2015 August

2015  - AUGUST

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


ගෝස්තු කියන්නෙ ඉංග්‍රීසි කැළැන්ඩරයට  අනුව 8 වන මාසය.8 කියන්නේ ශ්‍රී ලාංකික අපිට ඉතාම වැදගත් ඉලක්කමක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිංහළ බෞද්ධයන්ට...අට සිල්- පෝයට සමාදන් වෙන්නේ 8 සිල්. එතන 8 යි. 
"ඒ තේජසිං ජයමගුල් ඔබටත් ලැබේවා.. ජයමංගල ගාතාත් 8 යි."
ජනවාරි 8 අපේ රටේ සදාචාරාත්මක ආණ්ඩුවක් , යහ පාලනයක් බිහි වූ දවස - එතනත් 8 යි.ඒ වගේම යහපාලනයක් එපා කියල පනස් 8 ලක්ෂයක් මහින්දට කතිරෙ ගැහුවා.. එතනත් 8 කැපිල පෙනෙනවා.
ඒ විතරක්යැ, අපේ හමුදාවෙ වැදගත් මහත්මයෙකු ලෙස සැලකුණු සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව රණ විරුවා  මරා දැමුනේත් 8 වෙනි මාසෙ 8 වෙනිදාකයි.
වෙලාවකට තරහත් එනව මේ ඉලක්කම් එක්ක,
කවුරු හොයා ගත්තද මන්ද මේ ඉලක්කම්?.. 
හැබැයි ඉලක්කම් බොරු කියන්නෙ නෑ...

Figures don't lie
8 ගැන වැඩි දුර කියවන්න විශේෂාංග පිටුවට යන්න. ඔබට පිස්සු හැදෙයි.
මසුරං වටින කියුං
ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු මසන්නාය. ඔබට අනීපයක් වූ විට ඔබ සොයා යන්නේ දක්ෂතම වෛද්‍යවරයාය. එහෙත් සියළු කලාවන් අතරින් උසස්ම කලාව වන දේශපාලන කලාව සඳහා ඔබ තෝරා ගන්නේ අදක්ෂ කපටියන් රැලකි.
~ප්ලේටෝ~
*ප්‍රජාතන්ත්‍රවාදය අපට ආවේ පිට රටින්ය. රටින්  බඩුවක්  ගේන කොට ඒත් සමගම එය පාවිච්චි කරන  ආකාරය ගැන manual  එකක්ද  එනවාය.ප්‍රජාතන්ත්‍රවාදය යනු manual එකක් නැතුව  ආ භාණ්ඩයක් මෙනි.එය ක්‍රියා කරන ආකාරය ගැන  අපට තවම අවබෝධයක් නැත.
*ප්‍රජාතන්ත්‍රවාදය යනු ටික දෙනෙක් වෙනුවෙන්  බොහෝ දෙනෙක් දුක් විඳීමය.

පසු ගිය පාර්ලිමේන්තුවේ අ.පො.ස.සාමාන්‍ය පෙළ අසමත් ගරු මන්ත්‍රී උතුමන්ලා 90 කට වඩා සිටියා. එම පාර්ලිමේන්තුවේම ගරු මන්ත්‍රී උතුමන්ලා 2 ක් ගතවූ වසර 10 ට එකම වචනයක්වත් පාර්ලිමෙන්තුව තුළ කතා කර නැහැ. අගෝස්තු 18 දාත් එවන් ගොන් හැත්තක් පාර්ලිමෙන්තුවට යවනවාද ? නැද්ද ?
UNP එකට ඡන්දය දෙන්න එපා. මහින්දට නොදෙන ඔබේ වටිනා ඡන්දය JVP එකට දෙන්න. අපට ඇති එකම විකල්පය එයයි. හැමදාම කොළ-නිල්-කොළ-නිල්.. පොඩි වෙනසක් දකින්න ආස නැද්ද? ඔය JVP සහෝදරවරුන්ට කතා කරන්න වගේම වැඩත් පුළුවන්ද කියල බලා ගන්න චාන්ස් එකක් දීල බලන්න.


1980 ජූලි වැඩ වර්ජනය නිසා රැකියාව අහිමි වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා යළි සේවයේ පිහිටුවන ලෙසටත් , 1980 සිට හිග වැටුප් ගෙවන ලෙසටත් යහපාලනය නියෝග කරයි.
අප්පද බොල කිව්වලු.. ලොටෝ එකක් ඇදුන වගේ..

ගී අම දහරා.... පැරණි මියුරු ගී අහන්න කැමති ඔබට මහඟු අවස්තාවක්.. වැඩි විස්තර සඳහා දැන්වීම් පිටුව බලන්න.
ගෑණු වෙලා ඉපදෙන්නෙ ඉහත ආත්මවල පවු කරපු අයලු. කාමයෙහි වරදවා හැසිරුණු අයලු.  එහෙම කියන්නේ දැනට අනාගාමී වී ඉන්නා බව කියන භික්ෂූන් වහන්සේ කෙනෙකි.  වැඩි දුර කියවන්න විශේෂාංග පිටුව බලන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2015 අගෝස්තු 18 පැවැත්වෙන මැතිවරණයට ප්‍රධාන පක්ෂ 3 විසින් මහජනයාට ඉදිරිපත් කළ සුරංගනා කතා නොහොත් ප්‍රතිපත්ති මාලාවන් ශ්‍රී ලංකා විත්තියට කියවන්නට පුළුවන් උනා.
ඒ අනුව අපගේ නිගමනය;
කවුරුන් හෝ පැරදෙන පක්ෂ 2 ම " අනේ අපි පැරදුනු එක වඩා හොඳයි" කියා 2015 අගෝස්තු 19 දා කියනු ඇත.
ඒ තරමටම ඒ එක පොරොන්දුවක්වත් ඉෂ්ට කළ නොහැකි ඒවාය.
ඒ නිසා බොරු පොරොන්දු වලට නොරැවටී උගතුන්, ප්‍රඥාවන්තයන් , රටට ආදරය ඇති පිරිසක් වෙනුවෙන් ඔබේ වටිනා කැමැත්ත ප්‍රකාශ කරන්න.
නූතන සිරිසඟබෝ



Our Venue is changed !  Yes, we moved to Pasadena


Pasea Colorado
280 E Colorado Blvd , Pasadena , CA 91101
9.00am - 9.00pm
ඔබට කන්‍යාවක් අවශ්‍යද ? ඉස්ලාම් IS හමුදාවට බැඳී වීරයෙකු වන්න.
ඉස්ලාමීය මිනීමරු IS  හමුදාවට බැඳී ඇමරිකන් ගුවන් ප්‍රහාරයකින් මිය මුල්ම ශ්‍රී ලාංකිකයා ගැන අද කලාපයෙන් කියවන්න.

මහින්ද සමග නැගිටිමු.

යුද අපරාධ සිදු කළා යයි කියන , මිනී මැරුවා යයි කියන , සුනාමි ආධාර පුද්ගලික පරිහරණයට යොදා ගත්තේ යයි කියන ,රජයේ අරමුදල් වංචා කලා යයි කියන,  මහා පරිමාණයේ යෝජනා ක්‍රම වලින් "ගැහුවා"යයි කියන මහින්දම ආපහු ඉල්ලන්නේ ඇයි?
මොනවද මේ යුද අපරාද කියන්නේ. ? ඇතුළේ පිටු 
කියවන්න.

UNP එකට කතිරෙ ගහන්න හිතා ගෙන ඉන්න අයට පොඩි ප්‍රශ්න පත්තරයක්.
*2015 ජනවාරි 8 දායින් පසු බලයට පත්වූ යහපාලන ආණ්ඩුවෙන් ඔබලා බලාපොරොත්තුවූ දේවල් ලැබුණාද ?
*රටින් පලා ගිය LTTE. සාමාජිකයන් ආපසු රට තුලට එමින් සිටී. ශ්‍රී ලංකා හමුදා , බැරැක්ක වලට සීමා කර තිබේ. උතුරේ හමුදා කඳවුරු  ක්‍රමයෙන් වැසී ගෙන යයි. රට සුරක්ෂිතයි කියා ඔබ සිතනවාද ?
*ඇමරිකන් ඔත්තු කරුවන් සහ ඉන්දියානු RAW ඔත්තු කරුවන් රට  පුරාම. ඔවුන් මෙහි ඇවිත් සිටින්නේ අපට හෝ අපේ රටට   ආදරෙන්   යයි ඔබ සිතනවාද ?
* ඉරාකයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට යයි කියමින් ඉරාකයට කළ  දේම නොවේද ඔවුන් මේ අපට කරන්නට යන්නේ ?
* UNP දෙමළ මන්ත්‍රී වරුන්ද , TNA  එකද , විග්නේෂ්වරන්ද මේ   එළිපිටම ඉල්ලන්නේ ඊළම නොවේද ?

ධර්මපාල තුමා මිනී වලෙන් නැගිට කතා කරයි

මව්බිම අනතුරේ . සිංහළයිනි නැගිටියව්. මව්බිමේ ආරක්ෂාව අනතුරේ. අපිට තියෙන්නෙ ඔය හතරැස් හැතැප්ම 25000 විතරමයි නේද ? 
ඊයේ පෙරේදා ඉපදුනු ගානට කතා කරන්න එපා. මතකද ? 2009 ට ඉස්සර. රෙද්ද අස්සෙත් එක්ක බෝම්බ පිපිරුනා. මැරුනේ එකා දෙන්නා නෙවෙයි. බුරුතු පිටින්.
එපා.. UNP එකට ඡන්දෙ දෙන්න එපා. 29 වතාවක් පැරදුනු  නපුංසකයන්ට බලය දෙන්න එපා. මේ ඔබගේ තීරණාත්මක අවස්තාවක්.

රනිල්ට රට ගැන කැක්කුමක් නෑ. කොටි පරදවන්න බෑ කියපු රනිල්. දැන් ඔය හැම තැනම බය නැතුව යන්නේ මහින්ද රාජපක්ෂ නිසයි.

අපට රටක් තියෙනවා. එය රැක ගත යුතුයි. ඇරල බලන්න yahoo මුල් පිටුව. කොටි අපිට දණින් වැටෙන්න ගැහුව කාලෙදිවත් මෙච්චර ශ්‍රී ලංකාව ගැන ප්‍රවෘත්ති පළ කලේ නැහැ. දැන් හැමදාම headline  එක ශ්‍රී ලංකාව ගැන. අපේ කාට හරි කැස්සක් ගියත් ඒක මුල් පිටුවේ.මුන් අපෙ රට ගැන ඇහැ ගහ ගෙන ඉන්නෙ. ඒ අපට ආදරෙන් නම් නෙවේ.
යාපනේ හමුදා කඳවුරු ටිකෙන් ටික අයින් කරනවා. වෙනම පාලනයක් ඉල්ලනවා. ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල්  උඹ උපන් රට දෙකඩ කරන්න හදනවා. ලංකාව පුංචි රටක් උනාට ඒකීය රාජ්‍යයක්. එහෙම රටවල් තියෙනවාට ඇමරිකාව කැමති නෑ. කුඩා කුඩා රටවල් තිබුනාම උන්ට ඕන ඕන විදියට නටවන්න පුළුවන්.
මේක සිංහළ රට..  ආයෙ දෙපාරක් හිතන්න එපා. UNP එකට ඡන්දෙ දෙන්න එපා. 
ලිබියාවට මොකද කලේ ? ඉරාකයට මොකද කළේ ? මේ ගැන හිතන්න. ඔබේ කුඩා දරුවා ගැන හිතන්න.

Flag Counter