2017 සැප්තැම්බර්

විශේෂාංග කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 


සැප්තැම්බර් මාසය සිංහළ ක්‍රමයට බිනර මාසයයි. මාස් කන්නය සඳහා අලුතින් කුඹුරු කරවීම, බිං ඇර වීම "බිනර" වී ඇති බව පොත පතේ සඳහන් වේ.
සුවඳැල්,කළුහීනටි,මා වී,පච්චපෙරුමාල්,කුරුළුතුඩ,රත්දැල්,මඩතවාලු,හැටදා වී වලින් ස්වයංපෝෂිත වී පෙරදිග ධාන්යාගාරය නමින් විරුදාවලි ලත් සිරි ලංකාවට එකල කලට වෙලාවට වැසි ලැබුණේය. අහවල් මාසෙ වපුරන්නේ.. අහවල් මාසෙ ගොයම කැපෙන්නේ කියා ටක්කෙටම කියන්නට හැකි විදියට ස්වභාව ධර්මයා නිසි පරිදි කාළගුණය හැසිරවීය.
" දේවෝ වස්සතු කාලේන
  සස්ස සම්පත්ති හෝතුච
  පීතෝ භවතු ලෝකෝච
  රාජා භවතු ධම්මිකෝ”
 “කලට වැසී වසී වා
  කෙත් වතු සාර වේ වා
  ලොව සතුටු වේ වා
  නිරිඳු සැම කල් දැහැමි වේවා
දැන් මේ කාළකණ්ණි ටිකක් රජ වෙලා නිසා කාලෙ අකාලෙ වෙලා. හාල්  පමණක් නොව කරුංකා පුවක් , කංකුං පවා පිටරටින් ගෙන්වයි.
අනේ අපේ ලස්සන රටට ගිය කල.
යුද හමුදාව අල්ලන කොට කිලි                   නොච්චී
මතකද පල් කලා කිය කිය මැද                        වච්චී
අලි මංකඩයි පාමංකඩ නැහැ                           නිච්චී
අඹරා ගෑ යුතුයි කට වට නයි                        කොච්චී
(ආනන්ද ගුණතිලක)
ආසියාවේ හොඳම මුදල් ඇමති
මේ තරම් නිර්මලද මැතිවරු
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අද ලූණු බිකකට 
ගෙදර ගිය මිනිසා සොයා//
කොල්ලුපිටියේ විසල් මැදුරක
සැප පහසු අසුනක් අරා
ඩොලර් මිටි ගනිමින් බලයි ඔහු
වැටෙන මහ බැංකුව දිහා//
පෙර දිනේ ඔබ ශපථ කල යහ
පාලනය කොහිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තොපි වගේ හරකුන් කියා//
මෙය සුනිල් එදිරිසිංහයන් ගයා ඇති "මේ තරම් සියුමැලිද කලුගල්" තනුවට අනුව ගායනා කළ හැකිය. (අන්තර්ජාලයෙන්)
*********************************************
බඳිනවා - බැඳීම - බන්ධනය මෙය සිංහල භාෂාවේ විවිධාකාරයෙන් යෙදේ. ඒ කෙසේද කියා අද විශේෂාංග පිටුවෙන් කියවමු.
බැඳිලි අතරින් භයානකම බැඳිල්ල කසාද බැඳිල්ලය. මේ කසාදය ගැන වැරදියට වටහාගත් හෝ වැරදි පොතක් කියවූ නව පරපුරේ නෑම්බියක් කසාදය ගැන හිතන හැටි.
 
******************************************************
දේශපාලනික වශයෙන් සැප්තැම්බර් කියන්නේ මහ නරක අතීතයක් ඇති මාසයකි.
සම්ප්‍රදායානුකූල වාමාංශික පක්ෂ පරදවා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට එනු දකින්නට රිසි නොවූ එවකට තිබූ JR ධර්මිෂ්ට රජය බොරු චෝදනා එල්ල කොට එහි නායකයන් අමු අමුවේ මරා දැමීමේ ශාපය අපි අද භුක්ති විඳිමින් සිටිමු.
දෙමළුන්,මුලින් ලංකාවෙන් භාගයක් කඩාගෙන, ඉන්පසු තමිල්නාඩුවද, අනතුරුව සිංගප්පූරුවද,මැලේසියාවද යා කරමින් ද්‍රවිඩස්තානය හදන අයුරු 1971 මුල භාගයේදී රෝහණ විජේවීර පෙන්වා දුන්නේය. එය ඇස් පනා පිටම ඔප්පුවිය. කාගේ හෝ පෙර පිනකට එසේ නොවීය. නැත්නම් අපට , අපේ රටේම සුළු ජාතිය බවට පත් වන්නට ඉඩ තිබුණාය.
 
දුර දක්නා නුවණැති ජනතා විමුක්ති පෙරමුණු නායකයා  යාපනයේදි ජනරැලියක් ඇමතූ හැටිත් ඔහුට ගල් ප්‍රහාරයක් එල්ල වන හැටිත් මේ වීඩියෝවෙන් බලා ගත හැකිය. ඒ 1978 සැප්තැම්බර් මාසයේ දවසකය.
අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගලදී අහිංසක ජනයා 54 ක් අමු අමුවේ කපා කොටා මරා දැමුණේද සැප්තැම්බර මාසයේ දවසකය.

මේ අසරණයන් දන්නා දේශපාලනයක් ඇද්ද ?
****************************************************************
මඩ ගොහොරුවක් වී ඇති  ශ්‍රී ලංකාවේ දේශපාලනය.
අපේ රටේ බහුතරය දේශපාලනය යනු කුමක්දැයි නොදන්නා මෝඩ රැළකි. රටක මෝඩයන් වැඩි වූ තරමට රට පාලනය කිරීම පහසුය.ඡන්දයක් කිට්ටු වන විට මාධ්‍ය සංදර්ශනයක් පවත්වා මොනවා හරි දෙයක බඩු මිළ අඩු කල විට සේරම හරිය. ප්‍රබාකරන් කීවාක් මෙන්ම ශ්‍රී ලංකාවට අනාගතයක් නැත.
 ->තවදුරටත් කියවන්න දේශපාලන පිටුව බලන්න.
****************************************************************
උතුරු කොරියාවේ මොන්ටිසෝරි පාසලක ළමුන්.
 
ලෝක පොලිස්කාරයා බෝම්බ දමා විනාශ කිරීමට සැරසෙන්නේ මේ නොදරුවන්ය.
ලෝකෙට ලොක්කා- ලෝකෙටම චණ්ඩි පාට් දාන ඇමරිකන් කාරයා මෙදා පාර නෙලන්න යන්නෙ උතුරු කොරියාවට. ලෝක ඉතිහාසය දන්නා ඔබ හොඳටම දන්නවා ඇති ඇමරිකාව මෙතෙක් පැවති යුද්ධ හැම එකකින්ම පැරදුනු බව. ඇෆ්ඝනිස්තායේ සහ ඉරාකයේ පවා. මෙදා පාරත් කන්න වගේයි යන්නේ.
දෙරට හමුදා ශක්තිය
විදෙස් සඟරාවක් ඇසුරෙන්
********************************************************
ක්‍රෙඩිට් කාඩ් වලින්/ EBT වැනි  සහනාධාර වලින් යැපෙන පුෂ්ටිමත්ඇමරිකානුවෙක්.
ඇමරිකාව වැනි යුරෝපා රටවල් පනවන ආර්තික සම්බාධක නිසා කෙසඟ ශරීරයක් ඇති උතුරු කොරියානු සොල්දාදුවෙක්
****************************************




Make America great again - Donald Trump
With these people ? Huh ...?
**********************************************
TALENTED SRI  LANKANS LIVING IN LOS ANGELES
2017 ජූලි මස 23 දින රූපවාහිනියෙන් විකාශනය වූ  "සිහිනයකි රෑ" වැඩසටහන ඔබට මග ඇරුණා නම් මෙතැනින් ඔබට එය නැරඹීමට පුළුවන.
******************************************************
Up coming Sri Lankan events in Los Angeles





**************************
කතා කරන පින්තූර

මල් නොපිපේ නම් සුවඳ නොවීනම්
අඳුර පිරෙයි ලොව වෙයි පාලූ
සුවඳ නැතොත් පිපෙනා හැම මල්වල
රුව තිබුණත් කුමටද යාලූ
~රාහුබද්ද ආරියවංශ~
ප්‍රේමය උත්තරීතර දෙයක්. එහි ප්‍රතිවිරුද්ධ  දෙය ඊර්ෂ්‍යාව/ වෛරය.
සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව රජපවුලටද එය පොදු ධර්මතාවයකි.
මහා බ්‍රිතාන්‍යයේ අටවන එඩ්වර්ඩ් රජු ප්‍රේමය වෙනුවෙන් සිහසුන අත් හළේය.
චේතනා කෙතරම් පාරිශුද්ධ වූවත්
ප්‍රේමයට දිවි දුන් අය මිස
ප්‍රේමයෙන් දිනූ අය ලොව නැත
..

1997 අගෝස්තු මස 31 දින ඩයනා ස්පෙන්සර් -වේල්සයේ කුමරිය පැරිසියේ උමගක් තුළ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළාය. 

**********************************
ඉසුරි මනාලියක් වූදා....
හැඩ ගැන්වූයේ නිෂාදි අබේවර්ධන
....දැන් නව සේවා රැසක්; නිෂාදී වෙතින්www.nishadibridalcreations.com
******************************
දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලාංකික සමාජයට කරන ලද අඛණ්ඩ නිහඬ සේවය සඳහා රමණී වීරසිංහ සහ ඇන්ඩි සමරසේන 08/26/2017දා පැවති"සිවු ගී සර"ප්‍රසංගයේදී ජනතා සම්මාන ලබති.
*********************************************************
ඒ 1980 අග භාගයයි. රසවත්- හරබර-මතකයේ දිගු කලක් රැඳී සිටින චිත්‍රපට-වේදිකා නාට්‍ය-ටෙලි නාට්‍ය හැදුනු වකවානුවයි. අරුත්බර ගී ලියැවුනු වකවානුවයි.
දැන් වගේ ප්‍රේම අඳෝනා ඒ  කාලයෙ ලියැවුනේ නැති තරම්.location එකට ගිහින් episode  එක ලියන , විකෘති කරන ලද ඉතිහාසය ඇසුරෙන් ලියැවුනු නාටක නොහැදුනු තරම්.
ප්‍රවීන ලේඛක සෝමවීර සේනානායක විසින් රචිත දූ- දරුවෝ ටෙලි නාට්‍යය ඔබට මතකද? හැම ඉරිදාකම 8.30 වන තුරු අප බලා ඉන්නේ අපේ ආලින්දයට දූ දරුවෝ එන තුරු. එහි සිදු වන හැම රංගනයක්ම අපේ එදිනෙදා ජීවිතයේදී  හැම ගෙදරකම පාහේ සිදුවන සිදුවීම් නිසා දූ දරුවෝ අපට ඉතා සමීප කතාවක් උනා. එහි රඟ පෑ බොහොමයක් ශිල්පීන් අපෙන් සමුගෙන ගොසින්.
එහි කුසුමලතාගේ චරිතයට පන දුන්නේ සුනේත්‍රා සරච්චන්ද්‍රයි.
ඉහත රූපයේ උඩ පේළියේ දකුණු  පැත්තේ ඉන්නේ ඇයයි. ඇය දැනට ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ජීවත්වෙනවා. නොබෝදා දිනක ඇය තම පැරණි හිතවතුන් හමුවීමට ලොස් ඇන්ජලීස් ආ විටෙක ගත් පින්තූරයක් පහත. 
මේ පින්තූරය ගත්තේ El Dorado  උද්‍යානයේදී. එම උද්‍යානය ස්වාභාවික කැලයක් වෙනස් කිරීමෙන් 1968 දී අරඹන ලද්දක්. ප්‍රමාණයෙන් අක්කර 400 ක් පමණ වෙනවා. ලොස් ඇන්ජලිස් අවට ජීවත්වෙන පරිසරයට ලැදි පිරිසක් නොබෝදා  එය නැරඹීමට-විනෝදවීමට-පරිසරය රස විඳීමට එහි ගියා . එහි විස්තර විශේෂාංග පිටුවෙන්..
a view of El Dorado National Park
*****************************************
රට වටේටම මහ මුහුද ! අපි මාළු ආනයනය කරන්නෙමු.
පෙරදිග ධාන්‍යාගාරය ! පොල්-සහල්-පුවක්-බිත්තර-මස් ආනයනය කරන්නෙමු.
ආසියාවේ හොඳම විශ්ව විද්‍යාලය- අඩි කෝදුව-මකන කෑල්ල ආනයනය කරන්නෙමු.තව කියවන්න- දේශපාලන පිටුව බලන්න.
******************************************************
දියුණු රටවල දේශපාලනය තීරණය කරනුයේ බුද්ධිමත් ඡන්දදායකයන්ය. (අම්මට) සිරි ලංකාවේ දේශපාලනය තීරණය කරනුයේ සාස්තරකාරයන් සහ හැතැප් ලක්ෂ ගණන් ඈතින් පිහිටා භ්‍රමණය වන ග්‍රහයන්ය.  
පෘථිවිය හිරු වටා භ්‍රමණ්ය වෙයි. සඳු , පෘථිවිය වටා භ්‍රමණය වෙයි.එක් අවස්තාවක සඳු , පෘතිවිය හා හිරු අතරමැදට පැමිණෙයි. එවිට සුළු වෙලාවකට හිරු නොපෙනී යයි. එය සූර්ය ග්‍රහණයයි. නොබෝදා සිදුවූ සූර්ය ග්‍රහණය ඔබ දුටුවාද ? නැත්නම් පහත වීඩියෝව බලන්න.
********************************
මෙච්චර වෙලා කියෙව්වේ අසුබවාදී දේවල් නේ ? ජීවිතයේ ලස්සන පැත්තකුත් තියෙනවා. ජීවිතය කෙටියි. ටිකක් හිනා වෙලා බලන්න. අළුත් විදියක ඩාන්ස් එකක්. ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ.. හිනා වෙන්න. හෙට අළුත් දවසක්.


අපේ රටේ එදා වේල අමාරුවෙන් ගැට ගහගන්න අපේම මිනිසුන් රාශියක් ඉන්නවා. ඔවුන් ගැන පුවත්පත් මගින් සහ සමාජ වෙබ් අඩවි මගින් නිතරම අනාවරණය වෙනවා. ඔවුන් ගැන සොයා බලා ඔවුන්ට කීයක් හරි යවන්න
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

ශ්‍රී ලංකා-විත්ති ලොව වටා පාඨකයන් රැසකගේ පැසසුමට ලක් වෙයි. ඔබගේ නිර්මාණයත් එවන්න. srilankaviththi@yahoo.com ඊ මේල් ලිපිනයට හෝ 310-222-5578 ෆැක්ස් අංකයට .
ශ්‍රී ලංකා-විත්ති සෑම මසකම 1 දින ප්‍රකාශයට පත්වේ.
Flag Counter