2015 November

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


2015 - ඉල් මස කලාපය


 පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
  සැමරුම් දින නැති විරුවන් පිරිසක්
රෝහණ විජේවීර (සහෝදරයා) මා මුලින්ම ජීවමානව දුටුවේ බත්තරමුල්ල , තලවතුගොඩ හෝ නුගේගොඩ පැවති රැස්වීමකදීය. මට අපූරු මතක ශක්තියක් තිබුණි. වයස් ගත වීම නිසා දැන් දැන් එම මතක සටහන්   සැලෝලයිට් නෙගටිව් පටයක රූප මෙන් හඳුනා ගැනීමට අපහසු ඒවාය.
එහෙත් රෝහණ විජේවීර සිහි වෙන විට මගේ හිසට එන්නේ කෝපයක්ද , වෛරයක්ද , දුකක්ද යයි වෙන් වෙන් වශයෙන් හඳුනා ගත නොහැකි සිතිවිලි ගොන්නකි.
රටට අවශ්‍ය නැති කාලයක අනවශ්‍ය විප්ලවයක් හඳුන්වා දී රට උඩු යටි කුරු කිරීමට සමත් වූ මේ මිනිසා මරා නොදමා ඒ වෙනුවට ඔහු සිර ගත කළ යුතුව තිබුණි.
දුර පෙනෙන නුවණක්ද චතුර කතිකත්වයක්ද තිබුණු රෝහණ විජේවීර, යම් දිනයක දමිළයන් බලවත් වී නැගී සිටින බවද , ඔවුන් ඊළම පිහිටුවා , ඊට තමිල්නාඩුවද , සිංගප්පූරුවද , මැලේසියාවද යා කර ගනිමින් " ද්‍රවිඩස්තානය" නිර්මාණය කරන බවද කියා සිටියේ මීට වසර 50 කට පමණ පෙර සිටය. එදා ඔහු කී අද සත්‍ය වෙමින් පවතින බව නොපෙනේද ?



ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට නොවැම්බර් 13 දිනට වසර විසි හයක් සම්පූර්ණ වෙයි.
ගොඩඋඩ විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද රෝහණ විජේවීර මොස්කව් රාජ්‍ය මිත්‍රත්ව සරසවියේ අධ්‍යාපනය ලබන අතර එය අත්හැර දමා විප්ලවකාරී මාවත තෝරා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ කලින් එන්.ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  කණ්ඩායමක් ද සමඟ ඉන් ඉවත් වීමෙනුයි. ඒ 1960 දශකයේ අග භාගයේ දීය .
1971 අප්‍රියෙල් මාසයේ පස් වෙනිදා රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල දියත් කළ අතර එය අසාර්ථකත්වයෙන් කෙළවර වූයේ විශාල ජීවිත විනාශයක් ද සමඟයි.
1971ට පෙර ලංකාවේ තිබුනු වාමාංශික යයි කියා ගත් කොල්වින්,කෙනමන්,ඇන්.ඇම්ලාගේ නිදිමත සම සමාජ පක්ෂ  පරදා ඉදිරියට එමින් හුන් ජනතා විමුක්ති පෙරමුණ ගැන බියට පත්වූ JR රජය කළු ජූලියක් නිර්මාණය කොට එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණ පිට පටවා එහි සාමාජිකයන් බුරුතු පිටින් මරා දැමීය.

නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් නැති, පැහැදිලි ඉදිරි දර්ශනයක් නැති,බොරු පොරොන්දු දෙමින් කලින් කලට ජනතාව රවටන අමනයන්ට වඩා ඔහු අපූරු මිනිසෙකි. ශ්‍රී ලංකා විත්ති කියවන පාඨකයන් අතුරින් යතාර්තවාදීව සිතන අයගේ ආචාරය ඔබට......
මුකවාඩම් බැඳ එකෙකු නසන කළ
දනිව් සුවහසක් යළි උපදින බව
************************
ලංකාවට යහපාලන වසන්ත කාලය උදා වන විට ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ 2 කි. කුමාරසිංහ සිරිසේන මහතා සභාපතිත්වයට පත් වු වහා එය ලක්ෂ 9 බවට පත්ව පසුව ලක්ෂ 30 ක් බවට පත් විය. සියලු දීමනා සමඟ ලක්ෂ 90 ක් ඔහුට මාසිකව ලැබිණි. දැන් ඔහු වැටුප ලෙස රුපියල් කෝටියක් ඉල්ලා සිටින බව වාර්තා වේ.
(kasapabbatha)

හීන මානයට බෙහෙත් නැත.
තමාට පහර දීමට එන අයෙකුට මිස නිරායුධ වෙනත් අයෙකුට කිසි විටෙක පහර නොදෙන්න. ඔබට නිළ ඇඳුමක් අන්දවා , මහජන මුදලෙන් වැටුපක් ගෙවන්නේ ලේ - මස්- ඇට වලින් සැදි තවත් කෙනෙකුට පහර දීමට නම් නොවේ. 
වැටුප යනු ශ්‍රමයට ගෙවන කුලිය වේ.
~කාල් මාක්ස්~

   To enlarge.. click on the picture

Salon Nishadi
www.nishadibridalcreations.com

*********************************
A TRADITIONAL SRI LANKAN DANCE CONCERT BY THATH~ JITH DANCE TROUP, NOVEMBER 14TH, 2015---MARSEE AUDITORIUM AT EL CAMINO COLLEGE, TORRANCE CA 90506


Sri Lanka Foundation  මගින් සංවිධානය කරන ලද Family Fright Day ඔක්තෝබර් 25 ඉරිදා Pasadena හි Brookside උද්‍යානයෙදි  පැවැත්විනි.
මේ එහිදී Halloween  ඇඳුමින් සැරසුනු  කිහිප දෙනෙක්.




Halloween  මට පෙනෙන හැටියට.... කියවන්න විශේෂාංග පිටුවෙන්

~ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත~
මේ ඉතා පැරණි කියමනක්. මෙම කියමන බොරුවක් කරමින් ශ්‍රී ලංකාවේද වෙනත් බොහෝ රටවලද පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර කීපයක දස්කම් දක්වනව.හොලිවුඩ් තාරකාවක් වන ජෙනිෆර් ලෝපෙස් එවැන්නියක්. JLO නමින් ප්‍රකට ඇය රඟපෑමටත් , මෝස්තර නිරූපනයටත් , නර්තනයට මෙන්ම ගායනයටද දස්කම් පෙන්වනව.

දැනට ඇමරිකාවේ ජීවත්වන භද්‍රජී මහින්ද ජයතිලකත් එවැන්නෙක්. ඔහු  ITN -රූපවාහිනියේ සල් මල් යාය නම් වැඩ සටහනට කළ සාකච්ඡාවක් සහ  ලංකාවේ පුවත් පතක් සමඟ කළ සාකච්ඡාවක්  අද කලාපයේ විශේෂාංග පිටුවේ.
“පුර සඳ මුදුන්ව ලොව එළිය කරමින් බලා සිටියි.
ගං දිය රැළි රිදියෙන් දිලිසෙයි.
එහෙත් මේ අලුයම් කාලයේ මුලු ලොව අඳුරුය.
මඟ පෙන්වන පහන කොහිද?
පහන නොවේ ඇත්තේ දහම් ආලෝකයම පමණි.”
මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් භද්‍රජී විසින් ලියන ලද නවකතාවක්..

ඇමරිකාවේ ජීවත් වන මේ පොඩි කෙල්ලත්  නැටුමට , ගැයුමට , වාදනයට මෙන්ම අධ්‍යාපන කටයුතු වලදීද දස්කම් පෙන්වනව..
පබෝධා රත්නායක නම් ඇය,  ඇගේ ගීත අඩංගු CD තැටිය "සත් සමුදුරෙන් මෙහා"
2015 නොවැ. 28 දින නිකුත් කරනවා. ඒ වෙනුවෙන් කෙටි උත්සවයක් එදින;
8150 Knott Avenue, Buena Park, CA 90620 හි හෙරිටේජ් ශාලාවේදී පැවැත් වෙන බව පබෝධා ගේ දෙමාපියන් වන සුනිල්/පුෂ්පා රත්නායක ශ්‍රී ලංකා විත්තියට දන්වා සිටියා.ඇතුළුවීම සඳහා ගාස්තුවක් අය කරන්නේ නැති බවද සීමිත ආරාධිතයන් පිරිසකට දැනටමත් ඇරයුම් පත් යවා ඇති බවද  වැඩි දුරටත් කියා සිටියා.
*********************************
ප්‍රීත් පෙරේරා- ගිටාරය , තෂ්මි පෙරේරා- කී බෝඩ් එක ; තාත්තයි දුවයි සමඟ රමණී වීරසිංහ හාමෝනියම් එක උදව් කර ගෙන වාදනය කරන්නේ  පරණ ඉංග්‍රීසි ගීයක්.
Talented Sri Lankans living in Los Angeles





UPComing Sri Lankan Events - Los Angeles

මේ ලංකාවේ... ඒ කියන්නේ අපි උපන් රටේ පිටිසර ගමක ලස්සන දර්ශනයක්. ලස්සන කියන වචනෙ හරි මදි.. මේ පිංතූරෙ දැක්කම හිතට දැනෙන දේ කියන්න මා දන්නා වචන මදි.
****************************
දෙවියන්ට වඩා බ්‍රහ්මයන් උතුම්ය.
දෙමව්පියන්  බ්‍රහ්මයන්ටත් වඩා උතුම්ය.
බ්‍රහ්මාති මාතා පිතරෝ

සුවිසල් මැදුරක ජීවත් වන  එක් කාන්තාවක්....  ඔව්.. ඔව්.. සිරි ලංකාවෙ තමා..සුරතල් බලු පැටවුන් තම කාමරයේ දමා ගෙන සුරතල් කරයි. 
තමා හැදූ වැඩූ තම මහළු පියා නිවස අපිරිසිදු කරන නිසා බලු කූඩුවේ දමා වසයි.
ඇය දියණියක , ගැහැණියක තබා බැල්ලියක නමින් වත් හැඳින්වීම නුසුදුසුය. බල්ලන් සතුවද උදාර ගති ගුණ ඇති නිසාය. Yes.. she is a bitch..
***********************

මේ වෙසක්  තොරණක් නොවේ. විශාලනය කරන ලද DNA අණුවක ආකෘතියක්. දැන් දැන් හැමෝම කතා වෙන DNA. හැබෑටම මොනවද මේ DNA කියන්නේ ?

සේයා , කොණ්ඩයා, DNA  සහ මරණ දණ්ඩනය - විශේෂ ලිපියක්- ඇතුළේ පිටුවල.
Flag Counter