2017 අප්‍රේල් (බක්)

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.
****************************************
අප්‍රේල් කියන්නේ හෙළ ක්‍රමයට බක් . බක් කියන්නේ භාග්‍යවත් කියන එකනේ. බක් මහ ළං වෙන කොට අටුකොටු පිරෙනව. අතේ මිටේ සල්ලි තියෙනව. සමහරුන්ට බෝනස් එහෙමත් ලැබෙනව. උත්සව අත්තිකාරම් කියල සමහරු අර ගන්නව. පාසැල් නිවාඩු. සමහරු ගමේ යනව. ඒ කියන්නේ අම්මලාගෙ ගමේ.
******************************
අවුරුදු   කොහා    තුරු    මුදුනක      සිට     හඬනා
කන්කලු  ගී  රාව  ශුභ      පනිවිඩයක්         කියනා
නුඹ   අමතක  වූ  දෙයක්   මගෙ  මතකයට   ගෙනා
නොලැබෙන   ළමාවිය  ගැන  මගෙ  හදවත   රිදුනා
(සුමනා සත්කුමාර- නෝර්ත්හිල්ස්)
අප්‍රේල් මාසයේ උපන් අය භාග්‍යවත් අය කියලයි සෘෂිවරුන් කියන්නේ.මහා කවි විළියම් ශේක්ස්පියර් ඉපදිලා තියෙන්නෙත් අප්‍රේල් මාසයේ.
ඔබ උපන්නෙත් අප්‍රේල් මාසයේ දිනක නම් ඔබ ළඟ මේ ගතිගුණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.
ක්‍රියාශීලි කෙනෙක්
ආදරය ලබන්න සහ ආදරය කරන්න කැමති කෙනෙක්
කතාබහෙන් අන් අයට පහසුවෙන් ආකර්ශනය වෙන කෙනෙක් 
තද  චිත්ත  ධෛර්යයක්  ඇති කෙනෙක් 
අන් අයට ඇහුම්කන් දෙන කෙනෙක්
අනික් අයගේ ප්‍රශ්න විසඳන්න  කැමති කෙනෙක් 
නිර්භීත සහ එඩිතර කෙනෙක්
අළුත් දේවල් සොයා ගන්න , අළුත් දේවල් දැන ගන්න කැමති කෙනෙක්
සංවේදී නමුත් පළිගන්නා කෙනෙක්
හොඳ මතක ශක්තියක් ඇති කෙනෙක්
සාමාන්‍යයෙන් හිසේ සහ පිට කොන්දේ ආබාධ ඇති වන කෙනෙක්
පහසුවෙන් අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක් වෙන කෙනෙක්.
****************************************

ආචාර්ය සුමේධ ජයසේන නිෂ්පාදනය කල "The Letter" චිත්‍රපටය මාර්තු 12 වන දින ඉතා සාර්තකව ප්‍රදර්ශනය කෙරිණ. ඔබට එය මග හැරුණාද? මා මුලින්ම සිතුවේ "The Letter"ලංකාවේ පැවති යුද්ධය මාතෘකා කොට ගත්තක් කියලයි. එවන් චිත්‍රපට , ටෙලි නාට්‍ය ඕනෑ තරම් පහු ගිය කාලයේ එළි දැක්විණ.  එහෙත් මෙය ඉන් ටිකක් ඔබ්බට ගිය තේමාවක් රැගත් කතාවකි.
ප්‍රධාන භූමිකාව වන උමාගේ චරිතයට පණ පොවන මදාරා ගේ රඟපෑම් ඉතා ඉහළ මට්ටමක පැවතින. තම නැති වූ පෙම්වතා සොයා යන කොළඹ යුවතිය සහ ඇගේ මිතුරියගේ චරිත නම් ටිකක් අප්‍රාණික බව මට තේරුම් ගිය දෙයකි. ඒ මගේ පුද්ගලික මතයයි.
කලාව මිනිසා සඳහාය. "The Letter" චිත්‍රපටයෙන් සමාජයට අවශ්‍යම කරන කරුණු දෙකක් කියැවිණ.
1)යුද්ධයකින් පසුව ඉතිරි වන්නේ පෑරුණු තුවාල කීපයක් මිස දිණුමක් නොවේ.
2)ලංකාවේ පැවති එම දුක්මුසු සිදුවීමට මූලික හේතුවක් වන්නේ භාෂා ප්‍රශ්නයයි. සියළුම සිංහළුන් ද්‍රවිඩ බසත් , සියළුම ද්‍රවිඩයන් සිංහළ බසත් ඉගෙන ගැනීම අනිවාර්ය විය යුතුය. ඉන්ගිරිසිය අපට අවශ්‍ය වන්නේ අන්තර්ජාතික කටයුතු වලදී පමණකි.
ජපනා අද හැම අතින්ම ලෝකයේ ඉදිරියෙන් සිටින ජාතියක්.Made in Japan භාණ්ඩයක් ඕනෑම වෙළඳපළක රාක්ක නැත්නම් ඒක පුදුමයක්. ඒත් උන්ට ඉන්ගිරිසි නම් බැහැ. දවසක් කෙනෙක් මෙහෙම අහනවා.
" ඇයි උඹලා ඉන්ගිරිසි ඉගෙන නොගන්නේ?"
" අපිට හැම දේම තියෙනවා.. අපිට ඒනිසා ඉන්ග්‍රීසිය අවශ්‍ය වෙන්නේ නැහැ"
ඒක අපිට නම් ටොක්කක්. අපිට කිසි දෙයක් නැහැ. අපි නැව් එන තුරු බලා ඉන්නවා. සහනාධාර , GST බදු සහන තව අරව මේව ගන්න අපිට නම් ඉන්ගිරිසිය අනිවාර්යයි.
*************************************************
ඔබ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගොස් අසුවෙන්න එපා. අසුවුනොත් හරවා ආපසු එවනු ලැබේ.. මේ ඕස්ට්‍රේලියානු රජයේ පණිවුඩයකි.
ඒ වගේම අනවසරයෙන් ලංකාවට එන්න දෙන්නත් එපා.. මේ ශ්‍රී ලංකා රජයේ පණිවුඩයක් නම් නොවේ. මේ ගැනත් අද කියවමු.   
                                                                                                     
****************************************
දවසෙන් දවස අගාධයට ඇදෙන අපේ රට වෙනුවෙන් එක කඳුළක් හෙලන්න.
සංසාරය කියන නිවහන ගොඩ නගන
තෘෂ්ණා නමැති වඩුවා නැසුමට තනන
"චරථ  භික්කවේ" බුදු හිමි දෙසු වදන
හරියට පිළිපදිනවද     අද  සඟ රුවන
(ආනන්ද ගුණතිලක- මෙල්බර්න්)
මිනිසා මාංශ භක්ෂකයෙකි. ඒ නිසා මමද මස් මාංශ කමි. ඒත් පණ ඇති සතුන් සොය සොයා ගොස් දඩයම් කරමින් මස් නොකමි. මස් මාංශ කන හැම විටෙකම මගේ සිතට නැගෙන්නේ මා මෙසේ කෑමට ගන්නේ මා වැනිම ජීවත්වීමට ආසා කරන තවත් සතෙකුගේ මාංශ පේශි නේද යැයි අපුලකි. එහෙත් මම මස් කමි.
මෑතකදී ජනප්‍රිය වූ පිටිදූවේ මුණිදුන්ගේ සහ මහමෙවුනා මුණිදුන්ගේ දේශනා වලට සවන් දීමෙන් පසු කිසි කැතක් නැතුවම මස් වැළඳීමට පටන් ගතිමි.
ඔවුන්ගේ දේශනා වලට අනුව "ඔබේ පිඟානේ ඇත්තේ යම් මාංශමය කොටසක් විනා ප්‍රාණයක් ඇති සතෙකු නොවේ. ඒ නිසා කෑවාට පවු නැත"
මිනිසුන් මස් කෑ යුතුය. නැතහොත් රටේ සත්ව ගහණය වැඩිවීමෙන් මිනිසාට ජීවත්වීමට තැනක් නැතිවීමට පුළුවන.
"බණ නම් නිබොරුය මුණිවරයින්නේ"
හරක් මස් වල මා ආසාම කොටස පීකුදු.. සමහරු කියනවා පීකුදුවල අසාමාන්‍ය විදියට ශරීරයට අහිතකර Toxin  තියෙනවා කියල. කියවන්න අද විශේෂාංග පිටුව. 

****************************************
හෙළයේ මහරජු රාවණා මිය ගොස් නැහැ. ඔහු නිද්‍රාවකට පත්වීලයි සිටින්නේ. රාවණා ගැන කියවන්න ඇතුල් පිටු බලන්න.

******************************************

රජ පිස්සුව.

බෞද්ධයන් වන අප පුනරුත්පත්තිය කියා දෙයක් විශ්වාස කරනවා. එනම් මරණින් පසු අප නැවත කොහේ හෝ උත්පත්තිය ලබන බව. මෙය විද්‍යාත්මකව සනාත කිරීම අපහසු නමුත් එවැන්නක් ඇති බවට නොයෙක් කතා අපට අසන්නට ලැබෙනව. ඊයේ කියා දිනයක් තිබුනා. ඊට සාක්ෂි ලෙස ඊයෙ ලියැවුනු ලියුම් , පොත් පත් දක්වන්න පුළුවන්. අද කියා දවසකුත් තිබෙනව. හෙටක් කියලත් දවසක් තියෙනව. හෙටට කරන්නට නියමිත වැඩ කටයුතු ඊට සාක්ෂි. ඒ වගෙම පෙර ආත්මයක් සහ මතු ආත්මයක්ද තිබිය හැකි.
මෙය නොබෝ කලකට පෙර සිදු වූ දෙයක්. කොළඹ කෞතුකාගාරය නැරඹීමට ගිය අයෙක් රාජසිංහ රජුගේ සිංහාසනයේ වාඩිවී ලොකු කලබැගෑනියක් කළා. ඔහු කියා සිටියා එහි නියම හිමිකරු ඔහු බව. පසුව ඔහු අංගොඩ මානසික රෝහලට යැවුනා. කාටද කියන්න පුළුවන් ඔහු රාජසිංහ රජුගේ නැවත ඉපදීමද කියා.
මෙහෙම දේවල් ලොව හැම තැනකම සිදුවෙනවා.
Allan V. Evans
ඇමරිකාවේ කොලොරාඩෝ හි ජීවත්වන ඇමරිකන් ජාතික ඇලන් වි. එවන්ස් මහතාද එවැන්නෙක්. ඔහු නම් කියන්නේ පුනරුත්පත්තියක් ගැන නොවේ. ඔහු කියා සිටිනවා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ඔහුට කියා. දෙවන එළිසබෙත් රැජින මිය යනතුරුයි ඔහු බලා සිටින්නේ එහි බාරකාරත්වය ගැන නීති මාර්ගයෙන් කටයුතු කරන්නට.
මේ ඔහු  Times පුවත්පතේ පළ කොට ඇති දැන්වීම
***********************************************
His Royal Highness Raja Remigius Kanagarajah
යාපනයේ ආර්ය චක්‍රවර්ති රාජවංශයේ අන්තිම පුරුක ලෙස සැලකෙන රාජා රෙමිජියස් කනගරාජා පවසා සිටිනවා යාපනයේ නියම රජු ඔහු බව. www.jaffnaroyalfamily.org වෙබ් අඩවියෙන් වැඩි විස්තර කියවන්න. සමහරවිට ඇත්ත වෙන්නත් පුළුවන්.
****************************************
දෙමාපියනි කිසිම හේතුවක් නිසාවත් ඔබේ දරුවන් ඉදිරිපිට කලහ කර ගන්න එපා. කලහකාරී ලෙස හැසිරෙන්න එපා. ඔබලාට දහසකුත් එක ප්‍රශ්න ඇති. ඒවා දරුවන් ඉදිරියේ විසඳා ගන්න හදන්න එපා. හැදෙන වැඩෙන වයසේ සිටින ඔබේ දරුවාගේ මානසික වර්ධනයට එය බලවත් පහරක්.

කලහකාරී දෙමාපියන්ගේ රංගනයන් මනසේ සටහන් කර ගන්නා ඔබේ දරුවා වැඩිහිටියෙක් වූ දාට කුමන හෝ විදියකින් එම මානසික පීඩනය එළියට දමනු ඇත.
ඒ සම්බන්ධව හැදුනු කෙටිම කෙටි වීඩියෝක් සහ කෙටි කතාවක් මෙවර කලාපයෙන්.


******************************************************
www.nishadibridalcreations.com
Now from Nishadi..
HAIRCUTS (men & women)
COLOR
BLOWOUTS
LASH EXTENSIONS
FACIALS
********************************************
මේ ගීතය මටත් වඩා පරණයි. මුලින්ම ගායනා කර ඇත්තේ අපට හිටි අසහාය ගායිකාවක් වන රුක්මණී දේවී. කෙතරම් පැරණි වුනත් එහි රසය අදටත් අපට දැනෙනවා. ගීතයක් ජනතාව අතරට යවන්න ගායකයෙක් කොච්චර මහන්සි වෙනවද කියන එක සමහරු දන්නේ නැහැ. 
   

නව පරපුරේ ගායිකා උමාරියා සිංහවංස එම ගීතයම නව නාද රටා සමඟ ගයන අපූරුව බලන්න. ඇයගේ ගායනා අපට බලන්න- රස විඳින්න පුළුවන් 2017 අප්‍රේල් 15 දා. තුසිත ද සිල්වා ඉදිරිපත් කරන The Family Night ප්‍රසංගයෙන්.

 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

ඔන්න මේ ළඟදී මගේ එක්කෙනා මට යූ ටියුබ් එකෙන් සිංදුවක් අහන්න සැලැස්සුව."අහල තියෙනවද මේක?" 
"ඔයාට ඕක අළුත් උනාට මට නම් අළුත් නෑ. අඩු ගානේ අවුරුදු 40 ක්වත් පරණ ඇති. මම කියා හිටියා.

  

"ඒත් ඔය නන්දා මාලිනී නෙවේ....සමණලී ෆොන්සේකා" හරියටම නන්දා මාලිනී වගේමයි . මාලිනී ෆොන්සේකගෙ මල්ලිගෙ දුව. හරි ලස්සන හුරුබුහුටි කෙල්ල. දක්ෂ නිළියක්. මෑතකදී ලොස් ඇන්ජලිස් වල පෙන්නාපු " ප්‍රේමය නම්" චිත්‍රපටියේ අපූරු රංගනයක් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවේ දේශපාලන වේදිකාවෙත් රඟපාන්න ගිහින් " අනා ගත්තා" කියල පත්තර වල තිබුනා. " අනේ දුවේ... අපේ රටේ දේශපාලනය හරියටම පිළිලයක් වගේ. ගෑවුනු ගෑවුනු තැන ඉවරයි. මතකනේ විජය කුමාරතුංග කියන සුන්දර මිනිසාට වෙච්චි දේ. අනේ දුවේ.. දන්න සාත්තරයක් කර ගෙන ඉන්න. කලාවයි - දේශපාලනයයි කවදාවත් එකට යන්නේ නෑ.
TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES


අප අතර සිටින තවත් දක්ෂ ගායිකාවක් - රම්‍යා සෝමරත්න මේ ගයන්නේ පසුගිය වසරේ එළිදැක්වුනු නිර්මාන ගී ප්‍රසංගයේදී..
UPComing Sri Lankan Events in Los Angeles

Are you planning to go to Sri Lanka ?


United Travel New York
NEW
AIR FARES TO SRI LANKA 
April and May
United Travel New York
From    Price
Los Angeles$895 with tax
San Francisco$960 with tax
Las Vegas$985 with tax
Phoenix$1020 with tax
Seattle$1180 with tax
Portland$1060 with tax
Denver$1140 with tax
Minneapolis$1080 with tax
Chicago$1135 with tax
Houston$1030 with tax
Dallas$1100 with tax
Atlanta$914 with tax
Philadelphia$1025 with tax
Washington$960 with tax
New York$722 with tax
Boston$920 with tax
Miami$1351 with tax
United Travel New York
Only limited seats are available. 
Poorna - 516-888-7092 Ex #03 for reservations
Cell- 516–650–4831 /516-815-2866 (24 Hrs Number )- Travel consultants

    Our Other Services
  • Airport pick from this end
  • Airport pick in CMB( 24/7)
  • Hotel
  • Holiday packages
  • Tour buses
  • Rent a car
  • Tour group packages in Sri Lanka
  • Taxi ride for any shopping center in CMB
  • FARES/TAXES/AVAILABILITY SUBJECT TO CHANGE WITHOUT PRIOR NOTICE, OTHER RESTRICTIONS MAY APPLY
Asia - Africa - South East Asia - Middle East - Europe - South America -Central America - South Pacific

Airline Ticketing - Cruise Packages - Tour Packages - Hotels 
44 South Central Avenue. Suite-1 Lower Level, Valley Stream NY 11580, Tel:+ 516-888-7092, E-mail: sales@unitedtravelny.com

Copyright © 2010 United Travel New York, Inc. All rights reserved.
UNITED TRAVEL NEW YORK, INC, 44 South Central Avenue. Suite-1 Lower Level,, Valley Stream, NY 11580


Flag Counter