2017 නොවැම්බර්

2017 නොවැම්බර් - ඉල් මස කලාපය
විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 

ඒ 1971 වසරයි. එදා අද මෙන් මර්ධනයක්, භීෂණයක්, උද්දමණයක් තිබුණේ නැත. 
විප්ලවයක් අවශ්‍ය නැති කාලයක මහජනයාට නොදන්නා විප්ලවයක් හඳුන්වා දීමට ගොස් "ඇණ" ගත් ජේවීපීය  එදා සිට අද දක්වාම කරන්නේ කාට හෝ ජැක් එකක් ගැසීමය.
සමහරු තම රතු කබා ගලවා දමා නිල් හෝ කොළ වී; හරි හම්බ කර ගත්හ. ඔවුන් පසු පස ආ අනුගාමිකයන් විජේවීර දේශනා කල ධර්මය අතර, අතරමං විය.
වයස භේදයක් නැතුව හැම දෙනාටම උන් සහෝදරයා/සහෝදරිය කියා අමතනවා, වයස අවුරුදු 55 ට වැඩි සියල්ලන්ම මරා දමනවා  .. ඒ 1971 සමයේ පැතිර ගොස් තිබුණු කට කතාය. එදා සාමාන්‍ය ගැමියන් තුළ ඇති වූ බිය තවමත් සිත් තුළ හොල්මන් කරනා නිසා ඔවුන් ජේවීපීයට ඡන්දය දීමට කැමැත්තක් නැත. 
අනුර කුමාරලාගේ , ටිල්වින්ලාගේ කතා ඇහීමට අතුරු සිදුරු නැතිවම ජනතාව රොක් වේ. එහෙත් උන්ට ඡන්දය නම් නොලැබේ.
ACTION IS LOUDER THAN WORDS
විමල් වීරවංශ සතු නිවාස වලින් එකක්
~ධනවාදයේ විනාශය පටන් ගන්නේ ධනපතියන් තුළින්මකාල් මාක්ස්
********************************************
2020 ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතාට ප්‍රශ්නයක් ? ඔහු නීතිවේදියෙක්. ඔහු දන්නවා ඇති මෙයට පිළිතුර.
මහජන ඡන්දයෙන් වසර 5 ක හෝ 6 ක කාලයකට බලයට පත් වන රජයකට , මුළු රටම හෝ රටින් කොටසක් හෝ යම් ප්‍රදේශයක් වසර 99 කට තවත් කෙනෙකුට බදු දීමට හෝ උකස් කිරීමට පුළුවන්ද ?
තව දුරටත් කියවමු විශේෂාංග පිටුවෙන්...>
*************************************
ඉල් පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත් . මාස තුනක් වස් වැසූ භික්ෂූණ් වහන්සේලාට කඨින චීවර පූජා කළ හැකි අවසන් පොහොයයි.
"චරථ භික්‌ඛවේ චාරිකං, බහුජන හිතාය,
බහුජන සුඛාය, ලෝකානුකම්පාය"  
ශාසනික වශයෙන් බැලූවිට ඉතා වටිනා සිදුවීම් රැසක්‌ ඉල් පොහෝ දා සිදුවී තිබේ. ඒ අතර, මහ රහතන් වහන්සේලා සැට නමක්‌ ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම....
ලොස් ඇන්ජලීස්  ධර්මවිජය බෞද්ධ විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් මස 07 සහ 08 දෙදිනයන්හි පැවැත්වුනා.
07 දින; පසු දිනට පහන් වන තුරු පිරිත් දේශනාවක්ද පැවැත්වුනා. මෙවර පිරිත් මණ්ඩපය පොළොන්නරුවේ වටදාගෙයට සමාන ආකාරයකින් ඉතා දැකුම්කළු විදියට නිර්මාණය කර තිබුණා.
(ඡායාරූපය: ධ්‍යාන් නිම්සර හේවගේ )

 
එහෙත් මේ චීවරධාරින් මේ ගමන් කරන්නේ බහු ජන හිතාය - බහු ජන සුඛාය පිණිස නොව අධිකරණයෙන් දඬුවම් නියම වුවන් බේරා ගැනීමටය.මෙය අධිකරණයට සමච්චල් කිරීමකි.
වෙසක් හෝ පොසොන් මාසයක සිල් රෙදි බෙදුවා නම් ඔන්න හිතන්නට තිබුනා මේ නං ඇත්තටම බුද්දාලම්බන ප්‍රීතිය නිසා සිදු කලා යැයි කියා. එහෙත් ඡන්දයක් අත ලඟ තියෙද්දී සිල් රෙදි බෙදීම ඡන්ද ගුණ්ඩුවක් නොහොත් අල්ලස් දීමක් බව නොතේරෙන්නේ අපේ මේ සිරි ලංකාවේ අයට පමණය.
ඕන රෙද්දක් බෙදා ගත්තාට අපට කමක් නැත. මහජන මුදලින් කෙනෙක් හෝ එක් කණ්ඩායමක් පුම්බා දැමීම උදෙසා සිල් රෙදි බෙදීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි.වරද ඔප්පු විය. වැරදිකරුවන්ට පමා වී හෝ දඬුවම් නියම විය.
ප්‍රශ්නයක් ?
සුළු වැරදි සඳහා දඩ මුදල් ගෙවා ගත නොහැකිව හිරබත් කන අය වෙනුවෙන්ද මෙවන් පිණ්ඩපාත චාරිකා කරනවාද ?
**********************************************************************
පොළිස්ද ? පොලිශ්ද ?
රජයෙන් වැටුප් ලබන යුනිෆෝම් ඇඳ ගත් නිලධාරීන් අසරණ සිවිල් වැසියන්ට කරන පහරදීම් එන්ට එන්ටම වැඩිවේ.
මේ ඉහළ පොළිස් නිලධාරියෙකු තරුණයෙකුගේ කණ පැලෙන්නට ප්‍රසිද්ධියේ පහර දෙන වීඩියෝවක්. 

මෙම අපරාධ නවත්වන්නේ කෙසේද ? කියවන්න දේශපාලන පිටුව ->
දවසෙන් දවස වල පල්ලටම යන; මෝඩ දේශපාලකයන් විසින් ටිකෙන් ටික කා දමන අපේ ලස්සන රට වෙනුවෙන් එක කඳුළක් හෙළන්න.
*************************************
TALENTED  SRI LANKANS  LIVING IN LOS ANGELES
ගැයුම: ශාන්ත සේනාධීර
පබැඳුම: ආචාර්ය සුමේධ ජයසේන
****************************************************************
UpComing Sri Lankan events in Los Angeles
මහල්ලෙක් තමන්ට වඩා වයසින් බෙහෙවින්ම අඩු; තිඹිරි පල මෙන පියයුරු ඇති තරුණියක් විවාහ කර ගැනීම පරිහානියට හේතු වන බව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයෙන් දේශනා කර තිබෙනවා.
ලෝක ප්‍රකට Play Boy සඟරාවේ නිර්මාතෘ Hugh Hefner  උපන්නේ 1926. ඔහු අවුරුදු 91 ක් ආයු වළඳා - ජීවිතය උපරිම ලෙස විනෝදයෙන් ගතකර පසු ගියදා මිය ගියා.
2012 දී තුන්වන වරටත් විවාහ වන විට වයස අවුරුදු 86 ක්. ඔහුගේ මනාලිය වූයේ 26 හැවිරිදි ක්‍රිස්ටල් හැරිස්.
ඒක ඉතින් උන්දලාගෙ වැඩක් නේ. අපට මොකටද අනුන්ගේ කෙහෙම්මල්.
එහෙත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ට නම් ඒව බලා ඉන්න අමාරුයි වගේ. වැඩි දුරටත් කියවන්න විශේෂාංග පිටුව බලන්න.
**************************************
මෙය සමහර විට ඔබේ කතාව විය හැකිය. කාටවත් කියාගන්න බැරුව හිතේ තද කර ගෙන ඉන්න ඔබේම කතාව විය හැකියි. යතාර්තවාදී ලෝකයේ සිදුවන තේමා රැගත් සිනමා පට අපට තිළිණ කරන අශෝක හඳගමගේ "ඇගේ ඇස අග" (Let her cry) චිත්‍රපටිය ඔබ නැරඹුවාද ? එය මග හැරුණු අය විශේෂාංග පිටුවෙන් වීරසිංහගේ විචාරයත් සමඟම එය බලන්න.
***********************************************
ඉඩෝරයට පොද වැස්සක් - කූඹියෝ


ශ්‍රී ලාංකිකයන්ගේ රස විඳීමේ ශක්තිය බොඳ වෙලා ගිහින්. අපි ඉස්කෝලෙ යන කාලෙ ගුත්තිලයේ එක කවියක් විස්තර කරන්න අපේ සිංහළ ගුරුතුමා වූ  මඩදෙනිය මහත්තයා පීරියඩ් එක හමාරක් ගන්නව. අන්න ගුරුවරු. දැන් එහෙම අය ඉන්නවාද කියන එකත් සැකයක්. සාහිත්‍ය ඉගැන්වීම - ඉගෙන ගැනීම දියාරු වෙලා ගිය නිසාද මන්ද දැන් ගම්පෙරළිය - නිධානය වගේ චිත්‍රපට හැදෙන්නේ නැහැ. ගොළු හදවත වගේ ප්‍රේම සාහිත්‍ය ලියැවෙන්නේත් නැහැ. ඒ වෙනුවට බොළඳ පෙම් කතා. සිදු විය නොහැකි තේමා රැගත් චිත්‍රපටි - ටෙලි නාට්‍ය වැහි වැහැලා. මම හිතන් හිටියේ "සිඳු" ටෙලි නාට්‍යය පන්සලේ ලොකුහාමුදුරුවන්- පොඩි හාමුදුරුවන් සහ ඇබිත්තයා අතර සිදුවන ගට්ටනය රැගත් කතාවක් කියලයි. එහෙත් එය භූතයන් , නිධාන, දුෂ්ටයන්-පෙම්වතුන් සහ පොඩි  කතා කියන වැඩිහිටියන් මෙන්ම ලොකු කතා කියන පොඩි එවුන්ගේ කතා රැගත් අංජ බජලයක්.
කූඹියෝ ඔබ නැරඹුවාද ? බලන්න වටින කතාවක්. කිහිප දෙනෙක් හැරුනු කොට සියළුම චරිත රඟපාන නළු නිළියන් මට අළුත්. කතා නායකයා  මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක් නොවේ. හොරෙක්. හැබැයි උගත් හොරෙක්. සාමාන්‍යයෙන් හොරාට කරදරයක් වෙනවාට ප්‍රේක්ෂකයා කැමතියි. ඒත් මේ හොරාට මම නම් ආදරෙයි. ඒ කතාවේ සාර්තකත්වයයි.
ටෙලි නාට්‍ය- චිත්‍රපටි හදන අයට ටොක්කක්. මෙන්න මෙහෙමයි ටෙලි නාට්‍ය හදන්නේ .. පුළුවන් නම් අපෙන් ඉගෙන ගනිල්ලා කියල කියනව වගේ. සංගීතයත් ඒ වගේ. ITN එකේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම විකාශය වේ. බලන්න.
හැබැයි ජෙහාන් කියන්නේ  ධනපතියන්ගෙන් හොරකම් කර ගෙන දුප්පත්තුන්ට බෙදා දෙන රොබින්හුඩ් හෝ සූර සරදියෙල් ජාතියේ චරිතයක් නොවේ. සොරකම උසස් විදියට කරන්න එහෙම නැත්නම් මගඩි වැඩ කරන්න නවකයන්ට දෙන අත්වැලක් නොවන බව කතාව අවසාන වන විට ඔබට වැටහෙනවා ඇත. බලා හිඳිමු.  අවසානය කොහොම වෙයිද කියා.
************************************************************************
පෙම්වතිය: සුදු, අපිට කවදාවත් අම්මලාගෙ කැමැත්ත ලැබෙන එකක් නැහැ. අපි පැනල යමු. කොහේ හරි ගිහින් පුංචි පැලක් හදා ගෙන පොල් සම්බොලුයි බතුයි කාල හරි ජීවත් වෙමු ?...
පෙම්වතා: පොල් සම්බල්?...
පොල් ගෙඩියක් රුපියල් 100 යි. 
ලංකාවේ වෙළඳහල් වල  මෙවන් කුඩා පොල් කිරි පැකට්ටු නුදුරු අනාගතයේදී විකිණීමට තබා තිබෙනු දැකිය හැකිය. පොල් වලින් ස්වයංපෝෂිතව තිබුනු රටකට ගිය කලක්...
*******************************
දරු සෙනෙහස ඇත්තේ මිනිස් අම්මලාට විතරමද ?
 
Video sent by Sunil Wickramanayake - Paris
******************************************
ලංකාවෙ කාට හරි ඔහේ කීයක් හරි යවල උන්ගේ දුප්පත් කම තුරන් කරනවා බොරු. උන් ඒකට ඇබ්බැහි වෙනවා මිසක්. එහෙත් බටහිර රටවල ජීවත්වන ඔබත් මමත් හොඳට කාල ඇඳල ජීවත් වෙනවා නේද ? කෑම පිඟාන අතට ගන්න කොට උගුරේ යමක් හිර වෙනව වාගේ දැනෙනව. මගේම අය මේ වෙලාවට මොනව කනව බොනව ඇද්ද කියලා.. කීයක් හරි යවන්න.. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑර හැම රටකම ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙනවා. ඔවුන් සිංහළයන් කියාත් මා දන්නවා.. ඒ ශ්‍රී ලංකා-විත්ති කියවන බව මා දන්නා නිසයි.ඔබේ අදහසත් යොමු කරන්න. ඔබට මෙය එපා නම් ඒ බවත් දන්වා එවන්න. හැම දෙයකම අවසානයක් තිබිය යුතුයි. මට විවේක ගන්න කාලය ඇවිල්ලා.  මගේ ඊ මේල් ලිපිනය:  srilankaviththi@yahoo.com
Flag Counter