2015 ජූනි කලාපය


විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් Contact Us

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


සිංහළ ගී අහන්න දවසේ පැය 24 පුරාම. 
MARIANS LIVE IN CONCERT- JUNE 06 th Saturday.. for more informations.. go to advertisement page
ජුපිටර් නම් දෙවියාගේ බිරිඳ එහෙම නැත්නම් දෙවියන්ගේ අග රැජිණ ලෙස සැලකෙන ජූනෝ වෙනුවෙන් ජූනි මාසය නම් වී තිබෙනව.
ජූනෝ ගැන තව දුරටත් කියනවා නම් ඇය තමා විවාහයට අධිපති දෙවඟන.
ඒ නිසාම ජූනි මාසය විවාහ වෙන්නට හොඳ මාසයක් ලෙස සැලකෙනව.
එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස හා වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ නිරෝෂන් කහවත්තට මංගල සීනු හැඬවුනේ මැයි මාසයේ. ජූනි වෙන තුරු ඉවස ගෙන බැරුවා වෙන්න ඇති.මංගල උත්සවය පැවැත්වුනේ සුප්‍රසිද්ධ හොලිවුඩ් පුරවරයේදීය.
ඔහුගේ මනාලිය වූයේ දුශාන්ති පුස්සෙගොඩ ය.

මංගල ඡායාරූප ගත්තේ ඇන්ඩි සමරසේනය.
පෝරුව හැඩ කළේ මොරාන් පෙරේරාය.
මනාලිය හැඩ කළේ නිෂාදි අබේවර්ධනය.
(වැඩි විස්තර සඳහා විශේෂාංග පිටුව බලන්න )

සොමී රත්නායකගේ රන් සළකුණ වේදිකා නාට්‍යය - 2015 ජූනි 27 දා ඔබේ සැමියා අනියම් පෙමක පැටලිලාද ? දැන ගන්නේ මෙහෙමයි. ශ්‍රී ලංකා විත්තියෙන් උපදෙස්. -> පෙරලන්න විශේෂාංග පිටුව
*************************
                                
                             හෙටට පිපෙන මල්
         

Dinithi  Perera graduated from CSUN, (California State University, Northridge)  in Cinema & Television Arts. 
She is the only daughter of Nelum Balasuriya & late Leslie Perera of North Hills,California . Dinithi is also an extremely talented musician who has enhanced many productions with her beautiful flute playing. Congratulations Dinithi.
******

Randhara Kotuwelle played Sitar for the first time at Bhakthi Gee Vesak Ceremony held at Sarathchandra Buddhist Center, North Hollywood recently. She is a student of Indu Wickramasuriya of Los Angeles..
Randhara is the daughter of Ruwan & Mayanthi Kotuwelle of West Hills , CA.We wish her good luck.

 ****************************************************************************

නීතියේ දෙවඟන
බයක් සැකක් නැතුව, කෙනෙකුගේ ධනය , බලය , තරාතිරම නොසළකා අපක්ෂපාතීව දෑස් බැඳ ගෙන හෝ සාධාරණ තීන්දු දෙන කෙනෙක්. 



එහෙත් දැන් ඇය ටික ටික හොරෙන් බලනවාවත්ද?
වෙලේ සුදා..
වෙලේ සුදා සපයන සාක්ෂි අනුව කුඩු කාරයන් උසාවියට ගෙන නො එන්නේ ඇයි ?
වල් වැදී තිබුණු නීතිය ටික ටික හිස ඔසවන බවට සුබ ලකුණු ඇතත් , ඒ කී දවසකටද ?
රන්වන් රැයක් - 2015 ජූනි 20 දා ***************************************************************************
ශ්‍රී ලංකාවේ කෘතහස්ත ආගමන- විගමන නිලධාරියෙක්  facebook එකේ status update කරන ගමන්ම රාජකාරියද කරන ආකාරය බලන්න. මෙවන් නිලධාරීන් රටකට සම්පතකි.  හොඳයි නෑ කියනවද ?

***************************
ලෝ වාසී සියළු පියවරුනට 2015 June 21, Happy Father's Day ! එකක්ම වේවා.
අම්මලාගේ දිනය මැයි 10 වෙනිදාටයි තිබුනේ. තාත්තලාගේ දිනය නම් ඒ තරම් සාර සුබාවට නෑ කවදාවත්. ඒ තාත්තලා ඒතරම් වැදගත් නොවන නිසා.
Maternity is a fact - Paternity is an opinion.
මාතෘත්වය සත්‍යයකි- පීතෘත්වය අනුමානයකි. නීති පොතේ ඇත්තේත් එහෙමය. 
*********************************************************************************
POLY+TRICKS=POLITICS




නැටුම් බලල , සිංදු අහල පොඩි වෙනසකටත් එක්ක ප්‍රවීන රංගධර සොමී රත්නායක නිෂ්පාදනය කරන " රන් සළකුණු " වේදිකා නාට්‍යය නරඹන්න එන්න.
කතාව කෙටියෙන්...
තම යහපත් අනාගතය පිළිබඳව සෙනෙහසින් බලා සිටි තරුණියට, මුදල් සහ වස්තුව මත සියල්ල රැඳී තිබෙන ලෝකයක තම සහකරුවා විසින්  ඉතා කුරිරු ලෙස තමා රවටා ඇති බව දැන ගන්නට ලැබෙන්නේ සියල්ල සිදු වීමෙන් පසුවය.  ඇයට ඇගේ ආදරණීය දරුවාද අහිමි වෙයි.
වසර විස්සක් ගෙවී යයි.
එක තැන පල් වෙන නිස්සාර ජීවිත ගත කරන ධනවත් මිනිසුන් ජීවත් වන ප්‍රාදේශීය නගරයක් වශී කරමින් , ඔවුන්ගේ ජීවිත කළඹමින් රටේ සිටින දක්ෂ , ජනප්‍රියම නිළිය රංගන චාරිකාවක් අරඹයි.
පාරේ දමා ගිය , ඒ නිසාම මුරණ්ඩු වුනු , හැම දෙනාගේම ගැරහුමට ලක්වුනු දෙවන පන්තියේ නළුවෙකු හදිසියේම අර නිළියගේ නෙත ගැටෙයි.
සියල්ල සිදුවන්නේ ඉන් පසුවය.

ප්‍රවීන ගීත රචක,චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රරත්න මාපිටිගම විසින් රචිත රන් සළකුණ වේදිකා නාට්‍යය,ශ්‍රී ලංකා නාට්‍යය මණ්ඩලය විසින් 1985 වසරේදී හොඳම වේදිකා නාට්‍යය ලෙස තෝරා ගෙන ඇත.
ප්‍රවීන රංගධර සොමී රත්නායක අධ්‍යක්ෂණය කරන රන් සළකුණ සංගීතවත් කරන්නේ ඩෙනිස්ටර් පෙරේරාය.


"දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා"

"ද්‍රවිඩ ජනතාවගේ සිත් පෑරෙන නිසා මෙවර යුද ජයග්‍රහන සැමරුම පැවැත්තුවේ නෑ"
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන-
ඉතාම වටිනා අදහසක්.
මේ ගැන ඔබේ මතය කුමක්ද ? දේශපාලන පිටුවට යන්න.

වෙලේ සුදා

දිගුකරකර බෙල්ල උඹ ඇවිදින        අතරේ
තනි කකුළකින් ඉන්නාහැටි වෙල්    නියරේ
වඩ වඩ බවුන්, නිසලව ඉන්නා         මිතුරේ
තිත්තයො ගමන දික් කෙරුවද මේ  සසරේ?

කුඹුරක් හානකොට නුඹ එහි    හිමිකරුවා
වාගේ ඇවිත් වැඩදෙස බැල්මක්  හෙළුවා
තිත්තයො, ගැඩවිල්ලුන්ගෙත් රස බැළුවා
රෑන පිටින් සමගිය පෙන්නුම්      කෙරුවා

බක ජාතකේ කකුළුවෙකුගෙ අඬු   අතරේ
කැපුනා බෙල්ල මතකද? මා පිය   මිතුරේ
කරපු අමන කම් බෝමයි පෙර      සසරේ
එනමුත්, තාම පරපුර ඇත  උන      පඳුරේ

දිය සිඳි විළක ඉදිබුවෙකුට පිහිට             උනා
එතනදි නුඹේ යහ ගතිගුණ              ඉලිප්පුනා
උඹෙ හඬ ඇසුණි  ගෙයි වහළෙට උඩින් ගෙනා
ඒ හින්දාම මගෙ හදවත                තිගැස්සුනා

අම්බරුවන්ට මිතුරුව උඹ හිටියෙ          එදා
ඒයාළුවොත් දැකගන්නට නැතිය        මෙදා
තිත්තයො ගමනක් ගොස් ඇත නො එන සදා
යටගිය දවස  නැවතත් නොම වේවි        උදා

නිමල් පෙරේරා - Las Vegas