2016 OCTOBER- වප් මස කලාපය

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන දැන්වීම් රේඩියෝව
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.
වප් යනු වැපිරීමයි. ශ්‍රී ලාංකික ගොවියාගේ ප්‍රධාන වගාව වී ගොවිතැනයි. "මහ" කන්නයට වී වැපිරීම පටන් ගන්නේ වප් හෙවත් ඔක්තෝබර් මාසයේය. එම භෞතික වගාව පමණක් නොව අධ්‍යාත්මිකව ඔවුන් යම් දෙයක් වගා කරයි. තෙමසක් වස් විසූ සංඝයා වහන්සේලාට කඨින චීවර පිරිනමන චීවර මාසයද ඔක්තෝබරයයි.
වප් - ඔක්තෝබරය වැදගත් වනුයේ අපට පමණක් නොවේ.
අද වන විට ධනවාදී අර්ත ක්‍රමය ලොව කෙතරම් ප්‍රබලව නැගී සිටියද , එය සමාජවාදය ප්‍රතික්ෂේප වීමක් නොවන බව අප වටහා ගත යුතුය. ඒ අනුව ලෝකයේ සමාජවාදය අගයන සමස්ත ජනතාවට ඔක්තෝබරය අතිශයින්ම වැදගත් වනු ඇත.

අම්මලාට- Mother's day
තාත්තලාට- Father's day
පෙම්වතුන්ට - Valentine's day
නැන්දම්මලාටත් වෙනම දිනයක් තිබෙන බව සමහර විට ඔබ නොදන්නවා ඇත. 2016 එම දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 23 දාටයි.
එහෙම නම් ලෝකවාසී විවාහකයන් සියළු දෙනාටම Happy mother-in law's day එකක් වේවා.
 ->වැඩි දුර කියවන්න විශේෂාංග පිටුවෙන්
***********************************************

 
මෙච්චර කල් අපට එක්කාසු වෙන්න තැනක් තිබුණෙ නැහැ.නාට්‍ය..තව ලංකාවේ දේවල්. අරව මේව පුරුදු පුහුණු උනේ තැන් තැන් වල.නැත්නම් පන්සල් වල...ළඟදීම සැබෑවන හීනයක් ! එයට ඔබේ සහයෝගයද අවශ්‍යයි.
වැඩි විස්තර සඳහා; http://www.taprobane.us
                      ***************************************
Talented Sri Lankans living in Los Angeles 
2016 සැප්තැම්බර් මස10  දින කැලිෆෝනියාවේ සැන් ගේබ්‍රියල් නගරයේ පැවැත්වෙන්නට යෙදුනු ; විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගේ "මාරම්බරී" ගී ප්‍රසංගය සාර්තකව නිමා විය. ප්‍රසංගය ඉදිරිපත් කළේ තුසිත/සුදර්ශනී ද සිල්වා යුවළය.
මෙහිදී සමාරම්භක නර්තනය සඳහා සරස්වතී අභිනන්දන ගීතය විපුල ලියනපටබැඳි විසින් සජීවිව ගායනා කළ අයුරු. 


ප්‍රසිද්ධ සංගීතවේදී එච්.එම්.ජයවර්ධන සංගීතවත් කළ මෙම ගීතය ඉන්දියානු සාහිත්‍යයේ එන පද්ම පුරාණය ආශ්‍රයෙන් සකසා ඇති අතර, Torrance නගරයේ ජීවත්වෙන සංගීත් ශාස්ත්‍රපති සන්ජුක්තා දාස්ගුප්ත තනුව නිර්මාණය කර ඇත.

උත්තර භාර්තීය රාගධාරී සංගීතයේ එන මල්කෞන්ස් රාගය මෙයට උපයෝගී කර ගෙන ඇති බව විපුල පවසයි. නර්තනය නිර්මාණය කලේ තත්~ජිත් රංගායතනයේ ආචාර්ය ප්‍රසන්න යමසිංහය.


දියංගා
තත්~ජිත් රංගායතනයේ ශිල්පිනියක්
*********************************************************************************
දැනට වසර ගණනක සිට ITN  රූපවාහිනියෙන් විකාශය කෙරෙන දොරමඩලාව වැඩසටහන ඔබ නරඹා ඇද්ද? විවිධ මාතෘකා ඔස්සේ රටේ උගත් විද්වතුන් කැඳවා කෙරෙන මෙම සාකච්ඡා මණ්ඩපය දැනුම බෙදා දෙන සරසවියක්, තක්සලාවක් බඳුය.
 
පසුගියදාක දොරමඩලාව ඔප ගැන්වූයේ අප දන්නා හඳුනන ආචාර්ය සුමේධ ජයසේනය.මීට කලින් දිනයක ආචාර්ය සරත් ගුණපාලද මෙම වැඩ සටහනට සහභාගි විය. මව්බිමට කීර්තියක් ලබා දෙන මෙම විද්වතුන්ට ශ්‍රි ලාංකික සැමදෙනාගේ ආචාරය හිමි විය යුතුය.
********************************
පින්තූරයක කතාව
*******************************
In memory of Karen Bamberger Amarawansa
(Loving wife of Ananda Amarawansa & beloved mother of Ravi Amarawansa)
Karen lost her valiant and lengthy battle with cancer on 09/12/2016 and passed away peacefully. A memorial service was held on 09/18/2016 at Dharmavijaya Buddhist Viharaya, Crenshaw Blvd, Los Angeles. May she attain Nibbana!
******************************************************
රොන් සොයා .. ගීත ප්‍රසංගය චමින්ද සමඟ ප්‍රීතිශා වල්පොල...... 2016 නොවැ: 12

Good news for Cricket lovers.

******************************************************
A great  investment !

 ***************************************
දිග ඒවා සහ කොට ඒවා.
ලංකාවෙ අයගේ ඒවා සාමාන්‍යයෙන් දිග වැඩිය
චීන්නුන්ගේ ඒවා කොටම කොටය.
ඒ වෙන මොකවත් නොවේ.. නමයි.
Lee Ping
Lui Lu ඒ චීන නම්ය.
කෙටි නමක් ඇති; බටහිර සිනමාවේ වීරයෙකු වන James Bond ගැනත් අද කියවමු.
***************************************

"ඇමරිකාවට සහ ඇමරිකන් පුරවැසියන්ට එරෙහිව යමෙක් ක්‍රියා කරයිද ඔහුට හෝ ඔවුන්ට විරුද්ධව නිසි පියවර ගැනීමට අපි පසුබට නොවෙමු". මේ නිරායුදව, නිදි යහනේ සිටි ඔසාමා මරා දැමූ දින ඔබාමා ජාතිය අමතා කළ කතාවෙන් බිඳක්..
(ඉතිරිය කියවන්න දේශපාලන පිටුවට යන්න.)  
***************************************
ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය 2016 නොවැම්බරයේ පැවැත්වේ.ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ද  රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ද තරඟ වදී.
අළුත්ම සමීක්ෂණ වාර්තා අනුව ට්‍රම්ප් ඉදිරියෙන් සිටී.  පක්ෂයට නොව පුද්ගලයාට මෙවර ඔබේ ඡන්දය දෙන්න.
මා හිලරිට ඡන්දය නොදීමට හේතු ?

බිල් සහ හිලරි ක්ලින්ටන් තම දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීමට ඝාතකයෙකු (Hitman) යොදා ගෙන ඇති බව දැන් කුප්‍රකට රහසකි.

Larry Nichols
Truth or Fiction ?

මා ට්‍රම්ප්ට ඡන්දය දීමට හේතු?  දේශපාලන පිටුව බලන්න.
STOP! WELFARE  to stop illegal immigration !
හිඟමන් යදින ඇමරිකන් ජාතිකයෙක්
ඇමරිකාව දැනටමත් ලොව බලවතා නොවේ. ඇමරිකාව චීනාට ඩොලර් ලක්ෂ ට්‍රිලියන් ගණනින් ණයය. එසේ වීමට හේතුද දේශපාලන පිටුවෙන් කියවන්න. ඔබේ අදහස්ද අප වෙත යොමු කරන්න.
UPCOMING EVENTS  IN LOS ANGELES


 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

ලංකාවේ නෑදෑයින්ට උදව් කරන්න.
ඕස්ට්‍රේලියාවේ පදිංචි චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට කතා කරන්න.chandrafdo1@gmail.com 
 **************************************
කවුරු හරි මේ දිරිය දියණියට උදව් කරන්න.වීඩියෝ එක බලල නිකම් අනේ අපොයි කියල මග අරින්නෙ නැතිව.

 *****************************************
We Sri Lankans love to socialize.
SLAASC regularly hosts events like cultural shows, sports tournaments, and social gatherings. These events keep members involved with traditional culture while giving them the opportunity to mingle and make relationships. The calendar below shows upcoming events planned by SLAASC.

More about ~ SLAASC ~ Sri Lanka-America Association in Southern California; visit slaasc.org
*****************************
අළුත් වචන එකතු වෙන්නේ සිංහළ භාෂාවට පමණක් නොවේ.  Hot කියන්නෙ උණුසුම් කියන එක. ඒත් hot යන වචනය දැන් ලස්සන, ආකර්ශනීය වැනි වදන් වලටත් යොදා ගන්නවා.
නිද: She is hot  එයා හරි ලස්සනයි.


බර කියන වචනෙත් එහෙමයි. අපි අද බලමු "බර" ට දීල තියෙන අර්තකතන. විශේෂාංග පිටුවට යන්න.
*****************************************************************************
බල්ලගෙ වැඩේ බූරුවා කරන්නට යෑම.
එකමත් එක කාලෙක එක ගමරාළ කෙනෙකුට බල්ලෙක් සහ බූරුවෙක් සිටියා. බූරුවා සහ බල්ලා යන දෙදෙනාම හැකි පමන තම ස්වාමියාට සේවය කළා. එක් දවසක් ගමරාළගේ ගෙට හොරු පැන්නා. අවදියෙන් සිටි බල්ලා බුරන්ට පටන් ගත්තා. සොරු දිව්වා. ගම්මුන් එකතු වී පලා යමින් සිටි සොරුන් අල්ලා ගස් බැන්දා. හැමෝම බල්ලාට ප්‍රශංසා කළා. රසවත් කෑම බීම දුන්නා.
මෙය දුටු බූරුවා ගමරාළගේ අවධානය -ආදරය දිනා ගන්නේ කෙසේද කියා සිතමින් සිටියා. මාසෙකට පමණ පසු නැවත සොරුන් ආවා. ගේ ඉස්සරහ පිට බල්ලා ඉන්නා බව දන්නා සොරුන් මෙවර ඇතුළු වුනේ ගේ පිටු පස්සෙන්. සොරුන් දුටු බූරුවා මහ හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. සොරුන් පලා ගියා. මෙ මහ රෑ මගේ නින්දට බාධා කරනවා. මූට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියා පොල් පිත්තක් ගෙන බූරුවාට හොඳටම පහර දුන්නා.

ආදර්ශය: තමාට අයිති දේ පමණක් කරන්න සිතට ගන්න.
*******************************************************************
ශ්‍රී ලංකා-විත්ති පෙර කලාප බලන්න මෙතැනින් 
2015
ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි
ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්
2014
ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි
ජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තෝබර්නොවැම්බර්දෙසැම්බර්
Contact Sri Lanka-Viththi

Free counters!