2015 October

2015 ඔක්තෝබර් - වප් මස කලාපය

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


පඬිවදන් යනු අප සැවොම හොඳින් දන්නා , එහෙත් කිසි කෙනෙක් පිළි නොපදිනා වදන්ය..

*දියේ ගිලෙන්නාට පිදුරු ගහත් යදමකි.
*ඔබේ දරුවාට බෙහෙත් වෙනුවට කෑම දෙන්න. නැතහොත් ඔහු වැඩුනු පසු ඔහුට කෑම වෙනුවට බෙහෙත්   දීමට සිදුවනු ඇත.

අයං වස්සාන කාලො-වස් සහ වප්

වස් විසීම මහජනයාගේ ඉල්ලීම මත සිදුවූවකි. ජෛන ශ්‍රාවකයන් ඇතුලු අන්‍ය තීර්ථයෝ වැසි කාලයෙහි තම ආරාමවලට වී සිටිති.පක්ෂීන් පවා ගස් මුදුන්හි කූඩු තනාගෙන ජීවත් වෙති. බෞද්ධ භික්ෂූන් පමණක් චාරිකාවේ හැසිරෙති. මෙය මහජනයාගේ දෝෂ දර්ශනයට හේතුවිය. මේ මහජන විරෝධය ගැන සැලකූ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ තම ශ්‍රාවකයන් වැසි සමයෙහි එක් තැනකට වී වසන්නට නියම කරණ ලෙසයි. මේ ගැන අවධානය යොමු කළ බුදුරදුන් ‘අනුජා නාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් නීතියක් පැනවූහ. එදා සිට බෞද්ධ භික්ෂූන් වස්සාන ඍතුවෙහි වස්ව විසීම සිදු කළහ.

වස්සානය පටන් ගන්නේ ඇසළ පෝය නිමා වීමත් සමඟමය.  තුන් මසක කාලයක් සියළු භික්ෂූන් , ගිහියන්ගේ ඇප උපස්තාන ලැබ ආරාම තුළටම වී කල් ගත කළ යුතුය. එය නිමා වන්නේ වප් මසය. එනම් ඔක්තෝබරයේය. වප් යනු බීජය. වස්සානය නිමාවීමත් සමගම බීජ වැපිරීමට සුදුසු වේ.

සියලු වෙහෙර විහාරස්ථාන වල වස් අවසාන කථින පිංකම් වප්  පෝ දිනයත් සමග ඇරඹේ.

ලොස් ඇන්ජලිස් ධර්ම විජය විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 03 සහ 04 දිනවල පැවැත්වේ. පිං කැමති සියල්ලෝ පැමිණෙත්වා  !

කෙටි කලකට හෝ මරණීය දණ්‌ඩනය ගෙනෙන්න.
දඹර අමිල හිමියෝ ජනපතිගෙන් ඉල්ලති
ළමා අපචාර හා මත් කුඩු සම්බන්ධ අපරාධකරුවන්ට කෙටි කාලයකට හෝ මරණීය දණ්‌ඩනය ලබාදෙන්න යැයි තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.


A  hopper nite !
දන්න හඳුනන කට්ටිය හමුවෙල- කොහොමද ජීවිතේ ? මොකද වෙන්නේ කියල අහල.. ටිකක් විනෝද වෙන්න මිසක්. එහෙම නැතුව ආප්පයක් කන්න ඔච්චර දුර යන්න ඕනද ? අපි නොදන්න ආප්ප. මෙන්න ලිපිනය; 14944  Landerwood drive,Corona , CA 92880

                                        
 *************************  
                                    
ථෙරවාදී බුදු දහම පවතින  රටකට  මරණීය දණ්ඩනය සුදුසු නෑ..
Religion is Poison- Mao Tse Tung
මේ යන අපරාධ රැල්ල  පාලනය කිරීමට නම් එල්ලුම් ගහ නැවත ගෙන ආ යුතුමයි.
මරණ දඬුවම පැමිණවීම සඳහා ලෝකයේ විවිධ රටවල් භාවිතා කරන ක්‍රම:
විශේෂාංග පිටුවෙන් බලන්න.
**********************

අපි ඇමරිකාවට හිස් අතින් ඇවිල්ල නෑ.ලෝකයේ කොහේවත් නැති ලස්සන සංස්කෘතියකුත් අරගෙනයි ඇවිත් තියෙන්නෙ. ඔබට පිනි බිංදු මතකද ?

ඔබේම හුස්ම වැටෙන රිද්මයට කන් දෙන්න.
පිනි බිංදු- 2 නව අංගයන් රැසක් සමඟ... 2016 ජනවාරි මස 09 දා...
**************************
(දුර්වල සිත් ඇත්තන් මෙම ලිපි කියැවීමෙන් වළකින්න.)

කිරි සිනා
පස් හැවිරිදි සේයා දැරිය දූෂණය කර මරා දමයි.
තුන් තිස් පැයේ බණ කියන රටක් - බණ අහන රටක්...........
තම ආශාවන් සංසිඳවා ගැනීමට මහල්ලන් කුඩා දරුවන් තෝරා ගන්නෙ ඇයි ?
විශේෂාංග පිටුව බලන්න.
වයස අවුරුදු 45 , 50 ඉක්ම වූ ඔබේ පවුලේ ඥාතිවරයෙක් , මිතුරෙක් , අසල්වැසියෙක් ඔබේ හය හතර නොදන්නා දරුවාට අසාමාන්‍ය ලෙස ආදරය පෙන්වයි නම් , අසාමාන්‍ය ලෙස සුරතල් කරයි නම් , තෑගි ගෙනැවිත් දෙයි නම් , ඔහු කෙරෙහි කල්පනාවෙන් සිටින්න. මේ අබුද්දස්ස කාලයයි.
***************
යුද්දෙ නම් ඉවර වෙලා අවුරුදු 6ක්ම වෙනව. රට වෙනුවෙන් ජීවිතේ කැප කළ අපේ හමුදාවෙ කොල්ලො කෙල්ලො අමතක කරල දානවද ?


**************************************
මිතුරන් යනු කවුරුන්ද ?

**************************
උගත්කම නිසා හිස උදුම්මවා ගත් පණ්ඩිතයෙක් ගඟක් හරහා ඔරුවකින් එගොඩ වෙමින් සිටියේය. තොටියාට පොඩි සවුත්තුවක් දැමීමට සිතු ඔහු;
" ඒයි තමුසෙ දන්නවද භූගෝල විද්‍යාව?"
" නෑ.. සර්"
"තර්ක ශාස්ත්‍රය , ඉතිහාසය ?"
" ඒත් නෑ.. සර්"
චැහ්.. තමුසෙගෙ ජීවිතෙන් 1/2 ක් ම වැඩක් නෑ"
" තමුසෙ  එහෙනම් වීජ ගණිතය , ජ්‍යාමිතිය දන්නවද ?"
" නෑ සර්..නෑ"
" තමුසෙගෙ ජීවිතෙන් 3/4 ක්ම වැඩක් නෑ"
මොහොතකින් තද රළ පහරක් විත් ඔරුව පෙරළුනි. පණ්ඩිතයා පෙරලුනු ඔරුවේ යාන්තමින් එල්ලී සිටියේය.
" සර්.. පීනන්න දන්නවද ?"
" නෑ ඕයි.."
" එහෙනම් සර්ගෙ ජීවිතේ සම්පූර්ණෙන්ම වැඩක් නෑ"   තොටියා එසේ කියමින් පණ්ඩිතයාද රැගෙන ගොඩට     පිහිනුවේය.



නැණැති දනා
පමණ දැනා
දරු සුරතල්
බලනු මැනා

මේ ආණ්ඩුවේ හොරණෑව වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඒ කාලයේ දින පතා ප්‍රචාරය කළ දැන්වීමක්. ඒ විතරක් නොවේ, දරුවන් නොලැබෙන්නට වඳ සැත්කම් කර ගන්නා ගැහැණුන්ට සහ පිරිමින්ට රජයෙන් රුපියල් 500 ක දීමණාවක්  ලැබුනා. ඒ කාලේ හැටියට එය විශාල මුදලක්. සල්ලි වලට කෑදර කමින් අවිවාහක තරුණ තරුණියන් පවා මේ සැත්කම කර ගත්තා.පිටුපසින් හිටියේ රාජ්‍ය නොවන සංවිධාන. විදේශ බලවේග. ඊට පස්සෙ මැදපෙරදිග ගිය අපේ කෙල්ලො ඕනෑ දේකට සූදනම් සැරීරෙ කියල වඳ සැත්කම කර ගෙනයි මැද පෙර දිග ගියේ.
ඊටත් පස්සෙ යුද්දෙ නිසා විශාල සිංහළයන් පිරිසක් මිය ගියා.

තව වසර 25 කින් අපි අපේම රටේ සුළු ජාතිය බවට පත්වන එක වලක්වන්න බැහැ.

Beautiful Morina- Model & Actress 
Priceless Smiles of Sri Lankan Girls
(pic- Good news from Jayam)

                   
පමා වී ලැබුනු 2015 ශ්‍රි ලංකා දින පින්තූර කීපයක්
මේ වගේ ලස්සනට හිනා වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ අයට විතරමයි.

අභිමාණවත් ජාතික ගීය

වේදිකාවට ගොඩ වීමට පෙර අවසන් උපදෙස්

ඇමරිකාවේ සාර්තක ජීවිත ගත කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් කීප දෙනෙක්


මේ ලංකාවෙන් ගෙනා අය නොවේ.. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්

දොස්තර ලක්ෂ්මන් මාකඳුර සහ මහත්මිය

මාකඳුර යුවළ ආනන්ද අමරවංශ සමඟ

Flag Counter