ශ්‍රී ලංකා-විත්ති -2015 ජනවාරි කලාපය


විචාරය Marriage Proposals    කවි පිටුව කතා පිටුව හිනා හිනා කාලීන
ලොව වටා Advertisements ලග්න පලාපල Contact Us දේශපාලන 2015 Event Calendar

ලැබුවා වූ නව වසර ;
කලට වැසි වසින
කලට කරල් පැසෙන
ලෙඩ දුක් අඩු
සැමට සතුට ලැබෙන
සුබ දායක එකක්ම වේවා... ශ්‍රී ලංකා-විත්ති ප්‍රාර්තනය කරයි


බුදුන් වහන්සේ 3 වරක්ම ලංකාවට පැමිණ ඇති බව පොත පතේ සඳහන් වේ. මින් පළමු ගමන සිදුව ඇත්තේ දුරුතු  මස එනම් ජනවාරියේය. බුදුන් වහන්සේ මහියන්ගනයට වැඩම කොට යකුන්ට දහම් දෙසා ඔවුන් දමනය කළ බවද පොත පතේ සඳහන් වේ.
ලොව පුරා වෙසෙන බිලියන 3 කට ආසන්න ක්‍රිස්තියානුවන්ගේ එකම ආගමික නායකයා වන පාප් වහන්සේද 2015 දුරුතු මස එනම් ජනවාරියේදී ලංකාවට සැපත් වීමට නියමිතය.
එදා බුදුන් වහන්සේ යක්ෂයින් දමනය කලාක් මෙන් පාප් වහන්සේද දැන් ඉන්නා යකුන් දමනය කරනවා නම්,.....
දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත. සහතික ඇත්ත අද මේ පැත්තෙ.. හෙට අනික් පැත්තේ..

එක පත අනා එකටම කෑ පෙර දවසේ
දෙපිළට බෙදී ඇත දෙදෙනා අද දවසේ
ඒ ගහෙන් මේ ගහට හිටු කියා පනින්නේ
දිය යටින් යනෙන ගින්දරත් පෙනෙන්නේ
ජනතාව කම්මුලේ අත තියා හිඳින්නේ
මෙව්වා බලන්නට  ඇයි අප උපන්නේ ?

සිත කලකිරී පැන පැන ආ ගෙඹිරාළේ
අත දී වැළඳ ගෙන සිප ගන්නා තාලේ
මට සිහි කළේ සෙල්ලම් කළ හැටි බාලේ
මුන්ට චන්දෙ දෙනවද  ? දෙන්නම් වාලේ
(අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි)


පාප් වහන්සේ බුදු දහම වැළඳ ගනී.

මේ යන විදියට එහෙම වෙන්නත් බැරි නෑ.
video

අපි කොල්ලො කාලෙ චක් ගුඩු පැන්න. ඔන්න ඉස්සෙල්ලම කණඩායම් දෙකේ නායකයෝ දෙන්න තමන්ට කැමති අය තමන්ගෙ පැත්තට ඇදල ගන්නව. ඊට පස්සෙ දෙපැත්තට බෙදිල ... අනික් පැත්තට බලෙන් ඇතුලු වෙල ඒ පැත්තෙ එකෙක් තමන්ගෙ පැත්තට ඇද ගන්න බලනව. ඉස්සෙල්ලම අහුවෙන්නෙ ටිකක් දුර්වල එවුන්. බලවත් එවුන්.. කපටි එවුන් අන්තිම මොහොත දක්වාම රැඳිල ඉන්න බලනව.දැන් මේ සිද්ද වෙන්නෙත් ඒ වගේ දෙයක් නෙවෙයිද ...?
වස විළි ලැජ්ජාවයි. රෙදිත් ඇඳගෙනද මුන් මෙහෙම කරන්නේ. ඊයේ රනිල්ගෙ පැත්තෙ ඉඳගෙන මහින්ද පතුරු ගැහූ එකා මේන් අද මහින්දට හේත්තු වෙලා රනිල් පතුරු ගහනව. මොකක්ද මේ  ජරා දේශපාලනේ ...?
මහින්ද හිටියා ඇති.. හොඳටම ඇති.. අපට වෙනසක් අවශ්‍යයි.. ඒත් ඒ වෙනස මෛත්‍රීපාල නම් නෙවෙයි.
තමන්ගෙ නායකයා වැරදි පාරක යනව නම් , කොමිස් ගහනව නම් , රජයේ දේපළ අයතා විදිහට පරිහරණය කරනව නම්, මහජන මුදල් කාබාසිනියා කරනවා නම් , ඒ බව තේරුම් ගන්නට අවරුදු 10 ක්ම බලා ඉන්න උනු එකනේ පුදුමෙ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදවන්න මෙවර බැරි උනොත් ලබන ආත්මයේදී යක්ෂයෙකු වෙලා ඇවිත් හෝ පළි ගන්නා බවට එක්සත් භික්ෂු පෙරමුණේ උප සභාපති මාලබේ සීලරතන හිමියෝ දෙවා වදාරති.

මේ පින්තූරයේ ඉන්නේ එහෙම වදාරන චීවරධාරියායි. 
සියළු සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. වෛර නැත්තෝ වෙත්වා..
ඇයි මුන් වහන්සේ මහින්ද රාජපක්ෂගෙන් පළි ගන්නේ..?
1987 දී අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා 33 දෙනෙකුගේ තට්ටා පැලූ නිසාද ...?
ඡන්දෙට පෙර ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු වීඩියෝවක්.

"බාබර්ට හැර
වෙන කාටවත් පාත් නොකරන
මගේ හිස ඔබට පා පිස්නක් කරමි"
මේ ඒ දවස් වල පුවත් පතක තිබුනු නිසඳැසකින් කොටසක්. එදා ලැබුනු ජනප්‍රියතාවය ඉතා වේගයෙන් මහින්ද රාජපක්ෂ  වෙතින් ඉවත්ව ගියේ මෙවන් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය නිසා නොවේද ...?

ආචාර්ය මර්වින් සිල්වා,නීතිය තම අතට ගෙන රජයේ සේවකයෙක් ගසක බැඳ දඬුවම් කළ ආකාරය.
ලංකාවෙ මේ දැන් යන දේශපාලන නාඩගම ගැන තවත් දේ කියවන්න ඉහත දේශපාලන පිටුව ක්ලික් කරන්න.

පෙර'ගිරින් හිරු නැගී එනවා අලුත් දවසක් එයි
පැතුම් දහසක් හිතට නැග එයි දිවියෙ සැප දෙස මුව
මාස දොළහක් ගත වෙලා ගොස් අලුත් වසරට  පය
බලමු මොහොතක් හැරී පස්සට අපට වැරදුනු තැන් 
කියා
අයා
තියා
සොයා
(ආනන්ද ගුණතිලක- මෙල්බර්න්-ඔස්ට්‍රේලියාව.)

නව වසර ඔබට කොහොමද ? 2015 ලග්න පලාපල මෙතැනින්කියවන්න.

හම්බන්තොට ධිවර වරාය නවීකරනය   
හම්බන්තොට වරාය පළමු අදියර 
බැංකු පසුකම් සහ තෙල් ටැංකි  
වරාය සහ ගුවන් තොටුපළ අතර අධිවේගී මාර්ගය  
සිරිබෝපුර අන්තර් ජාතික සම්මන්තුණ ශාලාව  
වියළි කලාපීය උද්හිද උද්‍යානය  
ගුවන් තොටුපල සඳහා වූ අමතර වැය  
කාර්යාල 42කින් යුතු පරිපාලන ගොඩනැගිල්ල  
හම්බන්තොට මහ රෝහල  
මහ්න්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය  
කිමි27 ක මාතර බෙලිඅත්ත දුම්ර්ය මාර්ගය  
සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය 
හිරු එළියෙන් විදුලි ජනක උද්‍යානය 
මත්ත්ල ගුවන් තොටුපලට මගී ගුවන් පාළම  
සිරිබෝපුර මගී ගුවන් පාලම 
හම්බන්තොට අන්තර් ජාතික කේන්ද්‍ර සංවර්ධනය  
විදුලි සංදේශ නියාමන වෙළධ මධස්ථානය 
මත්තල ගුවන් තොටුපල  
බෙලිඅත්ත නගර සහ වැව සංවර්ධනය  
මත්තල ගුවන් තොටුපලෙහි ඉන්ධන පර්යන්තය  
හම්බන්තොට වරාය දෙවන අදියර  
මාතර හම්බන්තොට කි.මි.90ක අධිවේග මාර්ගය  
373
 47,380
9,900
54,000
2,000
500
16,000
2,938
70,000
600
36,500
 700
1,300
3,090
2,675
33,200
 3,500
27,500
300
5,100
106.000
253,000

හායි මෙයාලා... කාට හරි මේ ගණන් ටික එකතු කරල දෙන්න පුළුවන්ද ?
මේ හම්බන්තොට සංවර්ධනයට වැය වී ඇති මුදල්. කජු ඇටද ? කොස් ඇටද ? රුපියල් මිලියන වලින්... 
කවදද මේ ණය ආපහු ගෙවල ඉවර කරන්නේ.... හ්  ?



එදා මහින්ද රාජපක්ෂ මහ පොළොව සිප ගන්නා විට මගේ දෑසින් කඳුළු කඩා වැටුනේ මටත් නොදැනීමය. එම වීඩියෝව නැවත නැවත බලද්දීද එය එලෙසම සිදු විය.
ඔහු අපට රජෙක් විය.
එහෙත් ඒ ජනතා ගෞරවය ජනතාව අතරින් ඉවත්ව ගියේ ඉතා වේගයෙනි.
එයට එක් හේතුවක් ලෙස මා දකින්නේ මේ පිස්සු අප්පලා - පුතාලාගේ ක්‍රියා කලාපයයි.

"මිනිසුන් රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණි." - හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
******************************************************************************
පෙර කලාප මෙතැනින් බලන්න පුළුවන්
2014

ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි
ජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තෝබර්නොවැම්බර්දෙසැම්බර්

  මේ වෙලාවෙ ශ්‍රී ලංකා විත්ති බලන අය.