2015 DECEMBER

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.
හැම කුණු ගොඩක්ම බේරුවල් බොක්කට කීවා වාගෙ , සුනාමි එන්නෙත් ලංකාවට , සුළි සුළං එන්නෙත් ලංකාවට. ලංකාවෙ තියෙන කුණු මදිවට අභ්‍යවකාෂයෙනුත් කුණු එන්නෙ ලංකාවට.


පෘතිවියේ පාලනයෙන් මිදෙන එහෙම නැත්නම් අත්හැර දමන ලද චන්ද්‍රිකා කොටස් ඉහළ ආකාශයේ එක් තැනක ගොඩ ගැසෙන බව මීට බොහෝ කලකට පෙර විද්‍යාඥයන් සොයා ගත්තා. මහා විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතාද පැවසුවේ මෙම කොටස් එක් රැස් වන්නේ ලංකාවේ දකුණු පැත්තේ ඇති උණ වටුනට ඉහල අහසේ බවයි.. පෘථිවියේ එක් එක් තැන් වල ගුරුත්වාකර්ෂණය වෙනස්. ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්තාන කීපයක්ම වේ. එයිනුත් ලංකාවේ උණවටුන ප්‍රදේශයේ ගුරුත්වාකර්ශණ බලය ඉතා අඩු බව දැන් සොයා ගෙන ඇත. රාම රාවණ යුද්ධයේදී රාවණගේ හී පහරක් වැදී මරණාසන්න වන රාම කුමරු සුවපත් කිරීමට නම් හිමාලයට ගොස් එහි ඇති බෙහෙත් පැලෑටි වහා ගෙන එන ලෙස හනුමන්තාට නියම විය. කලබලයට පත් හනුමන්තා බෙහෙත් පැලැටි වල නම වත් අසා නොගෙන වහා හිමාලයට ගියේය. බෙහෙත් පැලෑටි ඇති කන්දෙන් කොටසක්ම කරේ තියාගෙන ලංකාවට පනින විට ඉන් කොටසක් ගැලවී පොළොවට පතිත විය. එලෙස වැටුනු - උනා වැටුනු තැන - උනවටුන නම් විය. ලංකාවට ආවේණික නොවන බෙහෙත් පැලෑටි තවමත් එහි වැවෙන බව ගම්මු කියත්. ඒ උනා වැටීමත් , අභ්‍යාවකාශයෙන් කුණු උනා වැටීමත් අතර යම් සම්බන්ධයක් ඇද්ද ?

A young Afghan woman was stoned to death after being accused of adultery, officials said Tuesday, a medieval punishment apparently recorded in a video that harks back to the dark days of Taliban rule. The 30-second clip run in Afghan media shows a woman in a hole in the ground as turbaned men gather around and hurl stones at her with chilling nonchalance. The woman, named by officials as Rokhsahana and aged between 19 and 21, is heard repeating the shahada, or Muslim profession of faith, her voice growing increasingly high-pitched as stones strike her with sickening thuds.



අපට වෙනත් රටක නීති රීති වෙනස් කළ නොහැකිය. එහෙත් තනි අතකින් අත්පුඩි ගැසිය හැකිද? ඇයත් සමග අනාචාරයේ හැසිරුනු පිරිමියා කොහේද? පළමු ගල ගසන්නේ සමහර විට ඔහු විය හැක.

*********************************
අපේ කතුන් 9 දෙනෙකු මරා දැමීමට එරට අධිකරණය තීරණය කරයි. විදේශ රැකියා කටයුතු ~පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල~
අනාචාරයේ හැසිරීමේ වරදට එක කාන්තාවක් ගල් ගසා මරා දැමීමට නියමිතය. එහෙත් ඇගේ හවුල් කාරයාට හිමිවී ඇත්තේ කස පහර 100 ක් වැනි සොච්චම් දඬුවමකි.
අපේ කතුන් මැදපෙරදිග වහල් වැඩට යැවීම නැවැත්විය හැක්කේ කෙසේද ? විශේෂාංග පිටුවට යන්න.
දුර්වල සිත් ඇති අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න.
කිසිදාක පවක් නොකළ පිරිමින් විසින් පව්කාර ස්ත්‍රියකට ගල් ගසා මරන අයුරු...ජේසු ස්වාමි දරුවනේ... මේ අපරාධය බලනු මැනවි.

*****************************************************
ISIS - Islamic State of Iraq & Syria

ඉස්ලාමික යුද්ධය කාගේද ? කා සඳහාද ? ආගම වෙනුවෙන් ජීවිත පූජා කරමින් සටන් කරන ISIS සටන් කාමියෙකු අල්ලා ගත් විට තම ජීවිතය වෙනුවෙන් කුඩා දරුවෙකු මෙන් හඬා වැලපෙන ආකාරය බලන්න.
ISIS or ISI-sissy ?

 ******************************************



තත්~ජිත් ප්‍රසංගයේ තවත් පින්තූර සහ වීඩියෝ සඳහා විශේෂාංග පිටුව බලන්න. 
Video: Sunil Semasinghe **********************************************************************

තේරුම් ගැනීමට අපහසු පාලි පාඨයන් වෙනුවට සරල සුගම යෙදුම් යොදා ගනිමින්, මුල-මැද-අග මනාව ගලපමින් දහම් දෙසන ජනප්‍රිය හිමිවරුන් හිටි ගමන් අපවත්වීමට හේතුව කුමක්ද ?
එදා පානදුරේ අරියධම්ම , ඊට පසුව ගංගොඩවිල සෝම , දැන් මාදුළුවාවේ සෝභිත ?.....

UP Coming Sri Lankan events - Los Angeles

Talented Sri Lankans living in Los Angeles
Dhyan Hewage - Guitar
Sahan Senaratne - Flute

***********************************************
අළුත් සංගීත කණ්ඩායමක් දොරට වඩී..
නිර්මාණ

රමණී වීරසිංහ , නයනානන්ද සෝමරත්න , ආනන්ද රණසිංහ , ධ්‍යාන් හේවගේ , සමන් බමුණු- ආරච්චි , දයාන් වික්‍රමරත්න , තෂ්මි පෙරේරා , සහන් සේනාරත්න යන අයගෙන් සමන්විත මෙම නව සංගීත කණ්ඩායම ලබන වසරේ තම පළමු ප්‍රසංගය පැවැත්වීමට සූදානමින් සිටී.
*************************************
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙ මෙන්න මේවට. Jane the Virgin නම් ජනප්‍රිය ටෙලි-කතා මාලාවේ Jane ගේ ළමා කාලය නිරූපණය කරන අමාරා ගේ වයස තවම අවුරුදු දෙකක්වත් නැහැ. කාටද කියන්න පුළුවන් ඇය හෙට අනිද්ද හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරයිද කියල. එහෙම උනොත් අපිටත් ආඩම්බරයක්. ඒ ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තියක් නිසයි. අපි ඇයට සුබ පතමු.

***********************
අලුත් චිත්‍රපටයක්- සුමේධ ජයසේනගේ නිෂ්පාදනයක්

The Letter
දෙමළ-සිංහල යුද්ධය තේමා කර ගත් චිත්‍රපට, ටෙලි නාට්‍ය හැට හුට හමාරක් හැදෙන්න ඇති පහු ගිය කාලෙ. මේ චිත්‍රපටයත් යුද්ධය පසුබිම් කරගත් එකක් වගේ මට තේරුනේ.
දැන් යුද්දෙ ඉවර නිසා මෙය ලංකාවෙ කොහොම මාකට් වෙයිද කියන එක මට ප්‍රශ්නයක්. හැබැයි එක දෙයක් කියන්න ඕන, මදාරා ජයසේන අති ප්‍රබල රංගන දායකත්වයක් දෙනව. ඇය දක්ෂ නිළියක් වීමේ ඉඟියක් මෙහි කියා පානව. බලමු චිත්‍රපටය එළියට ආවාම?

*********************************
තවත් අළුත්ම චිත්‍රපටයක්... ළඟදීම
"මතක දෑසක් නිසා"


Women’s Socioeconomic Empowerment Project  මේ ගැන දැන ගන්න ඇතුළේ පිටු වලට යන්න.
********************************************
ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගෙන් ලියුකේමියා සුවකරන ප්‍රතිකාරයක්‌
චතුර පමුණුව
ලියුකේමියා රෝගය සුව කිරීම සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක්‌ සොයාගත් ලාංකික වෛද්‍යවරයකු පිළිබඳව තොරතුරු බී. බී. සී. වෙබ් අඩවිය මගින් වාර්තා කර ඇත.
Dr. Sujith Samarasinghe BSc, MBBS, MRCPCH, FRCPath,PhD 
සුජිත් සමරසිංහ නමැති මේ වෛද්‍යවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ ප්‍රතිකාර නිසා ලෝකයේ පළමු වරට සුවකළ නොහැකි ලියුකේමියා රෝගයකින් පෙළුණු අවුරුද්දක්‌ වයසැති දැරියක්‌ සුවය ලබා ඇත. ලන්ඩනයේ Great Ormond Street රෝහලේ මේ දැරිය ප්‍රතිකාර ලබා ඇත. ලයිලා නමැති මේ දැරියට පරිත්‍යාග කරන්නකු ගෙන් සුදු රුධිර සෛල ගෙන එය විද්‍යාගාරය තුළ නවීකරණයට ලක්‌කර ලියුකේමියා සෛල විනාශ කළ හැකි විශේෂ ජාන විශේෂයක්‌ තමා ඇයට එන්නත් කළ බව වෛද්‍ය සමරසිංහ මහතා කීය. මේ ප්‍රතිකාර ක්‍රමය ළමුන්ට පමණක්‌ නොව වැඩිහිටියන් සඳහා ද යොදාගත හැකි බව වෛද්‍ය සුජීත් සමරසිංහ මහතා කීය. ලයිලා ඉපදී මා තුනේදී ඇය ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව සොයාගෙන ඇත.
*******************************************
ජපනා- හපනා
If you can't understand Japanese , turn off the speaker and read subtitles.
පෙට්‍රල් නිෂ්පාදනයෙදී අතුරුපලයක් ලෙස නිපදවෙන HGL-Hydrocarbon Gas Liquid වලින් ප්ලාස්ටික් සාදනු ලබයි. මේ ජපන් ජාතිකයා කල්පනා කලා එය ආ පිට හරවන්න.  ඒ කියන්නේ ප්ලාස්ටික් වලින් පෙට්‍රල් හදන්න.
හැබැයි මේ ක්‍රමයට සොසේජස් වලින් ඌරන් හෝ හරකුන් හදන්න බැරි වෙයි.
***********************************
ඔබ වයස අවුරුදු 40 ඉක්මවූ පුරුෂයෙක්ද ? ඔබ අනිවාර්යයෙන්ම මෙය කියවිය යුතුය.
What do you know about Prostate Cancer ?
*************************
පිනි බිංදු Dew Drops- Cultural Concert...09th January,2016 Flag Counter