2016 අප්‍රේල්

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.

Talented Sri Lankans living in Los Angeles
ගායනය: නිමල් ගුණවර්ධන
කැමරාව/ ගී පද: සුනිල් සේමසිංහ
රංගනය: සිතිජ සහ සචිත්‍රා වර්ණසූරිය


***********************************************************
  නිවුන්නු

මොනව බෙදා ගන්න බැරුවද රණ්ඩු වෙන්නෙ?
අපි හැමදාම නොවෙනස්ව ඉඳිමු
මෙන්න මෙහෙම..
ඔයා අක්කි

මම නංගි..
නෑ එහෙම නෙවේ..
මම අක්කි ඔයා නංගි..

 ***************************
දෙමාපියනි.. සිංහළ ඇඳුමින් සැරසී ඔබේ දරුවාත් සමඟ එන්න. ඔබේ දරුවාට සිංහළ අළුත් අවුරුදු චාරිත්‍ර කියා දෙන්න.
**************************
SLAASC -2016 සිංහළ/දෙමළ අළුත් අවුරුදු උත්සවය අළුත් තැනක.
 
ලොස් ඇන්ජලිස් අවට පදිංචි අය අනෝමා ගේ "ගමේ කෑම" වල රස බලා නැත්නම් එය පුදුමයක්.  ඇගේ සැමියා, අතුල සමන් හල්ගමට වකුගඩුවක් බද්ධ කරන්න අවශ්‍ය වෙලා. 
ඇමරිකාවේ නිවුන් දරු උපත් සිදු වන ප්‍රතිශතය 1980 සිට  76% කින් ඉහළ ගොස් ඇති බව Google  පවසයි. හැම තැනම නිවුන්නු --->
අනෝමා.. අතුල නිවුන් පුතුන් දෙදෙනා සමඟ..

ඔබ යුග්ම සර සංගීත ප්‍රසංගය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. ගී ගයන්නේ අමරසිරි පීරිස් සමග දීපිකා ප්‍රියදර්ශනී. ඔවුන් ගයන ගී මියුරු , භාව පූර්ණ ගීත. ඒවාට නටන්නටවත් , අත්පුඩි ගහන්නවත් බෑ. එහෙත් ඔබ ගෙවන මුදලට අරුතක් එක් කරන්න. ඔබට පැමිණිය නොහැකි නම්  ටිකට් පතක් මිළදී ගෙන ඒ මුදලට වටිනාකමක් ලබා දෙන්න..
ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අතුල සමන් හල්ගමගේ ශල්‍යකර්මය වෙනුවෙන්.

 
 
අමරසිරි පීරිස් ගයන මා ආසා කරන ගීයක්

 ****************************************
දකුණු ඉන්දියාවේ පොලිටිකල් ජෝකර්ස්ලා සිනමා නිළි ජයලලිතා වෙනුවෙන් දේවාලයක් සැදීමට යයි.
~Hindu Times~
අපිත් හදමු දේවාලයක් අපේ රන්ජන් රාමනායක වෙනුවෙන්....ඒ ඇයි කියලා බලා ගන්න- ඇතුලේ පිටු කියවන්න.-->
*******************************************

කොයි කවදටත් ගැලපෙන පඬි වදන් 
කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක්.


ලොකු මිනිහ බලන්නෙ හැමදාම පොඩි මිනිහා රවටන්න..පාගා ගෙන ඉන්න. එහෙත් බලන්න පොඩි එකා ලොකු මිනිහට ගේම දෙන හැටි.. -->
*******************************************************************************
කාච සටහන්

     Photo By: Lakpathy Wijesekara

Facebookපඬි වදන් 

UpComing Events- Los Angeles
 
*****************************************************************************

April 18,1951 ~ February 29,2016

It is with great sadness that we remember the passing of Mrs. E M Nandawathi..
Beloved wife of P M Wimalasena , Loving mother of Seruk Indika,Suranga and Danushka; Mother in law of Tawana,Nathalie and Hashini;Precious grandmother of Seruni,Senuri,Semeth,Suweni,Sawen and Siyansa
.
*************************************************
බුදු දහම පවතින්නේ වසර 5000 කි. එයිනුත් වසර 2600 කට ආසන්න කාලයක් ගෙවී අවසානය. සමහරුන් අර්ත දක්වන්නේ බුද්ධාගම යනු වඳ වී ගෙන යන ආගමක් ලෙසටය.
තවත් සමහ කූඨ පුද්ගලයන් බුද්ධ දේශකයන් මෙන් වෙස් වලා ගෙන නිර්මල බුදු දහම විකෘති කරමින් සිටී.
ඔබේ තරුණ දුව/පුතා මේ "මොළ සෝදන්නන්ගෙන්" ප්‍රවේශම් කර ගන්න.
ඕස්ට්‍රෙලියාවේ සිට ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම නිසා දකුණු කැලිෆෝනියාවේ පදිංචි තරුණයෙක් මානසික රෝහලකට ඇතුළත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා විත්තියට තොරතුරු ලැබී ඇත. සුව කළ නොහැකි මානසික ආබාධයක් වන Bipolar Disorder නමැති රෝගයෙන් ඔහු පෙළෙන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
මෙලොව ජීවත් වීමට ආගමක් අවශ්‍යද ? නැද්ද ? කියවන්න ඇතුලේ පිටු බලන්න.
බෞද්ධයන්ට බුදු දහම එපා කරවන "විසුද්දිමග්ගය"(Path of Purification) ගැන දැන ගන්න විශේෂාංග පිටුව බලන්න.

අසපුවාදී චීවරධාරීන්ගේ  අනුශාසනා වලට සවන් දීමෙන් පසු ලොස් ඇන්ජලිස් අවට පදිංචි  මෑතකදී විවාහ වූ පුද්ගලයෙක් තම බිරිඳ හැර දා ගොස් ඇති බවටද ;  ඉතා මෑතකදී විවාහවූ තවත් අයෙක් දරුවන් නොසෑදීමට තීරණය කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.
මේ අසපුවාදී චීවරධාරීන් අනෙක් පන්සල් වල ආගමික උත්සව වලට , කඨිණ පිංකම් වලට නොයයි. කෙනෙක් මැරුණාම  පාංශුකූලයට නොයයි. මුදල් පරිහරණය නොකරයි.
ප්‍රශ්නයක් ? මෙයාල රෑට කරුවලේද ඉන්නේ ?
නැහැ..
එතකොට ලයිට් බිල ගෙවන්නෙ ?
දායකයො ගෙවනවා.

හරි...තමන් ලබාගන්න සේවයට කවුරු හරි ගෙවනවානෙ ?
ඒත් සල්ලි අත ගාන්නෙ නෑ.හරි .. තමන් ලබාගන්න සේවයට කවුරු හරි ගෙවනවානෙ?
ඒත් සල්ලි අත ගාන්නෙ නෑ..
 හරියට මම සල්ලි අල්ලන්නෙ නෑ. චෙක් විතරයි පාවිච්චි කරන්නෙ කියනවා වාගෙ වැඩක්නෙ.
ලෝකය ලස්සනයි.. සුන්දරයි. වෙනස් වන සුළුයි. ජීවිතය අත් විඳින්න.  ඉතා අමාරුවෙන් ලබා ගත් මනුෂ්‍යභාවය අර්තවත් කර ගන්න. හැම දේම දුකයි . එය ඇත්තක්. එහෙත් හැමදේම දුකයි කියා තැවි තැවී සිටීම අමන ක්‍රියාවකි.
******************************
භූතානයේ රජ යුවලට පුත් කුමරෙක්..

උන්ට නම් රජෙක් ඉන්නේ
අපට නම් නැත්තේ
අපටත් රජෙක් හිටියා නම්
කැවුම් කිරි බත් කඤ්ඤං
 
පාවඩ එලඤ්ඤං
පෙරහැර කරඤ්ඤං

භූතාන් වැසියන් ලොව ප්‍රීතිමත්ම මිනිසුන් අතුරින් එක් ජන කොට්ඨාශයක් ලෙස සැලකේ. එහි ජනගහණයෙන් 75% ක් බෞද්ධයන්ය. රජ පවුලට එකතු වූ නව සාමාජිකයාට ගෞරව පිණිස ඔවුන් පැළ 108000 ක් රෝපණය කරයි.


FOR SALE :vacant land in Kottawa.
12 perches, clear deed & plan.Road access from Weera Mawatha.300 meters to Kottawa junction.Close to Dharmapala Kanishta vidyalaya.Close to all major bus stops & banks.
lanirm6@gmail.com   310 534 2805310 626 5937 

සුළු ව්‍යාපාර හිමියනි.. ඔබේ ව්‍යාපාරය පිළිබඳව ශ්‍රී ලංකා විත්තියට ලියන්න. අපි එය නොමිළයේ ප්‍රචාරය කර දෙන්නෙමු.
 ****************************************
 Facebookපඬි වදන් 


මිනිසුන් මස් මාංශ කෑ යුතුය.
මෙසේ වදාරන්නේ ජනප්‍රිය රැල්ලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකි.විස්තර ඇතුලේ පිටුවල --->
ශ්‍රී ලංකා-විත්ති ආරම්භ කර වසර දෙකක් වෙනවා.එය ඇමරිකාවේ පාඨකයන් 3000ක් පමණ කියවනවා.දකුණු කැලිෆෝනියාවේ පමණක් 2000 කට ආසන්න ප්‍රමාණයක් කියවනවා. ඒ හැරුනු කොට සවුදි අරාබිය, එංගලන්තය,ඉන්දියාව,ජපානය,වියට්නාමය,ඕස්ට්‍රේලියාව,ප්‍රංශය,ජර්මනිය,බ්‍රසීලය,මාලදිවයින,නවසීලන්තය, අයර්ලන්තය, කැනඩාව, ස්විට්සර්ලන්තය,පෝලන්තය වැනි රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ද, ශ්‍රී ලංකාවේ අයද කියවනවා. 
වරින් වර ඔවුන්ගේ අදහස් ඊ මේල් මගින් දන්වා එවනවා. ඔවුන්ගේ නිර්මාණ එවනවා. 

ඔබේ අදහසත් අපට ලියා එවන්න.

 

Flag Counter