2016 January

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


ඔබ සැමට සුබ නව වසරක් වේවා

2016 New Year Catholic Mass in Sinhala
The mass will be celebrated by Rev. Fr. Damien Fernando. 
Date and Time : January 02, 2016 at 11.30 a.m.
Venue:             Maria Regina Catholic Church
                         2150 West 135th Street
                         Gardena, CA 90249
******************************
සුදට සුදේ සුදු රැවුල දිගයි
මේ එන්නේ නත්තල් සීයයි
ලෝකෙ ඉන්න වේගවත්ම  සහ ශක්තිමත්ම පුද්ගලයා කවුද කියා දැනගන්න මෙවර විශේෂාංග පිටුව බලන්න.
******************************
මහ මුහුදේ පාවී ආ විය ගහක සිදුරක් තුළින් කණ කැස්බෑවෙක්  අහස දිහා බලවා වගේලු මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න එක. ඒක කවදාවත් වෙන්න බැරි දෙයක් .. මොකද කණ කැස්බෑවා කියන්නේ පොට්ට කැස්බෑවෙක්..
බෞද්ධ සාහිත්‍යයේ එහෙමයි කියැවෙන්නේ.
ඉපදීම දුකයි
මරණය දුකයි
ජීවත්වීම ඊටත් වඩා දුකයි.
බුදු බණේ කියැවෙන්නේ එහෙමයි.
ඒත් අර තරම් අමාරුවෙන් ලබා ගත්  මනුෂ්‍ය ආත්මය සතුටින් ගත කරනවාද  ?... විනෝදෙන් ගත කරනවාද? අනික් අයටත් උදව් කරමින් සාර්තක ජීවිතයක් කරා ගෙන යනවාද?.... එහෙම නැත්නම් ඉපදීම දුකයි.. මරණය දුකයි කිය කියා තැවි තැවී ඉන්නවාද? වඩා හොඳ කොයි එකද කියා ඔබම තීරණය කර බලන්න.
නිර්මල බුදු දහම විකෘති කරමින් උපාය ශීලිව බුදුදහම මිනිසුන්ට එපා කරවන චීවරධාරීන් ගෙන් ප්‍රවේශම් වෙන්න. උන් හැම තැනම. ඔබේ තරුණ දුව/ පුත්‍රයා ප්‍රවේශම් කර ගන්න.
ජීවිතය කාළගුණය වගේ. දවසක් හොඳට පායනවා. අහස නිල්ම නිල් පාටයි. තැනින් තැන සුදු වළාකුළු. තව දවසක අහස කළු පාටයි. ඊ ළඟට වැස්ස. ගංවතුර... ආයෙම හොඳට පායනවා. ගස් වැල් දළු ලනවා. මල් පිපෙනවා. ජීවිතයත් අන්න ඒ වගේ.
ජීවිතය සුන්දරයි. ලස්සනයි...ජීවිතය විඳින්න.. විඳවන්න එපා...
සසරේ ඉමක හැඟුමක් හද නැගෙන              
රැවටිලි වලින් හිත පිරිසිදු කෙරෙන              
බුදු පණිවුඩය ගැන හරියට දැනෙන               
මේ දුක් කන්දරාවෙන් ගැලවෙනව            
තුරු
තුරු
තුරු
බොරු
~ආනන්ද ගුණතිලක~
*****************************
ඔබ උපන්නේ ජනවාරි මාසයේ නම්, ඔබ ;
* උත්සාහවත් ඒ වගෙම ටිකක් සීරියස් කෙනෙක් 
* ඉගෙන ගන්න වගේම උගන්වන්නත් කැමති  කෙනෙක්
* අනෙක් අයගේ දුර්වලතා හොයන කෙනෙක් 
* අනෙක් අයට කණ් දීමට කැමති කෙනෙක් 
* මහන්සිවී වැඩ කරන කෙනෙක් 
* දක්ෂ, පිළිවෙළට වැඩකරන කෙනෙක්
* සංවේදී.. ගොඩාක් දුරට හිතන කෙනෙක් 
* අනෙක් අය සතුටු කිරීමට දන්නා කෙනෙක් 
* බොහෝදුරට නිශ්ශබ්ද කෙනෙක්
* නිතරම ලෙඩ හැදෙන කෙනෙක් නොවේ නමුත් නිතරම සෙම්ප්‍රතිෂ්‍යාවට ගොදුරු වන කෙනෙක්
* ආදරය කිරීමට , විඳීමට කැමති කෙනෙක් මෙන්ම  එය කියා ගැනීමට ටිකක් අපහසු කෙනෙක් 
* ළමයින්ට ආදරය කරන්නෙක් 
* තනිවම හිඳීමට ප්‍රිය කරන්නෙක්
* විශ්වාස කළ හැකි අයෙක් 
* සමාජය ගැන තව ටිකක් ඉගෙන ගත යුතු කෙනෙක් 
* අන් අයට ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙන්නෙක්
(ඔබ ළඟ මේ ඉහත සඳහන් ඒවායින් එකක් හෝ කිහිපයක් තිබිය යුතුයි.)
******************************************************************************
පිනි බිංදු - 1 ඔබට මතකද ? අමතක වෙන්න විදියක් නෑ. ඒ තරමටම ලස්සනයි. ඒ 2012 වසරේ. නව අංග රාශියක් සමඟ පිනි බිංදු - 2 
2016 ජනවාරි 09 වන සෙනසුරාදා... ආදායමෙන් කොටසක් හොඳ වැඩකට....

***************************
බඹර වළල්ල


"බඹර වළල්ල" චිත්‍රපටය  2016 ජනවාරි 23 දා ලොස් ඇන්ජලිස්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඉන් ලැබෙන ආදායම අපේ රටේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අපේම මිනිසුන් වෙනුවෙන් යොදා ගන්නවා.
බඹර වළල්ල ගැන කෙටි සටහනක් ඇතුලේ පිටු වල
*********************************************************************************                    
     Up Coming Events 

********************************************************************************
තෑගි දිනා ගත හැකි ප්‍රශ්නයක්.
දැන් ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩුව UNP ද ? SLFP ද ?

********************************************************************************
**********************
බල්ලට ගිය රට
නොබෝදා කොළඹ පැවති Enrique Iglesias  නම් ස්පාඤ්ඤ ජාතික ගායකයාගේ sex & love නම් සංගීත ප්‍රසංගයේදී සිංහළ තරුණියක් වේදිකාවට කඩා පැන ගායකයා සිප ගත් අයුරුද ,ඉන් පසු චූන් වූ අක්කලා සහ නංගිලා තම තන පට Bra  ගලවා වේදිකාවට විසි කළ අයුරුද ඉහත වීඩියෝ වලින් ඔබ සැමට බලා ගත හැකිය. 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විත්ති මෙසේ කියයි.
" අනේ ඉතිං මේ කෙල්ලට සහෝදර/ සහෝදරියො, දෙමව්පියො, නෑදෑයො එහෙම ඇති නේද?"
ඔන්න Lady Gagaත් එනවලු. කොල්ලනේ.... උඹලාගෙ ජොක්කු ගලවා වීසි කරන්නට ලෑස්ති වෙයල්ලා. "ජොක්කු" ගැන ඊ ළඟ කලාපයෙන් කියවමු.
*****************************
Talented Sri Lankans Living in Los Angeles
14 වියැති පබෝදා රත්නායක සිය ප්‍රතම CD තැටිය නොවැම්බර් 28 දින නිකුත් කළා. මේ එහි එන ගීයක්. රංගනයෙන් දායක වන්නේ පාරමී ද සිල්වා සහ ධනන්ජි අමරසිංහ.
උත්සවය මෙහෙයවූයේ නිරෝෂන් කහවත්තය.

video: Sunil Semasinghe
***********************************
මහාචාර්ය සරත් ගුණතිලක , ශ්‍රී ලංකාවේ භාවිතාවන වල් නාශකයක් වන ග්ලයිපොසෙට්; රජරට ගොවීන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට හේතු වන බව පැහැදිලි කරයි.


මොනවද මේ ග්ලයිපොසෙට් කියන්නේ ?

Glyphosate.svg
*********************************
පිරිසක් ඉදිරියේ තම මව් භාෂාවෙන් කතා කිරීම පහත්කමක් ලෙස සලකන ලොව එකම ජාතිය සිංහළ ජාතියයි.ඒකයි සිංහළෙන් කතා කළත් ඒ අස්සට ඉංග්‍රීසි කෑල්ලක් දෙකක් දාන්න අමතක නොකරන්නේ.
" මම සිංහළ තමා but මට ඉංග්‍රීසියෙන් කතා කරන කොට අමුතු ගතියක් දැනෙනවා.."
That's why  තාම  අපේ කිසි දියුණුවක් නැත්තේ...
ඔබ සිංහළයෙක් නම් 2016 දී වත් තවත් සිංහළයෙක් මුණ ගැසුනු විට සිංහළෙන් පමණක් කතා කිරීමට අදිටන් කර ගන්න.okay?ඉංග්‍රීසි කියන්නෙ අසම්පූර්ණ භාෂාවක්. සිංහළ කියන්නේ ප්‍රබල භාෂාවක්.

**************************************************

SEX NEWS

දින 28 ක බබෙක් අවුරුදු 25 ක මාමා කෙනෙක් අතින් දූෂණය වෙයි.දින 28 ක් කියන්නේ තවම නිකම් මස් ගුලියක් නේද ?
හැබැයි මේ වගේ sexy  මිනිස්සු ලංකාවෙ නම් නැහැ. මේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ගමක සිදුවූ දෙයක් . වාසනාවකට අපේ රටේ නෙවේ.
මෙන්න මුන්ට තමා ගල් ගහල මරන්න ඕන.
" අති විශේෂ ගල් කතාවක්" විශේෂාංග පිටුවේ.
************************************************

**********************
අපි කිරි බොමු - මස් කමු
මිනිසා ඇතුළු කිරි බී වැඩෙන සතුන් ක්ෂීරපායියන් හෝ මැමේලියාවන් ලෙස සැලකේ. මිනිසා හැරුණු කොට අනෙක් හැම ක්ෂීරපායී සත්වයෙකුම තම මවු සතා ගෙන් කිරි උරා බී යම් ප්‍රමාණයකට වැඩුණු පසු කිරි උරා බීම නවතා වෙනත් ආහාර සොයා යයි. එහෙත් මිනිසා පමණක් නාකි වෙන තුරුම කිරි බොයි. ඒ තම මවගේ කිරි නොව වෙනත් මවකගේ කිරිය. මේ වීඩියෝව බැලුවොත් ඔබ ආයෙනම් එළකිරි බොන එකක් නැහැ.


කිරි ගැන රවත් කතාවක් ඇතුලේ පිටුවල.
*********************
මේ තොල් පෙති දෙකක් නොවේ. ස්වභාව ධර්මයේ අනගි නිර්මාණයක්. 

දකුණු සහ මධ්‍යම ඇමරිකානු රටවල පිපෙන මෙය Hooker’s Lips   කියා හැඳින්වෙනවා. 
එහි උද්භිද විද්‍යාත්මක නාමය Psychotria Elata
**********************
Are you ready for Sri Lanka Foundation's prestigious biennial event? The SLF Awards Ceremony 2016 is coming!
                        save the date

Sunday, November 20, 2016

******************************************************************************
පාඨක ප්‍රතිචාර:
Let me correct U if I am not wrong,to my knowledge of Buddhist Literature the TURTLE is BLIND only in One Eye,so that it Can See through the Other Eye. Thurunuwan Saranai !!!  Saman
****************************************************
ශ්‍රී ලංකා-විත්ති ආරම්භ කර  වසර දෙකකට ආසන්නයි. එය ඇමරිකාවේ පාඨකයන් 3000 ක් පමණ කියවනවා. දකුණු කැලිෆෝනියාවේ පමණක් 2000 කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. ඒ හැරුනු කොට ශ්‍රී ලංකාව ,එංගලන්තය, ඉන්දියාව , ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,සවුදිඅරාබිය,ජර්මනිය,බ්‍රසීලය,මාලදිවයින,නවසීලන්තය, අයර්ලන්තය කැනඩාව වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද කියවනවා. වරින් වර ඔවුන්ගේ අදහස් ඊ මේල් මගින් දන්වා එවනවා. ඔවුන්ගේ නිර්මාණ එවනවා. ඔබේ අදහසත් අපට ලියා එවන්න.

පෙර කලාප මෙතැනින් බලන්න පුළුවන්
2015

ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි
ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්

2014

ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි
ජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තෝබර්නොවැම්බර්දෙසැම්බර්
Flag Counter