනව පාලකයෙක් ජනතාව රවටන්නට දැන ගත යුතුයි කියල. අපේ උන්ට මැකියාවෙලිගෙ පොත් කියවන්න ඕන නෑ. උන්ට ඒව උත්පත්තියෙන්ම ලැබිල තියෙනව.

ලංකාවෙ ජනාධිපතිකම කියන්නෙ තනතුරක් නෙවෙයි. එය මහත් ප්‍රතිලාභ , වරප්‍රසාද සහ විශ්‍රාම වැටුපක්ද හිමි වන රජයේ රැකියාවක්.
ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද ? කිසි දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට තමා හැට හුට හමාරක් උපදේශකයින් ඉන්නෙ.
ඇමරිකාවෙ උනත් එහෙමයි. මේ බලන්න හිටපු ජනාධිපති බුෂ් දුරදක්නය පාවිච්චි කරන හැටි.

හැම රජයේ සේවකයෙක්ම වයස අවුරුදු 55 න් විශ්‍රාම යා යුතුය. ශ්‍රී ලංකාවේ නීතිය ඔහොමයි. එහෙත් විශ්‍රාම වැටුපක් හිමි වන ජනාධිපතිට 55 න් විශ්‍රාම යන්න අවශ්‍ය නැහැ.

කෙනෙකුගෙ වයස 45 -50 වෙන කොට නොයෙක් ලෙඩ රෝග , නොහැකියාවන් ඇති වෙනව. එහෙමයි දෙවියන් වහන්සේ මවල තියෙන්නෙ. ඇස් පෙනීම , කණ් ඇසීම දුබල වෙනව. පාට වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න අමාරු වෙනව. තීරණ ගැනීමේ ශක්තිය අඩුවෙනව.හදිසි තීරණ ගන්න පමා වෙනව. ඊට අමතරව , අධික රුධිර පීඩණය , කොලෙස්ටරෝල් , දියවැඩියාව එහෙමත් එන්න පුළුවන්. අපි හිතමු ලංගම බස් රියැදුරෙක් වයස අවුරුදු 55න් පසුව සේවයේ යෙදුනොත් මගීන් 50 ක 60 ක ජීවිත අතුරේ නේද ? රතු ලයිට් එකේ නවත්තන්න පාට පෙනෙන්නෙ නෑ. හදිසියකදී තීරණයක් ගන්න බෑ. ඒ වගේද 20 කෝටියක් ජනතාව වෙනුවෙන් තීරණ ගන්න කෙනෙක් ?......

මේව හැමෝටම  එක විදියට බල පාන්නෙ නෑ. ඒත් සම්මතයක් හැටියට 55 න් ගෙදර යවන්නෙ , ඒ වැඩත් බැරි වෙන නිසා ආගමක් දහමක් අදහගෙන විවේක සුවයෙන් ඉන්න.

හැබැයි අපට උගන්නපු  , දැන් රජයේ ඇමති කෙනෙක් වන බන්ධුල ගුණවර්ධන කියනවා හැමදාම එකම දේ කරන කොට ඒ කරන වැඩේ ගැන විශේෂ දැනුමක් , ශිල්පීය දැනුමක් ඇතිවෙනව කියල. ඒකට ආර්තික විද්‍යාවෙ කියන්නෙ "විශේෂ ප්‍රාගුණ්‍ය" කියල.

හැබැයි එයාම කියව හැම දාම එකම දේ කරන කොට වෙනත් ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන් කියල. මානසික රෝග වගේ දේවල්.
හරිනේ.. ඒකනේ ප්‍රේමදාස ජනාධිපති ඉන්දියාවෙන් කට්ටඬියන් ගෙන්නල ශාන්ති කර්ම කළේ.
තෙල් මතුරල පාර්ලිමෙන්තුවෙ පුටුවල ගෑවෙ.
ගුවන් හමුදාවෙ හෙලිකොප්ටර් යොදා ගෙන කොළඹ නගරය පුරා මතුරපු අබ ඉස්සෙ.
ඇහි බැම ගෑවෙ.
කන්‍යාවන් ලවා නාව ගත්තෙ.
ලංකාවෙ ව්‍යවස්තාවට අනුව මහින්දට තුන් වරක් ඉල්ලන්න බැරිලු.... කෙහෙම්මල.. කිසි දෙයක් නොකරපු චන්ද්‍රිකාට දෙපාරක් තරඟ කරන්න ඇහැකි නම් , කොටි මරල රට බේර ගත්තු මහින්දට තුන් පාරක් බැරි මොකද ?

පහුගිය මාස වල තෑගි දිනා ගන්න පුළුවන් තරඟයක් ඇතුළත් වෙලා තිබුනා. ඔබට මතකද ?

ගොඩක් දෙනෙක් විසඳුම් එවා තිබුනා. ඒ ගීතය ගයන්නේ ,
තිස්ස මුණසිංහ
සුපුන් ද සිල්වා
විපුල ලියනපටබැඳි
ප්‍රියන්ත පෙරේරා ....කියල.
ඒත් නිවැරදි පිළිතුර ලියා එවුවේ කළ‍යාණි මාකලන්ද.
ඒ ගී දෙකම ගයන්නේ ශාන්ත සේනාධීර.
කළ්‍යාණිට හිමි ත්‍යාගය වටිනා
iSound
නිෂ්පාදනයක් වන HeadPhone සෙට් එකක් දැනටමත් ලබා දී තිබෙනවා.
---------------------------------------------------------------------------
කිතුණුවෙක් , බෞද්ධයෙක් , ඉස්ලාම් භක්තිකයෙක්, සිංහළයෙක් , ද්‍රවිඩයෙක් හෝ මුස්ලිම් ජාතිකයෙක් විදියට නොසිතා ශ්‍රීලාංකිකයෙක් ලෙසට අනුරාධපුරයට,පොළොන්නරුවට යන්න. කලාවැව අයිනේ ගසක් යට හෙවනට වාඩි වී මඳක් ඇස් පියා හිතන්න ඔබට දැනෙන දේ.
ඈත අතීතයේ ශ්‍රී ලංකාව සෞභාග්‍යයෙන් පිරි රටක්. 
විද්‍යාව හා තාක්ෂණය අතින් එතරම් දියුණු නැති එවන් කාලයක කොහොමද මේ තරම් උස දාගැබ් හැදුනේ ? කොහොමද මේ  තරම් විශාල වැව් බැඳුනේ. ? අවුකන බුදු පිළිමය වැනි උසස් කලා කෘති නිමා වුනේ ?
කවුද කියන්නේ අපි තුන්වැනි පන්තියේ මිනිසුන් කියා ?...
මුලින් සුනිල් එදිරිසිංහයන් ගායනා කළ මේ  මියුරු ගීතය ගයන්නේ ශාන්ත සේනාධීර. ඔහු එහි අර්තයත් ලස්සනට ඉදිරිපත් කර තිබෙනවා. ඔබ කලින් අහලා නැත්නම් එහි අරුතත් සමඟ රස විඳින්න.

-----------------------------------------------------------------
දුකසේ සැප විඳීම නොහොත් පිට රට වාසේ.....  කියවන්න මෙතැනින්
-----------------------------------------------------------------
පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති
ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ
සිරිමන්ත රත්නසේකර
තාක්‌ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්‌නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු 18 දා සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වූහ.
අප මෙවරත් ගීයක් ඉදිරිපත් කරනවා. හැබැයි මේකට තෑගි දෙන්නෙ නෑ. ගිලෙන නැවක් බඳු  ආණ්ඩුවෙන් ප්‍රබලයන් දෙන්නෙක් අස්වෙලා. ඒ ගැන ලියැවුනු ගීයක්. මෙම ගීය ගායනා කළ හැකි තනුවක් සහිත ජනප්‍රිය ගීතයක් තිබෙනවා.  පුළුවන් නම් සොයා බලා ඒ තාලයට ගයන්න.. නිකම් විනෝදෙට.
සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....
රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා
රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා
නානසාර ළඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....
(උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.)

හිනා වෙන්න. නිකම්ම නෙවේ.  සානුකම්පිකව හිනාවෙන්න.
නරඹන්න.. දුලීකා මාරපන, සුජීව ප්‍රියලාල් ඇතුළු දක්ෂයින් රඟපාන වේදිකා නාට්‍යය.. 2015 මැයි 09 දින.

අම්මට සිරි.. මේ කවුද මේ.. මම හිතුවේ ලකී ඩයස් කියල.
කාල්මාක්ස්ලගෙ , එංගල්ස්ලගෙ , ලෙනින්ලගෙ කතා ගිරවු වගේ කට පාඩම් කරවල , අපේ කොලු කෙල්ලන්ට උඩ ගෙඩි දීල , උන් ටයර් සෑ උඩ යවල....
දැන් කොහොමද.. අර කලින් තිබුනු සමාජවාදී පෙනුම එහෙම පිටින්ම ගිහින්..

විමල් වීරවංශ. 
හරියට දේදුන්නක් වගෙයි.......
කාලෙකට එතුමා රතු පාටයි..........
තව කාලයක් නිල් පාටයි........
තව කාලෙක කහ පාටයි.........
වෙලාවකට දේශහිතයිෂි පාටයි.......
ඉස්සර දුප්පත් පාටයි...... 
දැන් පිං පාටයි........

- උපුල් ශාන්ත සන්නස්ගල -
NEWS...NEWS...NEWS...NEWS....NEWS


Dr. Anushi Rajapaksa developed world first inhaled vaccine.
A Sri Lankan researcher Dr Anushi Rajapaksa has developed a potential alternative for needle vaccinations, successfully trying a method in which people can inhale a vaccine to safeguard against potential infections
Researchers from Murdoch Childrens Research Institute and Monash University also hope to use the matchbox-sized device to deliver stem cells into the lungs of premature babies to repair damaged tissue.
Dr. Anushi is a Lead Research Officer in Murdoch Childrens Research Institute at Royal Children's Hospital.

Another Rajapaksa ???????
ඒ රාජපක්ෂත් , මේ රාජපක්ෂත් හැර තවත් රාජපක්ෂලා සිටිත්ද ?
***************************************

Flag Counter

හෙටට පිපෙන මල්


Gagani Weerasekara
--------------------------------------------------------

Kiara & Siara Gunawardane.. We are proud of you. 



Congratulations
Dear Jayam:

Congratulations for receiving the Most Prestigious Award from the Sri Lanka Foundation, the "President's Award". This award exemplifies and resembles the tremendous service rendered to the Sri Lankan Community at large, not simply within the limits and boundaries of the United States but above and beyond the boundaries of the United States, around the world.

May God Bless You with great wealth of good health, to continue with the exceptional service to the Sri Lankan Community around the world. 

With best regards

J. Rex Perera   
Direct:  714-550-9880
Cell: 714-623-4502  Office:  714-550-9830

*********************************************************************

2014 SLAASC Leadership Award goes to.......



Prasanna Yamasinghe
YYYYYYES......! You deserve that !
Congratulations.