2017 JUNE -පොසොන් කලාපය-

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව වෙළඳ දැන්වීම්

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.




ඒ අර්හත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ මහා මුණීන්ද්‍රයන් වහන්සේට පීත ප්‍රාසාදයේ සුවඳ කුටියෙන් දම් සභා මණ්ඩපයේ මිණි පළඟට බැස වඩින්නට ආරාධනා කරමි. (ධර්ම දේශනාවට ආරාධනා කිරීම)
මිණි පළඟ
වැදි බණ තුලින් මුණි බණ තෝරා  අසනු
වැදි බණ දෙසන උන් මූණට කෙළ ගසනු
පිටිතල  හයා කැම්බල් පිටියට   ගෙනෙනු
ජනයා ඉදිරියේ අල්ලා     හම         ගසනු
නිරෝධ සමාපත්තියට සම වදින්නට සූදානම් වන ඒ භාග්‍යවත් වූ සිරි සමන්තභද්‍ර මුණිදුන්
*******************************************************************
ප්‍රවීන ගායිකා නෙලූ අධිකාරි සමග මේ ගීය ගයන්නේ ලොස් ඇන්ජලිස් හි ජීවත්වෙන කපිල පෙරේරාය. ගීය ලියා ඇත්තේ පියල් ජයශංඛ. අපි ඔවුන්ට සුබ පතමු.

***************************************************************
දිනෙන් දින අගාධයට යන අපේ රට වෙනුවෙන් එක් කඳුළක් හෙලන්න.

ස්වභාව දර්මයාත් කෙලින්නෙ නැති බැරි එකාටමයි.

ගංවතුරින් හා නාය යෑම් වලින් විපතට පත් එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කරයි. සම්පූර්ණ නිවාස හානියක් සඳහා ලක්ෂ 25 කි.
මෙතෙක් 194 දෙනෙක් නිල වශයෙන් මරණයට පත් වී ඇත. 
ඒවා එහෙම උනාට එක් ඇමතිවරයෙක් සඳහා ලක්ෂ 400 ක් බැගින් වාහන ආනයනය කිරීමට යයි. ( වාහන නැතුව කොහොමද ජනතාවට සේවය කරන්නේ?)
*******************************************************************

හපුතලේදී විදේශිකයන්ට පහර දී ඔවුන්ගේ බඩු බාහිරාදිය කොල්ලකයි.
ඉස්සර වගේ සල්ලි කාර සුද්දො නෙවේ දැන් ලංකාවට එන්නේ. හොස්ටල් එකක නැවතිලා- චූන් පාන් කාල අපේ රටේ ලස්සන බලන්න එන අහිංසකයෝ.. මිනිසුනේ  මේ අහිංසකයන්ට ගහල රටේ නම කැත කරන්න එපා. පුළුවන් නම් ගෙදර එක්කන් ගිහින් වේලක් කන්න දෙන්න.

ඒ කොයි හැටි උනත් මෙවන් සොඳුරු බිමක් ලොව කොතැනකවත් ඇද්ද ?

**************************************************************
ශ්‍රී ලංකික සිසුන්  ජාත්‍යන්තර විද්‍යා තරගයෙන් ජයගනී .
Los Angeles, California – Society for Science & the Public, in partnership with the Intel Foundation, announced the Winners for Awards of the Intel ISEF 2017. Student winners are ninth through twelfth graders who earned the right to compete at the Intel ISEF 2017 by winning a top prize at this national science fair, the world’s largest international high school STEM.
Students from Dehiwela Central, Mayurapada Vidyalaya  Kurunegala & Dharmasoka Vidyalaya, Ambalangoda were among the finalists from about 68 countries. Their wining project was toxic heavy metal removal process using nanotechnology based on available local materials from Waste water.
EAEV070T - Micro and Nano Engineering for Wastewater: Toxic Cr (VI) Remediation Using Biochar and Nanoparticle from Wastewater .
The winners  Alujjage Sankalpa Perera & Pattiyage Kavishka of   S.De.S Jayasinghe Dehiwela  Central , Western Province, Sri Lanka  in front of their project. Interpreter for the team: Ananda Markalanda
***************************************************************************
මැයි දින පුරසාරම් - හිස් වචන

අක්කර 40 ක් 50 ක් පුරවන්න අපි සෙනඟ ගෙනාවා.
පාප් වහන්සේටත් වඩා වැඩි සෙනඟක් අපිට.
හුස්ම හිර වෙන තුරු මහින්ද රාජපක්ෂ සාටකයෙන් එල්ලා තැබිය යුතුය.
1886 මැයි මාසයේ දිනක ඇමරිකාවේ චිකාගෝ නගරයේ හේ මාර්කට් හිදී දිනකට පැය 8 ක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් නැගූ හඬ එදා පාලකයන් යටපත් කලේ වෙඩි උණ්ඩයෙන්. එදා මෙදා තුර  එම ලේ හැලීම  සමරද්දී තව කොපමන මිනිස් ඝාතන සිදු වන්නට ඇද්ද ?
ඇමරිකාවේ කම්කරු දිනය සැමරෙන්නේ මැයි 1 දා නොවේ.
ලංකාවේ මැයි දිනය යනු දේශපාලන ප්‍රචාරණයකි. එකම පක්ෂයක්වත් කම්කරුවන් වෙනුවෙන් කතා කළාද? කම්කරුවාගේ ප්‍රශ්න ගැන කතා කළාද ? නැත.
අපිට තමා වැඩි සෙනගක් ආවේ යයි එක් පක්ෂයක් කියයි. නෑ අපිට... තව පක්ෂයක් කියයි. 
මෙහි වෙනසක් ඇත. එනම් මැයි රැලියට එන අය සහ ගෙනෙන අයයි.අපේ කාලේ නම් රුපියල් 100 යි , බත් පැකට් එකයි. කම්කරුවා එතනමයි.
***************************************************************
Happy Father's Day !

2017 තාත්තලාගේ දිනය ජූනි 18 දිනට යෙදී ඇත.
තාත්තා, පියා , අප්පච්චී, අපුච්චා, ඩැඩී, ෆාදර්, පප්පා මේ හැම වචනයකින්ම හැඳින්වෙන්නේ එක් පුද්ගලයෙක්.
තාත්තලා සාමාන්‍යයෙන් ආදරය පිටතට නොපෙන්වූවත්, 
දරු සෙනේ මස්‌ නහර හම සිඳ
ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
ඇටමිදුලු මත රඳා සිට....
තාත්තලා තනිවම කඳුළු සලයි. කාටවත් නොපෙනෙන්නට..
අම්මා බුදුවේවා යයි පච්ච කොටා ගන්නා මරු සිරාලා , ගෙදර බුදුන් අම්මා යයි කියනා චොප්පෙ අයියලා තාත්තලාට එහෙම ගැල්වනයිස් කළ අන්වර්ත නාම නොසොයයි.
ලෝකයේ ගැහැණුන් සහ පිරිමින් සම ලිංගිකත්වය කරා වේගයෙන් ඇදී යයි.
සම ලිංගික විවාහය අනුමත කරනවා නම් GSP බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය කැමතිය.මිහිතලයේ ජීවත් වූ ඩයිනෝසරයන් මෙන්ම තාත්තලාද ලෝකයෙන් වඳ වී යනු ඇත.
මවකට මුවා වී  ඔබ     වෙත    දිරි දුන්නේ
මම වෙමි    පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මා වරුන් විතරද       මතු බුදු වන්නේ?

කතා කරන පින්තූර

********************************************************************************

රේඩියෝ/විදුලි කාර්මිකයෙක් පමණක් නොව කලාකාමියෙක්, කවියෙක් ද වූ ඇමරිකාවට පැමිණි මුල්ම ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනා අතරින් කෙනෙක් වූ ජිනදාස (ජිම්) අබේරත්න මහතා අවුරුදු 91 ක් ආයු වළඳා 2017 අප්‍රේල් 25 දින පරලෝ සැපත් විය. අවසන් කටයුතු අප්‍රේල් 30 දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.
එතුමාට නිවන් සුව අත්වේවා යයි ප්‍රාර්තනය කරමු.
***************************************************************************
"දෝන කුසුමාවතී" අද සිට ඇරඹෙන අළුත්ම කතාව කතා පිටුවෙන් කියවන්න.
**************************************************************************
ලංකාවේ ආර්තිකය තවත් පහලට. කනවා නොවේ ලෙව කනවා. දුප්පත් දරු පවුලක් තෝරා ගෙන ඔවුන්ට උදව් කරන්න. අවංකවම උදව් කරන්න. ඩොලර් 20 ක්, යුරෝ 20 ක් මාසෙකට .. උන්ට එය මහමෙරක් වනු ඇත.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter
කෙනෙකුට උපකාරයක් කළ විට ඔබේ සිතේ ඇතිවන සුවය-පහන් හැඟීම ඔබ අත් විඳ ඇද්ද? උදව්ව ලබන්නා තමන් දන්නා හඳුනන කෙනෙක් නම්, එම සුවය දෙගුණ තෙගුණ වනු ඇත. ඒ අපේ රටේ අපේම කෙනෙක් නම්....




දිනය මතක තබා ගන්න.
******************************************************

TALENTED SRI  LANKANS LIVING IN LOS ANGELES
Riverside හි සම්බුද්ධාලෝක විහාරයේ වෙසක් බැති ගී සරණියේදී වසන්ති ලියොනිදාස් බුදුගුණ ගීයක් ගැයූ අයුරු.
සංගීතය : සරත් ජයසිංහ, එරාන් වීරකෝන්, ප්‍රීත් පෙරේරා සහ ක්‍රිෂන්ත සිල්වා ගෙන්.

  
****************************************************************
ඇමරිකාවේ ජීවත්වන අප කවුරුත් හොඳින් දන්නා හඳුනන භද්‍රජි මහින්ද ජයතිලකගේ අළුත්ම අළුත් ගීතයක්... 



********************************************************************************
ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය මැයි මස 20 දින පැවැත්විනි. විහාරයේ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමද එදින සිදුවිය. උදය ගම්මන්පිල මහතාද උත්සවයට පැමිණි අමුත්තන් අතර විය.
මේ එදින බැති ගී සරණියේ අවස්තා කීපයක්.
 
***************************************************************
ලස්සන වෙන්නට- ලස්සනට ඉන්නට කැමති අයට;
නිෂාදි වෙතින් නව සේවා රැසක්

HAIRCUTS (men & women)
COLOR
BLOWOUTS
LASH EXTENSIONS
                FACIALS
    nishadibridalcreations.com
Flag Counter