2016 February

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


මේ නිදහස් මාසේ -බලන් කඩතුරා හැර දෑසේ

1948 පෙබරවාරි 04 දා අපට නිදහස ලැබුණු හැටි.

Talented Sri Lankans living in Southern California
Sudesh Managoda



මේ ඉන්නේ සුදේශ් මානගොඩ. ඔහු පිළිබඳව මීට කලිනුත් ශ්‍රී ලංකා විත්තියෙන් හඳුන්වා දී තිබෙනවා. ඔහු දක්ෂ නළුවෙක්. ගායකයෙක්. දක්ෂ ගිටාර් වාදකයෙක්. ඊටත් වඩා හොඳ තරුණයෙක්. 2016 මාර්තු 26 වේදිකා ගතවීමට නියමිත ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කරන " මැස්සා" නාට්‍යයේ ඔහුගේ රඟපෑම් දැක ගන්නට පුළුවන්.
******************************
හෙළයා.. සිංහළයා ඉතා උතුම් මිනිස් කොට්ඨාශයක්. ඔවුන් සතු ගති ගුණ ලොව අනික් කිසි ජාතියක නැහැ.සිරිත්-විරිත් ගරු කරණ ,ආගමට දහමට ලැදි ,වැඩිහිටියන්ට ගරු කරන, සළකණ,අනුන්ගේ දුකකදී පපුව උණුවන එහෙත් ඉතාමත් ආවේග ශීලි ජාතියක්. තේරෙන විදියට කිව්වොත් කුකුල් කේන්තිකාරයෝ. ටික වෙලාවකින් සේරම ඉවරයි. සන්සුන්.


කැලුම් නිලන්ත ඔබෙන් ජීවිතය ඉල්ලා සිටී.
දැනට වසර 6ක පමණ කලයක සිට ඔහුගේ වසා ග්‍රන්ථි පද්ධතියේ හටගත් පිළිකා තත්වයකින්, (Hodgkin's lymphoma) නැමැති රෝගී තත්වයෙන් පීඩා විදිමින් සිටියි. පවුලේ එකම දරුවා වන කැලුම්, මාතර ශාන්ත තෝමසුවේ ආදි සිසුවෙකි. විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඔහු, පාසල් තූර්යවාදක කණ්ඩායමේ ජේෂ්ඨ තූර්ය වාදකයෙකු ලෙස ද කටයුතු කර ඇත. පාසල් පැසිපන්දු කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇත. සංගීතයට (ගායනයට සහ වාදනයට) සහජ දස්කම් ඇති කැලුම් විසින් ගැයූ ගීත කීපයකින් එකක් පහත වීඩියෝවෙන් බලා ගත හැකිය.


පසුගිය වසර 6ක් පුරාවටම පිළිකාව සමඟ සටන් කරමින් ඔහු කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව ප්‍රතිකාර සියල්ල සිදු කරගත්තේය. නමුත් මෙවර ඔහුට නිර්දේශ කර ඇති ප්‍රතිකාරය වන (Brentuximab) නැමැති ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රතිකාරයක් නොවන අතර, විදෙස් රටකින් ආනයනය කර ගත යුතුව ඇත. මෙම ප්‍රතිකාරය මෙරට ගෙන්වා ලබාදීමට දළ වශයෙන් රුපියල් ලක්ෂ 80ක් පමණ වැයවෙතැයි ගනන් බලා ඇත. මේ කටයුත්ත තනිව කරගැනීමට කැලුම්ටත්, ඔහුගේ දෙමාපියනටත් හැකියාවක් නොමැත. මේ අසීරු අවස්තාවේ ඔවුන්ට ඔබගේත් අප සැමගේත් උපකාරය අවශ්‍යව ඇත. සැවොම එකතුවෙමු, කැලුම්ට උදව් කරමු. ඔබ සැමට නිරෝගිමත් හෙට දවසක් ! සියලුම අදාළ ලියකියවිලි මේ සමඟ ඇත. 
පහත ගිණුමට ඔබගේ ආධාර මුදල් බැර කරන්න 
N.K.A.L Ranjan Serasinghe -(කැලුම්ගේ පියා)
Bank Of Ceylon 
Account No: 4461325
Saving Account - Malabe Branch
Call :0713327903 /0777194160
*******************************
ලංකාවේ අවසන් රජු දෙමළෙක්ද ? සිහළෙක්ද ?
විශේෂාංග පිටුව බලන්න.

වැඩි විස්තර බලා ගන්න - විශේෂාංග පිටුවෙන්.


Happy 4th of February !
මෙවර ලොස් ඇන්ජලිස්හි නිදහස සැමරීමේ උත්සව දෙකක්.ඒක හොඳයි.1ට වඩා 2 ලොකුයි.එකක් පෙබරවාරි 6 දා. අනෙක පෙබරවාරි 13 දා. 6 වෙනිදට යන්ට අමාරු අයට 13 දට යන්ට පුළුවන්. 
මම නම් දෙකටම යනව.මේ උත්සව දෙකටම සහභාගි වෙන්න කියල ලොස් ඇන්ජලිස් අවට පදිංචි හැමෝගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනව.
**************************
HAPPY VALENTINE'S DAY 
ඔබේ බිරිඳට ගරු කරන්න. විශ්වාසනීය වෙන්න. ඔයා උයන කෑම රසයි කියන්න. ඔයාට මේ ඇඳුම හැඩයි කියන්න. ඔයා ඉස්සර වගේම ලස්සනයි කියන්න. පෙබරවාරි 14 දා .. ආදරවන්තයින්ගේ ගේ දිනයදා.. දුසිම ඩොලර් 10 ට විකිණෙන රෝස මල් පොකුරකට වඩා මේ ලාභ වචන ටික ඇගේ සිත් ගන්නවා ඇති.
ඔබත් ඔබේ සැමියාට විශ්වාසනීය වෙන්න. ගෙදර ඉන්නවා නම් උදේ තේ එක ළඟට ගිහින් දෙන්න. නිවාඩු දවසක ඔහු කැමති කෑමක් හදා දෙන්න. ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන විමසන්න. කඩෙන් මිළදී ගෙන එන අරුමෝසම් බඩු වලට වඩා ඒවාට ඔහු ආසා කරනවා ඇත.
වැඩියෙන් මහන්සි වෙන්නේ ගැහැණුද ? පිරිමිද? අද විශේෂාංග පිටුවෙන්..




පොළිස් පහර දීමකින් තවත් තරුණයෙක් මරුට. ප්‍රවෘත්තියක්.
කොහොමද මේක නවත්වන්නේ ? කියවන්න ඇතුල් පිටු..

ලොක්කන් ළඟ
සොක්කන් හට 
නිවටුන් බව
මගේ පුතා
ඇඹරෙන්නේ
 පුප්පන්නේ
සිතමින්නේ
 නැලවෙන්නේ
අපේ රටේ නිදහස ගැන වැඩියෙන්ම කැප වුනේ ශ්‍රී ලංකාවට ලැදි විදේශිකයන්. ජාතිය පුබුදුවා ලන්නට කවි ලිව්වේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්.  ඉහත දැක්වෙන්නේ උන් වහන්සේ විසින් ලියන ලද මා විසින් විකෘති කරන ලද දරු නැලවිලි ගීයක්.
*****************************
සියළු දෙනාටම මෛත්‍රීය කරන්න. තමා මරා දැමීමට එන සතුරාට පවා අනුකම්පා කරන්න.
~ බුදුන් වහන්සේ ~
ඔබට යමෙක් කම්මුලට ගැසුවොත් ඔබ අනෙක් කම්මුලත් ඔහුට හරවන්න. 
~ යේසුස් වහන්සේ~
බුදුනි... ජේසුනි.. ඒ කාලේ වගේ නොවෙයි  අද. ලෝකය විවිධයි.. විෂමයි.. මිනිසා දරුණුයි. ඔබේ කම්මුලට ගැසූ තැනැත්තාට අනෙක් කම්මුලත් පෑවොත් ඔබ නිවටයෙක් යැයි සිතා ඔහු ඔබට පයින්ද ගසනු ඇත. ඔබට විරුද්ධව එන තැනැත්තාට එරෙහිව නැගී සිටින්න.

තමා මැරීමට සැලසුම් කළ කොටියාට ජනාධිපති සමාව.(මුන් විශ්වාස කරන්න බැරි ජාතියක්. මොහු නැවතුනු තැනින් යළි පටන් ගනු ඇත.)


*******************************************************
සිංහළ භාෂාව; උපමා , ප්‍රස්තා පිරුළු යනාදියෙන් පොහොසත්.මේවා කවරෙකු විසින් කවදා නිර්මාණය කළාදයි සොයා ගැනීමට අපහසුයි.
බටහිර සාහිත්‍යයේ එන ඊසොප්ගේ උපමා කතා වලට සමාන කතා පංච තන්ත්‍රයේද දැකිය හැකියි. කෙසේ වෙතත් මෙම උපමා-ප්‍රස්තා පිරුළු නිසා සිංහළ බසට ලැබී ඇත්තේ විශාල අලංකාරයක්.

*අශ්වයා පැන ගිය පසු ඉස්තාලය(stable) වහන්නා වාගේ.(ඉස්තාලය කියන්නේ අශ්වයින් රඳවා තබන ස්තානය. යම් කිසි පාඩුවක්-අලාභයක් සිදු වූ පසු ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති බව මින් අදහස් කෙරේ.)
*ගඟෙන් වතුර බී මුහුදට ආ වඩන්නා වාගේ...
(යම් කෙනෙකුගෙන් උදව් උපකාර ලබා , වෙනත් කෙනෙකුගේ ගුණ වර්ණනා කරන අවස්තාවකට සුදුසු උපහැරණයකි.)
*කන්දක් විලිලා මීයෙකු වැදුවා වාගේ(මහන්සියේ තරමට ප්‍රතිපල නොලබන අවස්තාවකදී භාවිතා කෙරෙන්නක්)

****************************
2016 ජනවාරි මස 09 එළිදැක්වුනු පිනිබිංදු-2 සංස්කෘතික සංදර්ශනයේ වීඩියෝ සහ පින්තූර මෙතැනින් බලන්න. 
*******************************

අවමංගල දැන්වීම්.



Wimalendra Prabash (Raju) Abayaratna, (54) of Gardena,  California,  passed  away  peacefully at Centinela Hospital, in Inglewood. He was born in Kalubowila, Sri Lanka.
 Loving son of Jim Abayaratna, and late Amara Abayaratna, Brother of Dipani Markalande, Anuri Vitanatchi, Dilojan Abayaratna.  Brother-in-law of Tissa Markalande, Movin Vitanatchi, and Tram Tran.
Uncle of Sinith Markalande, Amanda and Emily Vitanatchi, Kiran and Kylie Abayaratna. Nephew of Linton and late Nalini Abeyratne, Harry and Sudharma Hatharasinghe.
Cousin of Savithri Abeywardene, Rohan, Roshan and Rabi Hatharasinghe, Nalaka, Nirosh, Gehan and Nishan Abeyratne

Manel Kurera (90) 
Passed away on January 13th, 2016 
Wife of Late Douglas C. Kurera 
Beloved Mother of Chrys, Priyalal, Dushantha, Dakshini and Samantha.
Mother in Law of Sunitha, Lasanthi, Malkanthi, Srilal De Pinto and Bernie .Grandmother of Dinush, Charen, Rushenka, Devinda, Tivantha, Madhushi, Drish, Shaleen, Tiyasha, Manishka and Sheneli 

Great grandmother of Shea, Avery, Kayle, Rowen, Zylah, Mason, Lennox and Edie.

ඔබලාගේ ආත්මවලට සැනසීම ලැබේවා.!
********************
ශ්‍රී ලංකා-විත්ති ආරම්භ කර වසර දෙකක් වෙනවා.එය ඇමරිකාවේ පාඨකයන් 3000ක් පමණ කියවනවා.දකුණු කැලිෆෝනියාවේ පමණක් 2000 කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. ඒ හැරුනු කොට සවුදි අරාබිය, එංගලන්තය,ඉන්දියාව,ජපානය,වියට්නාමය,ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,ජර්මනිය,බ්‍රසීලය,මාලදිවයින,නවසීලන්තය, අයර්ලන්තය, කැනඩාව, වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද, ශ්‍රී ලංකාවේ අයද කියවනවා. 
වරින් වර ඔවුන්ගේ අදහස් ඊ මේල් මගින් දන්වා එවනවා. ඔවුන්ගේ නිර්මාණ එවනවා. 
ඔබේ අදහසත් අපට ලියා එවන්න.

Flag Counter