2015 July


විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකා ඉතිහාසයට මහා කළු පැල්ලම් දෙකක් එක් කළ මාසයකි ජූලිය.
හැබැයි මළ ජූලියයි කියන කියමන ඊට කලකට පෙර සිටම තිබුණු එකක්. ජූලි හත මහා නරක දවසක්.

තම අයිතිවාසිකම් ඉල්ලා, වැඩිවුනු ජීවන වියදමට වැඩි පුර සොච්චමක් ඉල්ලා  ආරම්භ කල මහා වැඩ වර්ජනය නිසා ලක්ෂයකට පමණ රැකියා අහිමි විය.
1980 ජූලි වැඩ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැඩි වන ජීවන අංකය සඳහා රුපියල් 5ක දීමනාවක් සහ කම්කරු පන්තියට රුපියල් 300ක වැටුප් වැඩි වීමකි. එවැනි ඉල්ලීමක් කරා යන්නට කම්කරු පන්තියට සිදු වූයේ ජයවර්ධන ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් කම්කරු පන්තිය මත අධික ජීවන බර පැටවීම නිසාය. යූ.ඇන්.පී.ය බලයට පැමිණ ගතවූයේ අවුරුදු තුනකි. එතෙක් පැවැති විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙළෙඳ ආර්ථිකයකට මාරුවීම පිණිස දිළිඳු සහන කපා හැරීම, ජයවර්ධන ආණ්ඩුව අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වූයේය. සලාක පොත අහෝසි කිරීම, රජයේ සේවකයන්ට බලපෑවේ ඒ වන විට රජයේ සේවකයන්ටත් සහල් සලාකය ලැබෙමින් තිබූ නිසාය.
කම්කරු පන්තිය මත පැටවූ මේ පීඩනය නිසාම වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ බලය තහවුරු කරගෙන සිටි වමේ ව්‍යාපාරය වර්ජන තීන්දුවක් කරා ගමන් කළේය. එහෙත් එය දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා කොමියුනිස්ට්, සම සමාජ පක්‍ෂවල දේශපාලනික තීන්දුවක් මිස කම්කරු වෘත්තීය ව්‍යාපාරයේ ශක්තිය පදනම් කරගනිමින් ගන්නා ලද වර්ජන තීන්දුවක් වූයේ නැත.
සමාජයට මුහුණ දී ගත නොහැකිව විශාල පිරිසක් දිවි නසා ගත්තා. පවුල් අවුල් උනා.

ඉන්පසු එවකට තිබුණු නිදිමත වාමාංශික පක්ෂ පරදා ඉදිරියට එමින් සිටි JVP එකට බිය වුනු J R  ජාතිවාදී අරගලයක් ඇති කොට තවත් ජීවිත ගණනාවක් වනසා දැම්මා.
පාරක මැරි සිටින මීයෙකු දුටු විටත් "අනේ-අපොයි" කියන ජාතියක්  මිනීමරුවන් ලෙස හංවඩු ගැහුනා.
මේ කළු පැල්ලම් තවමත් අපට මකා ගත නොහැකිව තිබේ.
                                   **************************************
OLD  is  GOLD
ඒ ස්වර්ණමය යුගයට යළිත් පිවිසෙන්න. 50' , 60' දශකයේ මියුරු ගීතාවලියක රස විඳින්න.. 2015 අගෝස්තු මස 08 වන දින .
ගී අම දහරා
Heritage Hall
8150 Knott Avenue
Buena Park , CA 90620
*******************************************************************
"If you have tears.. prepare to shed them now...."
"උඹලාගේ ඇස්වල කඳුළු ඇත්නම් ඒවා වැගිරවීමට ලෑස්ති වෙයල්ලා. හිතක් පපුවක් නැති කුරිරු මිනිසුනේ..."
ඒ විළියම් ශේක්ස්පියර් ගේ ජුලියස් සීසර් නාටකයේ  ජුලියස් සීසර්ගේ අවමගුලේදී මාර්ක් ඇන්තනි කරන ප්‍රකාශයක්.
ජූලි මාසය නම් කර ඇත්තේ රෝම පාලකයෙකු වූ ජුලියස් සීසර් නමින්.


Experience is the teacher of all things. - Julius Caesar

නම්බුව නැති කර නොගත් ,  නොදන්න දේශපාලනයට  ගොස් කොලේ ඉරා නොගත් නළුවන් සිටී නම් ඒ අතලොස්සක්.  2015 ජූනි 16 දා  , අපේ කාලයේ සිංහළ තිරයේ පෙම්වතා ටෝනි රණසිංහ මිය ගියා.
ජුලියස් සීසර් සිංහළයට පරිවර්තනය කලේ ටෝනි රණසිංහය.







**********************************************
කපුටෙක් ගහක උස අත්තක් උඩ වාඩි වෙලා හිටියා. හෙල්ලෙන්නෙවත් නැතුව විනාඩි 5 ක් විතර.
බිම පඳුරක් යට හිටි ගෙම්බෙක් මේක දැක්ක . ඌටත් හිතුන මොනවත් නොකර නිකම් ඉන්න. ගෙම්බ කපුටට කතා කලා.
" ඒ..යි. යාළුවේ.. මම බලා ගෙන උඹ ඔතනට වෙලා දැන් විනාඩි 5 කටත් වඩා වැඩියි.  මටත් පුළුවන්ද එහෙම ඉන්න.?"
" මොකද බැරි"
ඔන්න දැන් ගෙම්බත් පඳුර අස්සෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නවා. ටික වෙලාවයි ගත උනේ කෑම සොයමින් යන නරියෙක් එක කටට අර ගෙම්බා ගිලල දැම්මා.
ආදර්ශය: ඔබට කිසිවක් නොකර නිකම් සිටින්න අවශ්‍ය නම් ඔබ ඉහළ තැනක සිටිය යුතුය.
Sri Lankans are always on top!
ගුවන්යානා නඩත්තු ඉංජිනේරුවෙක් ලෙස ඇමරිකාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක්.
Dhyan Hewage
Dhyan Hewage recently graduated from North Torrance High School. He is also  a very talented artist.His ambition is to be a Computer Engineer.We wish him good luck.

Lahiru Perera

Lahiru Perera graduated from Long Beach Polytechnic High School with high honors. Lahiru Will be attending Cal-Poly, San Luis Obispo this fall and majoring in Computer Engineering .
Lahiru with parents and  sister Ayesha.
ඕස්ට්‍රේලියාවේ , ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයින් තිදෙනෙක් තම තමන්ගේ සොයා ගැනීම් ගැන පුරසාරම් කියමින් හිටියා.
අපි අඩි 500ක් යටට හාරන කොට තඹ කම්බි රැහැන් කීපයක් හමු උනා. ඒකෙන් ඔප්පු වෙනවා අවුරුදු 500කට කලින් අපේ රටේ දුරකතන පහසුකම් තිබුනා කියන එක. ඕස්ට්‍රේලියන් කාරයා කිව්වා.
අපේ රටේ අඩි 1000ක් යටට හාරන කොට තඹ කම්බි හමු උනා.. ජර්මන්කාරයා කිව්වා.
අපේ රටේ අඩි 2000ක් හාරලත් කිසි දෙයක් හමු උනේ නැහැ.
ලංකාවේ පුරා විද්‍යාඥයා කිව්වා.
"ඒ කියන්නේ ?" අනික් දෙන්නා එකවරම ඇහුවා.
"ඒ කියන්නේ අවුරුදු 2000කට පෙර අපි cell phone  පාවිච්චි කරල තියෙනවා කියන එක"

Cell Phone  එකකින් ඇති ප්‍රයෝජන:
අපි ඉස්සරහට අපේ තරහකාරයෙක් එනවා නම් තිරය දිහා බලා ගෙන Text එකක් යැවීමට පුළුවන් නැත්නම් ලොකු බිස්නස් එකක් ගැන කතා කරන්නට පුළුවන්.
*************************************
මාස තුනෙන් සෝවාන් වෙන්න.. පාඨමාලාවට ඇතුළුවීමට ඔබ කැමතිද ?
ඔබේ මව සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?
ඔබේ පියා සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?
ඔබේ සැමියා සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?
ඔබේ බිරිඳ සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?
ඔබේ පෙම්වතා සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?
ඔබේ පෙම්වතිය සෝවාන් කෙනෙක් නම් කොතරම් හොඳද ?

එහෙම අහන්නේ කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ..
ඇත්ත වෙන්නත් පුළුවන්. අනාගත මගුල් දැන්වීමක මෙහෙම තිබුණොත්..?
පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් ඇති,වයස අවුරුදු 30 යි. උස අඩි 5. 11" යි. දුම්පානය නොකරන , නිකමටවත් ගීනොගයන,ගීනොඅසන,මදුරුවෙක්වත් නොතලන,දැනට සෝවාන් මාර්ගයට පත්වී ඇති (නොබෝ දිනකින් සකෘදාගාමී වීමට බලාපොරොත්තුවෙන් සිටින)පවුලේ එකම පුතුට දෙමව්පියන් සොයනුයේ දායාද සහිත , මනා පෙනුමැති , උගත් , සෝවාන් ඵලයට පත්ව ඇති  දියණියක්ය.
ශ්‍රී ලංකා විත්ති හරහා අයදුම් කරන්න.
වැඩේ පංකාදුයි. ඒත් සෝවාන් වුනු පිරිමින්ට , ගෑනු නම් කැමති නැති බව මගේ විශ්වාසයයි.
( අපි නොදන්න ගෑණු )

අපි කවදාවත් නොදුටු එහෙත් අපගේ හිතවත් සුමුදු රණවකගේ  ඉල්ලීම මත රෝගීව සිටින දෙනියායේ බන්ධුල ප්‍රියන්ත මහතාට ආධාර රැස් කර ගැනීමට සංගීත ප්‍රසංගයක් මැයි මස 30 වන දින පැවැත්වූවා. එය ඉතාමත් සාර්තක වුනා.
ඉන් උපයා ගත් මුදලින් වියදම් අඩු කොට $ 6355ක් (රුපියල්835,000 ක්) දැනටමත් බන්ධුල මහතාගේ ගිණුමට යවා තිබෙනවා. බැංකු  තැන්පත් කුවිතාන්සි අප සතුව තිබෙනවා. අවශ්‍ය කෙනෙකුට එය  බලන්න පුළුවන්.

"Live a good honorable life. Then when you get older and think back , you 'll be able to enjoy it a second time" - Dalai Lama
අපි නොදන්න ඉංග්‍රීසි.
A ship shipping ship ships shipping ships.
දන්නවානං කියමු බලන්න මේකෙ තේරුම ..
අපිට ඉස්සර වාතයක්ම වූ පීරියඩ් එක තමා ඉංග්‍රීසි. ඉතිරිය කියවන්න ඇතුළේ පිටු බලන්න.

ලංකාවට තෑගි යවන කප් රුක ආයතනය මට ඊ මේල් එකක් එවා තිබුනා.. ජූනි මස 21 වන දින පියවරුන්ගේ - තාත්තලාගේ දිනය Happy Father's Day සැමරෙනවා කියා.. ඔබත් ඔබේ ෆාදර්කාරයාට මොනවත් යැවුවද ? කවුද මේ කාරයා.. විශේෂාංග පිටුව බලන්න.


Happy Birthday Jeyam
23rd June.
ලෝකයට ශිෂ්ටාචාරය ගියේ ශ්‍රී ලංකාවෙන් කියල හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වූ වි.ජ.මු.ලොකුබණ්ඩාරයන් කීවා. එවකට රටේ හිටි බක පණ්ඩිතයො එතුමාට හිනා උනා...
(ඉතිරිය කියවන්න ඇතුළේ පිටු බලන්න.)


මේ මජර ආණ්ඩුව ඉක්මණින් ගෙදර යැවිය යුතුයි.
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක.

දියුණුව 


Family Get Together

රාජපක්‍ෂගම හොල්මන් මානසික රෝගයක්‌..


මසුරං කියුං
විවාහය වනාහී;
මිතුරෙකු සඟ රෙස්ටොරන්ට් එකකට ගොස් කෑම කනවා වාගේය.දෙදෙනා වෙන වෙනම තමන් කැමති කෑම ඇණවුම් කරයි.අනෙකාගේ කෑම එක දෙස බලා තමා එය කෑවා නම් වඩා හොඳ යැයි සිතයි.
==================================