2017 ජූලි

ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.


ජූලි කියන්නේ අවුරුද්දේ 7 වන මාසය. 7 වන මාසයේ තමයි අපේ රටේ  නපුරු දේවල් ගොඩක්ම සිදු උනේ.
කළු ජූලිය. ජූලි වැඩ වර්ජනය. මේවා සමහර අයට දැන් අමතකත් ඇති.
සමහරු කියනවා Lucky 7 කියලා. ඒ වුනාට වැඩි දෙනෙක් කියන්නෙ 7 නපුරුයි කියලා. හතේ හත වැදිලා.. හත් වලාමයි.. හෙණ හතක් වැදියන්..හත් ඉලව්වයි.. වගේ කියමන්.. 
සිදුහත් කුමාරයා අර අළුත උපන් පොඩි එකාවයි, ඉතා රූමත් යශෝධරාවයි තනිකරල ගියෙත් 7 වැනි මාසයේ.

HAPPY 4th OF JULY


තැනින් තැන සුළු සිද්ධීන් වාර්තා වෙනවා. රටේ විශාලත්වය සහ ජනගහණය සළකා බලන විට ඒ ඉතා සොච්චම් ප්‍රමාණයක්. කෙසේ වෙතත් ඇමරිකාවේ ජීවත්වන අපි නිදහස උපරිම ලෙස බුක්ති විඳිනවා. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ඉතා උසස් ලෙස ජීවත්වෙනවා. ලස්සන ජීවිත ගත කරනවා. අපිට කැමති දෙයක් කන්න පුළුවන්. කැමති දෙයක් අඳින්න පුළුවන්. කැමති තැනක යන්න පුළුවන්. මෙහේ විරුද්ධ පක්ෂයක් නෑ. තියෙන්නේ විපක්ෂයක් විතරයි. එයාලත් රජයේ ගමනට දිරිදෙනවා මිස අකුල් හෙළන්නේ නැහැ. ගියවර ඡන්දෙන් පැරදුනු හිලරිත් දැන් නිහඬයි. පාර්ලිමෙන්තුවේ නියෝජිතයන් ජනතාව කුලප්පු කරන ගොන් ජෝක් දාන්නේ නැහැ. එවන් රටක නිදහස් උත්සවය අභිමානයෙන් සමරමු.
දඹුලු ගිහින් වැඳ පුදා ගෙන තලගොයෙකුත් මරා ගෙන එමු.
මේ කතාවෙ තේරුම දන්නවද ?
දඹුල්ල අවට පෙදෙස් වල අතිරේක බෝගයක් විදියට තල වවනවා. දඹුලු වඳින්නට කොළඹින් දඹුල්ලෙ යන අය හෙට්ටු කරල කුණු කොල්ලෙට තල මිලදී ගන්නවා. දඹුලු ගිහින් තල ගොවියන් මරන එක තමා අර විදියට වෙනස් වෙලා තියෙන්නේ. මේත් ඒ වගේ චාන්ස් එකක්. 
ජූලි 4 කියන්නේ ඇමරිකාව නිදහස සමරන දවස. හැම තැනම වාගේ ලස්සන ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනව. මේ පහත සඳහන් ලිපිනයේ එදාට Hoppers Night එකක් තියෙනව. ඒ කිට්ටුවම ගිණිකෙළි සංදර්ශනයකුත් තියෙනව. ආප්ප විකිණීමෙන් ලැබෙන ආදායම ලංකාවෙ කපුවත්ත/ජා -ඇල ප්‍රදේශයේ ඉගෙන ගන්න ආසා කරන එහෙත් මුදල් අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් යෙදවෙනව.
ආප්ප (Hoppers) Night                                  
Date & time: July 4th,2017 from 6:00 PM to 10:pm 
Place:  18837 Morehouse Dr, Carson Ca 90746
You will be able to watch the Stub Hub center's spectacular Fire works show around 9:00 pm.
ඔබේ යාළුවනුත් එක් කර ගෙන එන්න. කී දෙනෙක් එනවද ? එන්නෙ නැද්ද? කියන එක edirisvk@gmail.com ඊ-මේල් එකට දන්වන්න.ජීවිතය කෙටියි. අපි කාට හරි උදව්වක් කරමු.
***********************************
ලෝක පූජිත මහනුවර දළදා මළිගාවේ ඇසළ පෙරහැරත් ජූලි මාසයේ. ලස්සන ඇඳුමින් සැරසුනු අලි-ඇත්තු ගරු ගාම්භීරව ගමන් කරනවා. එහෙත් සත්ව ලෝලීන් කියන්නේ කියන්නේ මේ සතුන්ට කරන හිංසාවක් කියලයි. දන්නා අය කියන්නේ මේ අලි ඇතුන්ට දස වද දෙන බවයි.
(පේනව නේද හෙණ්ඩුව උළුක් කරගෙන ඉන්න මරුමුස් ඇත් ගොව්වා. උඩින් ධාතු කරඬුව)
යදමින් බැඳි ඇතු අසීරු ගමනින් හෙමිහිට පාද තබන්නේ...
යන ගමනේ ඉම දැක ගනු රිසියෙනි ඇත් ගොව්වන් ගාටන්නේ...
හබරණ පැත්තේ ගොවි පවුලක් හිටියා. අම්මයි-තාත්තයි-පුතයි. පුතා ඉගෙනුමට හරි දක්ෂයි. තාත්තා වල් අලියෙකු පහරදීම නිසා මරණයට පත් උනා. අම්මා ඉතා අමාරුවෙන් පුතා හදා ගත්තා. ඔහු හොඳින් ගෙන දොස්තරෙක් වුනා. කොළඹ පදිංචියට ආවා. විවාහයක් කර ගත්තා. පුතෙක් උපන්නා. දවසක් පුතා එක් කර ගෙන ගියා දෙහිවල සත්තු වත්තට. අලි සෙල්ලම් බලන්න. පොඩි එකා මර හඬ දීල කැ ගැහුවා. ඔහු අලින්ට බයයි.මේ සමහර විට පුනරුත්පත්තියක් වෙන්න ඇති.
අලි -ඇතුන් ගැන තවත් කතා විශේෂාංග පිටුවෙන් කියවන්න.
***********************************************
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter
දෙමළ ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට ශ්‍රී ලංකා තේ වැඩියෙන් බොන්න.

******************************************************


නීල් ආම්ස්ට්‍රෝන්ග් සමග එඩ්වින් ඕල්ඩ්‍රින්ග් හඳට ගොඩ බැස්සේ 1969 ජූලි මාසයේ දවසක. සමහරු නම් කියන්නේ ඒ කතාව බොරුවක් කියල. ඊට සාධක වශයෙන් කියන්නේ ඉහල වීඩියෝවේ ඇමරිකන් කොඩිය සුළඟට සෙලවීමත් පසුබිමෙන් පෙනෙන අභ්‍යවකාශයේ එකම තරුවක්වත් නොවීමත්. හඳේ වාතය නැහැ. එහෙනම් කොහොමද කොඩිය සෙලවෙන්නේ ?
****************************************************************

මේ ගායකයා අප දන්නා හඳුනන නිමල් ගුණවර්ධනයි.
TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES
**********************************************
ඇමරිකාවෙ ජීවත්වෙන අපිට විවිධ අවස්තා වලදී, විවිධ දෛනික කටයුතු වලදී   තවත් කෙනෙකුගේ පිහිට අවශ්‍ය වෙනවා. එහෙම අයට කියන්නේ උපදේශකයන් කියලා. ඔය පහුගිය ආණ්ඩුව කාලෙත් හිටියේ ජනාධිපතිට උපදෙස් දෙන්න හැට හුට හමාරක්. ඇමරිකාවෙ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් එහෙම උපදේශකයන් ඉන්නවා. 
ගෙයක් මිළයට ගන්න ගියාම, සුදුසු රක්ෂණ ආවරණයක් ගන්න ගියාම , ඒ පිළිබඳව වෘත්තීමය සුදුසුකම් ඇති කෙනෙකුගෙන් උපදෙස් ගන්නවා නම් හොඳයි.
අපේම කෙනෙකුගෙන් අපිට ඕන විදියට කතා කරල ඒ උපදෙස් ගන්න තියෙනවා නම් ඒක වඩාත්  පහසුයි මං හිතන්නේ.
මේ එහෙම එක්කෙනෙක්.

Michael De Silva 
Agent
CA 0L63141
626-201-3585
140 Via Verde Suite 200
San Dimas, CA 91773
*****************************************

සුද්දො; විශේෂයෙන් ඇමරිකන්කාරයො ඉන්දියානුවන් ගැන කියන්නෙ මෙහෙමයි.
F-----g Indians everywhere ! හෙට අනිද්ද අපි ගැනත් එහෙම කියයි.
Sri Lankans everywhere...
ඉතාලියේ වෙරෝනා නගර සභා ඡන්දයට ශ්‍රී ලාංකිකයෙක්‌ තරග වදී.
Dixon Fernando
ඉතාලියේ වෙරොනා නගර සභාවට නගර සභිකයන් පත් කර ගැනීමේ ඡන්දය 2017 ජුනි මස 11 වැනි දින පැවැත්වුනා. මේ සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයකුටද අවස්‌ථාවක්‌ ලැබී ඇත. ඒ ඩික්‌සන් ප්‍රනාන්දු මහතාය. 
***************************
මේ විදෙස් ගුවන් යානාවක් තුල වැඩක නිරත වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක්
***************************
  
මේ ඉන්දියන් නිළියක් නොවේ. ඉන්දියානු සිනමා නිළියන්ට විශාල තර්ජනයක්ව ඇති ශ්‍රී ලාංකික ජැක්ලයින් ෆර්නැන්ඩස්.
ජැකී ජාත්‍යන්තරයටත් යයි. ඇය 2017 ජූනි Cosmopolitan  සඟරාව සඳහා උඩුකය නිරුවතින් පෙනී සිටියාලු.
(ශ්‍රී ලංකාවිත්ති මෙසේ කියයි. ඉතින් සීගිරියෙ මොනවද තියෙන්නෙ. අනික දැන් මුළු රටම හෙළුවෙන් වගේ ඉන්න කොට ඕක අරුමයක්යැ?)
Jackie..put your hair back !
පන්තියක කුඩා හුරුබුහුටි දැරියක් හිටියා. ගුරුතුමිය ඇගෙන් ඇහුවා.. "බබා ඔයා ලොකු වුනා මොකද කරන්නේ ?" කියල.
" ටීචර් මම හින්දි නිළියක් වෙනවා" බබා උත්තර දුන්නා.
අපේ සමහර රජවරු ඉන්දියාවෙන් ගෑණු ගෙනාවා. ඒ අපේ ගෑණු ලස්සන මදි නිසා වෙන්නැති. වරින් වර සොලී ආක්‍රමණ එල්ල වුනා. සතුරන් පරාජය කොට පලවා හැරියා. ඒ මිසක් ශ්‍රී ලංකාව කවදාවත් ඉන්දියාවට යටත්ව තිබුණේ නැහැ. අපට , අපටම විශේෂිත වූ අක්ෂර ක්‍රමයක්, භාෂාවක්,නීති ක්‍රමයක්,පරිපාලන රටාවක් තිබෙනවා.
අපේ රටේ මිනිසුන් ගෙන් භාගයකට වඩා මේ හින්දි පිස්සුව ඉහට ගහපු අය. එක් කාලයක් තිබුණා හින්දි ගීත සහ හින්දි චිත්‍රපට අමු අමුවේම කොපි කළ කාලයක්.
හින්දි චිත්‍රපට බලල හින්දියෙන් කතා කරන්න තටමන අය අපේ රටේ ඇති අනෙක් එකම භාෂාව වන දෙමළ භාෂාව  ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ.


ඉන්දියාවෙ ජනාධිපති මෙදා පාර වෙසක් බලන්න කියල ඇවිත් , වතුකරයේ විෂබීජ වපුරලා ගිහින් තියෙනවා. පේනව නේද වතුකරයේ ජනතාව ඉන්දියන් කොඩිය වනන හැටි.
*********************************************
මේ Graduation  මාසයයි. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දූ-පුතුන් අධ්‍යාපන කටයුතුවලදී ඉහළ දස්කම් පෙන්නුම් කරනවා. අපි ඔවුන් හැමෝටම සුබ පතමු. 
This is Shenod Anton Lasz. He Started his school at Mayall Academy of Art & Technology  as a kindergarten student . He got graduated from Mayall Academy when he is in 5th grade. During those 6 yrs he became Math Super star for 4 times and won second place in spelling Bee contest. Every year he won the student of the month Award and every year he received the certificate from State of California for the best attendance with no absences for 5 yrs. He also got identify as a gifted student . June 08th 2017 he received the  PRESIDENT OF UNITED STATES AWARD FOR OUTSTANDING ACADEMIC ACHIEVEMENT.  Shenod is very good in Math  and Science . He likes Volcano, Dinosaurs, Godzilla. He likes to play mind craft when he has free times. Shenod's future Ambition is to become a Paleontologist so can learn more about Dinosaurs.
Shenod is the son of Sanjaya & Shiro Kusum. We wish him good luck.
Shenod with his parents.
*************************************************
මේ  තවත් සතුටුදායක පුවතක්.

සදීප බුලත්සිංහළ - අප සමාජයට විශාල මෙහෙවරක් කරන නර්තනාචාරිනී ශාන්ති බුලත්සිංහළ සහ මහින්ද බුලත්සිංහළගේ පුත්‍රයාය.
වයලීන වාදනයට- බෙර වාදනයට, රංගනයට සහ රග්බි ක්‍රීඩා කිරීමටද කැමැත්තක් දක්වන සදීප හොඳ දරුවෙක්. අනාගතයේදී ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙකු වීමටද එමගින් අප සමාජයට උදව් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටින සදීපගේ සියළු ප්‍රාර්තනාවන් සපල වේවා යයි අපි සුබ පතමු.
පුතේ.. උඹ මට රජෙක්..
*************************************************
අප සමාජයේ කැපී පෙනෙන චරිත දෙකක් වන , AmeriLanka ට්‍රැවල්ස් අධිපති පෝල් අයිවන්ගේ සහ රේණුකා වසන්තිගේ 25 වන විවාහ සංවත්සරය හිත මිත්‍රාදීන්  රාශියකගේ සහභාගිත්වයෙන් ජූනි මස 24 දින Buena Park, Amaya   රෙස්ටොරන්ට් ශාලාවේදී පැවැත්විනි. මේ එදින සැම පිනවමින් නිත්‍යා  බමුණුආරච්චි  සහ අශාන් වරාවිට රංගනයක් ඉදිරිපත් කල ආකාරය.
පෝල්-රේණුකා යුවළට සුවබර අනාගතයක් පතමු.
 
Video by Sumeda Jayasena
***************************************************************
කතා කරන පින්තූර
අහිංසක.. අව්‍යාජ...
********************************

ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් ගායකයා මිය ගිහින්.

“වෙරළ කොනක හිඳ – බලා සිටින්නෙමි
ඔබ එන මඟ මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන් හිඳ
සමුගන්නට මුණ ගැසෙමු යළි . . .”

ප්‍රින්ස්  මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් එළියට ආ කලාකරුවෙකි. ඔහු වයලීන හා කී-බෝඩ් වාදකයෙකුද විය. තමන් ආදරය කළ තරුණිය ( ඇයද ගායිකාවකි ) හා විවාහ වන්නට නොහැකි වීම නිසා බීමට ඇබ්බැහීවීමෙන් ඔහුට මෙලෙස අකාලයේ මිය යන්නට සිදුවිය.
මොන හේතුවකටද මන්දා ජාතික තරුණ සේවා සභාවෙන් ආ එකම ගායකයෙකුටවත් මා කැමති නැත. ( මෙය මගේ පුද්ගලික මතයකි )  උන් හැමෝම ගයන්නේ විරහ ගීත. නහයෙන් අඬන ප්‍රේම යාදිනි. එහෙම නැත්නම් අසුබවාදී ගීත. වැඩි දෙනෙකුට ඇත්තේ පිරිමි කට හඬවල් නොවේ. ප්‍රින්ස් ගයා ඇති ගීත වලින් වැඩි ප්‍රමානයක් මෙවන් අඳෝනාය.
අපි ඔහුට නිවන් සුව පතමු.

සෙල්ෆි ගහන්නෙ බලාගෙන.. අකාලයේ මැරෙන්න එපා  !

සෙල්ෆි ගහන්න ගොස් අකාලයේ මිය ගිය ශ්‍රී ලාංකිකයන් ගණන විශාලය. නව තාක්ෂණය ඔවුන්ට මැජික්ය.
වඳුරන් අතට දැලි පිහියක් අසු වූ විට සිදුවිය හැකි ව්‍යසනයන් බොහෝය.
සෙල්ෆි ගහන්න ගිය අයියා මලෝ දුම්රියට බිලි.
දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගිය බව කියන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජූනි මස 10 දින සවස ගාල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මියගිය බව කොල්ලූපිටිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (24) සහ තිලක් ලක්ෂාන් රණවීර (12) නැමති සහෝදරයින් දෙදෙනෙකි.
ශෂී මධුෂාන් නැමති තරුණයා සිංගප්පූරුවේ රැකියාවක් කර 10 දින කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණ ඇති අතර ඔහු කැඳවාගෙන යෑමට මව,  පියා, සහ මියගිය ලක්ෂාන් ඇතුළු පවුලේ අය වෑන් රථයකින් අනුරාධපුරයේ සිට පැමිණ ඇත.
අනුරාධපුරය බලා යෑමට ප්‍රථම ඔවුන් ගෝල්ෆේස් පිට්ටනියට පැමිණ පසුව කොල්ලූපිටිය මුහුදු මාවතට පැමිණ ඇතැයි පොලීසිය කියයි.
******************************************************
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි කාන්තාවක් බුදුරුව සහිත ඇදුමක් ඇද සිටීම සම්බන්දයෙන් ප්‍රදේශවාසීන් විරෝදය එල්ල කර තිබේ.
පොලීසියේද මැදිහත් වීම මත අදාල කාන්තාව පැමිණි බස් රියට නැගී එම ඇදුම ගලවා ජනතාව දෙසට විසි කලාය.
බුදු රුව යනු එක් සංකේතයක් පමණයි. ජපන් බුදුන් ජපන් පෙනුමයි. එය කලා නිර්මාණයක් පමණයි. ඇමරිකාව වැනි බටහිර රටවල විසිතුරු බඩු සාප්පු වල  බුදු පිළිම විකිණීමට තබා තිබෙනවා. සමහරු බුදු සිරස මල් පෝච්චියක් ලෙසට යොදා ගන්නවා.
කුඩා බුදු පිළිමයක් door stopper එකක් ලෙස යොදා ගෙන ඇති ආකාරය. කරුණු පැහැදිලි කරදීමකින් පසුව එය ඉවත් කළත් පසුව එය කුණු කූඩයට දැමුණේද කියා කාට් කිව හැකිද ?
අප අනෙකාගේ ආගම් වලට , විශ්වාස වලට ගරු කළ යුතුය. හිතා මතා නිගරු ලෙස මෙම ආගමික සංකේත යොදා ගන්නා අයට පැහැදිලිව කරුණු කියා දිය යුතුය.
වටිනා ආගමික වැඩක්. එහෙත් නිවසක් නැති කෙනෙකුට නිවසක් සාදා දුන්නා නම් එය වඩාත් ඵලදායක ආයෝජනයක් වෙනවා නේද ? පුවත්පත් වල සහ අන්තර්ජාලයේ එවැනි උපකාර අවශ්‍ය අය ගැන තොරතුරු සැමදාම වගේ දක්නට ලැබෙනවා.
************************************************
බුදු රූපයට කර ඇති විනාශය

  

දිනෙන් දින අගාධයට යන සිංහළ ජාතිය වෙනුවෙන් එක කඳුළක් හෙලන්න.

ඔබේ අදහස්/යෝජනා/චෝදනා ලියා එවන්න,
e-mail :srilankaviththi@yahoo.com
Fax: 310-222-5578


Flag Counter
මේ වෙලාවේ ශ්‍රී ලංකා විත්ති කියවන අය