2017 DECEMBER

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 


සීතල දැනෙයි උඳුවප් මහ දුරුත්තේ.. 
දෙසැම්බරය සිංහළ ක්‍රමයට උඳුවප්ය. සීතල මාසයකි. කම්මැලියන්ට ගුලි ගැහී දොයියන්ට කියාපු මාසයයි. එහෙම ගුලි දොයියාගෙන ඉන්නා විට නොයෙකුත් හීන පෙනෙයි. මට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු ජනාධිපති උතුමාණන් වෙතින් තේ පැන් සංග්‍රහයකට ඇරයුම් ලැබීමකින් පසුව එහි ගිය අයුරු සිහිනෙන් දුටිමි. මා දුටු හීනය අද කලාපයෙන් කියවමු.
2020 ජනාධිපති අපේක්ෂකයෙකුවීමට බලාපොරොත්තුවෙන් සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා නීතිවේදියෙක්. මට පොඩි ප්‍රශ්නයක්... එතුමා නම් දන්නවා ඇති එයට පිළිතුර.
ශ්‍රී ලංකාවේ දේශපාලනය කියන්නේ විශ්‍රාම වැටුපක් සහිත රැකියාවක්. එහෙම නම් අර අනෙක් රජයේ සේවකයන්ට බලපාන 55 න් විශ්‍රාම යන එක එතුමන්ලාට අදාළ නැතිද ?
************************************************************************
TALENTED  SRI LANKANS LIVING IN LOS ANGELES
ෆ්‍රෙඩ්‍රික් ජයසුන්දර
**************************************************************


ලොවින් එකෙක් එක් දෙයකට වේය සමත් යන්න බොරුවක් කළ භද්‍රජී මහින්ද ජයතිලක ගේ බලකොටු සහ නෞකා පොත දොරට වැඩුම 2017 නොවැ. 04 දින සිදුවිය. 
බලකොටු සහ නෞකා පෘතුගීසි සමය ඇසුරෙන් ලියන ලද නවකතාවක් වන අතර පෘතුගීසි බසින් සිංහල බසට ලැබුනු වදන් ගැන කදිමට කියා දෙන අපූරු ප්‍රබන්ධයකි.
මා හිතන් හිටියේ ඉස්කෝලේ කියන වදන ඉන්ගිරිසියේ school යන්නෙන් බිඳී ඇති බවය. එහෙත් ඉස්කෝලය පරංගි බසේ "එස්කුවෙලාවෙන්" අපට ලැබුණු වදනකි. අපි එකිනෙකාට ආදරය කරමු. එයද මා හිතන් හිටියේ ඉන්ගිරිසියේ adore කියන වදනෙන් බිඳු එකක් බවය. නැත. ඒ පරංගි බසේ "අදෝරේය."
*****************************************************************************
මිහිපිට උපන් ඕනෑම අයෙකුට ඇති උතුම්ම වස්තුව තම මවය. මවට ජනනී කියාද කියයි. එහි අරුත "උපද්දනී" කියනා එකය. තමා උපන් රටට මව්රට කියන්නේද , තමා කතා කරන භාෂාවට මව්බස කියන්නේද එහි ඇති උත්තරීතරභාවය නිසාය. බ්‍රහ්මාති මාතා පිතරෝ.. මව සහ පියා බ්‍රහ්මයාටද වඩා උතුම්ය.. යෝ මාතරංවා පිතරං වා .. වයසට ගිය මව්පියන්ට නොසලකන එකා වසලයෙක්(රොඩියෙක්) යැයි කියාද බුදුබණේ සඳහන්වේ. ගෞතම බුදුන්ද, ජේසු තුමන්ද මවකගේ කුසින් උපන් මිනිසුන්ය. යමෙක් තම මවට සලකන්නේ යම්සේද ඒ අයුරින්ම තම රටටද සැලකිය යුතුය. හැම රටකටම විශේෂිතවූ ජාතික කොඩියක්, ජාතික ගීයක් ඇත. සිරි ලංකාවේ අපට එය එතරම් වැදගත් නොවුනාට, ඇමරිකාවේ ජනප්‍රිය පන්දු තරඟයක් පටන්ගැනීමට පෙර ජාතික ගීය වාදනය වෙද්දී එය ගරු නොකළ වරදට. ඔය වේසිගෙ පුතා අස් කර දමනු (fire that son of bitch) යැයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කීවේය. මේ අපේ රටේ අගමැති ජාතික ගීයට ගරු කරන ආකාරය. ඉතින් අපේ රටට හිරු පායයිද ?

*****************************************************
අපේ අභිමාණනීය ජාතික ගීය රචනා කරන ලද්දේ ආනන්ද සමරකෝන් මහතා විසින් 1940 දීය. එය ලියා තිබුණේ "නමෝ නමෝ මාතා" කියලා පටන් ගන්නටය.
එහෙත් අද මෙන්ම එදාද රට පාලනය කාළේ සාස්තරකාරයන් සහ දෛවඥයන් නිසා.. කවුදෝ ශුක්‍ර සුනඛයෙක් "න" යන්න අපායාක්ෂරයක් නිසා එය රටට අසුබ බැවින් "ශ්‍රී ලංකා මාතා" කියා පටන් ගන්නට නියම කර ඇත. මේ නිසා දුකට පත් ආනන්ද සමරකෝන් මහතා නිදි පෙති අහුරක් ගිල දමා දිවි නසා ගත්තේය.
අපට "න"යනු දෙකකි. එනම් දන්තජ "න" යන්න සහ මූර්දජ "ණ" යන්නය.
ඇත්තටම මට හිතෙන විදියට  නියම අපායාක්ෂරය වන්නේ "න" නොව "ණ" යන්නයි.
ඒ මොකද කියනවා නම්; ණ යන්නෙන් පටන් ගන්නා වචන ඇත්තේ එකෝම එකක් නිසා බැවිනි.
ඒ අප ගිල දමා ඇති "ණය" ය.  තව කියවන්න ණය ගැන ඇතුළේ පිටුවලින්...->
**********************************
මොනවද මේ ThanksGiving  කියන්නේ ?
තමන්ට වැඩක් නැති උත්සවයක් වෙනුවෙන් ස්වභාව ධර්මයාගේ අපූරු නිර්මාණයක් වන මෙම අහිංසක පක්ෂියා බිලි දෙනවාද ? සෑම වසරකදීම කළුකුමන් මිලියන් 50 ක් ThanksGiving උත්සවය වෙනුවෙන් දිවි පුදයි.
ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් මෙවර ThanksGiving සැමරූ හැටි විශේෂාංග කලාපයෙන් කියවන්න..
**************************************************
1971 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත් කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාවට වඩා 6 ගුණයක් කුඩා රටක්. විශාල්ත්වය ව.සැ. 4471 ( ශ්‍රී ලංකාව ව.සැ. 25332) එහෙත් කටාරය ලොව ධනවත්ම රටයි.
පාඩු පිට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය; කිසි උගත්කමක් නැති; කරන කාර්ය ගැන මෙලෝ දැනුමක් නැති; යාන්තම් ඉන්ගිරිසි ටිකක් කට ගා ගත් උන් පවුල් පිටින් ගෙනැත් පුරවා විනාශ කරන ලද ශ්‍රී ලංකා ගුවන් සේවය කටාරය QATAR  මිළදී ගැනීමට යයි. අන්න පින් සිද්ධ වෙන වැඩක්. හැබැයි අවශ්‍ය වන්නේ මුදල් ආයෝජනය වගේම පරිපාලනයයි. උන් මුදල් ආයෝජනය කොට අපේ උන්ම පරිපාලනයට යොදා ගත්තොත් වැඩේ හබක්. 

දහසක් රහස් සැඟවිලා ඇති ලස්සන ගම්මානයක්.. මේ වගේ සිරියාවන්ත ගමක් උඩින් hot air balloon එකක නැගිල රවුමක් යන්න ඇත්නම්.....!
අපිට නිදහස ලැබිලා අවුරුදු 70 කටත් ළඟයි. අපි එදා ඉඳලම කළේ නැව් එන තුරු බලා ඉඳීමය. ඉදින් අපට නිදහසක් ඇද්ද ?
මේ පෙට්‍රල් නැව් එනතුරු බලන් ඉන්න අර්ජුන රණතුංග ගරු ඇමතිතුමා.  ඇයි හත්වලාමේ ඛණිජ තෙල් බාර ඇමති කෙනෙකුත් ඉන්නවා නේද? ඡන්දයක් කිට්ටු වෙන කොට නම් මන්නාරම පැත්තෙ තෙල් උනනවා..
පරිපාලනයේ වැරැද්ද ! බාබර් පාවිච්චි කරන්නෙත් කතුර. ටේලර් පාවිච්චි කරන්නෙත් කතුර. හැබැයි බාබර්ගෙ වැඩේ ටෙලර්ට බෑ. බාබර්ගෙ රාජකාරියට ටේලර්ලා පත් කළාම ඔහොම වෙනව. අනේ අපේ ලස්සන රට !

කවදාවත් ගොඩ ඒමක් නැති අපේ රට වෙනුවෙන් එක කඳුළු බිඳුවක් හෙළන්න.

********************************
Political Jokers in Sri Lanka
බය නැති අගමැති ? කාටද බය නැත්තේ ? 
හැමෝම කතා කරන මහ බැංකුවේ බැඳුම්කර මගඩියට සාක්කි දීමට උසාවියට ගිය රනිල් වෙනුවෙන් තමා රට හැම තැනම මේ පෝස්ටරය ගසා තිබුනේ.
ටයි කෝට් ඇඳ ගෙන , දෑත් ඔසවා මහජනතාවට ආචාර කරමින්, හිනා වෙමින් බන්ධනාගාරයට යන දේශපාලකයින් ඉන්නේ අපගේ මේ අමන රටේ විතරමයි. ඇයි ඒ ? උන් දන්නවා අද හිරේ යනවා. මේ යස අගේට හිටි මිනිහට ලෙඩක් හැදෙනවා.. එතැනින් නවලෝක රෝහලට යැවෙනවා.. එතැනින් එහාට එච්චරයි.. කොමිෂන් පත් කරනවා.. අවුරුදු ගණන් ඇද ගෙනයනවා. ඊට පස්සෙ හැමෝටම එපා වෙනවා. අපේ රට අමන රටක් නොවේද ? හැමෝම කතා කරන බැඳුම්කරය ගැනත් මෙවර කලාපයෙන් කියවමු.
අමන දේශපාලකයින් විසින් මාරුවෙන් මාරුවට කා දමා හපයක් කළත් අපේ රට තවම ලස්සනයි.
 
UpComing Sri Lankan events in Los Angeles
****************************************************************************
ඇමරිකාව/එංගලන්තය ආදී බටහිර රටවල් ජීවත්වන අය සහ ඕස්ට්‍රේලියාව/නවසීලන්තය ආදී රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් උසස් ජීවිත ගත කරනවා. එහෙත් අපේ රටේ සමහරු ඉතා කටුක ජීවිත ගෙවනවා. ඊට හේතුව රටේ දේශපාලන තත්වය/ එකිනෙකාගේ දෛවය/ කරුමය වගේ නිදහසට කාරණා එමටයි. විවිධයි. මාසෙකට කීයක් හරි යවල උන්ගේ දුප්පත්කම නැති කරන්න බැහැ. ඒක හරියට තුවාලෙකට බෙහෙත් නොකර උඩින් පැලැස්තරයක් දානවා වගේ. එහෙම පැලැස්තරයක්වත් දාල බලමු. නැති බැරි කාට හෝ ආගම්-පක්ෂ-ජාති නොබලා උදව් කරන්න. ඔබට ලොකු සතුටක් දැනේවි.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

මෙවර කලාපයේ "රට ගිය ගොඩයාගේ කතාව" කියවන්න.. ඔබටත් කවි-කතා ලියන්න පුළුවන් නම් ශ්‍රී ලංකා-විත්තියට එවන්න.
***************************************
වර්ෂ පවන් දිසාසේකර කියන්නේ මූණු පොතේ කවියෙක්. ඉතාම තරුණ හාදයෙක්. එහෙත් ඔහු ලියවිල්ල අතින් නම් මුහුකුරා ගිය අයෙක්.
හැඟුම් පුඹුදින
සිතුම් මෝරන
නිදි නොමැති රැය.........
හදින් ඉල්ලන
මුවින් නොදොඩන
නිදි නොමැති රැය......
කඳුලු සඟවන
සිනහ නොනැගෙන
නිදි නොමැති රැය......
ඇයට නොදැනෙන
ඔහුට නොහැගෙන
නිදි නොමැති රැය......
සරාගී රැය
භාවනාවක.....
නිදි නොමැති රැය.......
FaceBook ගිහින් search කරල බලන්න. ඔහුගේ මෙවන් ලස්සන නිර්මාන රැසක් එහි තිබෙනවා.
********************************
2017ත් ඉවරයි.2018 දී ඔබේ ප්‍රාර්තනාවන් මොනවාද ? ටිකක් අර්තවත් විදියට හිතමුද ? 
ලෝකයේ කොයි රටක හිටියත් සිංහළයෙක් දුටු විට (ඔබත් සිංහළයෙක් නම්) අහක බලාගෙන යන්න එපා. කොහොමද ජීවිතේ ..? මොකද වෙන්නේ ? කියල සිංහළෙන් අහන්න. 
ලෝකයේ විනාශ වෙමින් පවතින-තේරෙන බාසාවෙන් කියනවා නම් වඳවී ගෙන යන ජාතීන් 3 ක්  වෙසෙනවා. ඒ;
එස්කිමෝවරුන්
ඇබරොජීන්ස්වරු (ලංකාවෙ නම් වැදි ජනයා)
සිංහළයින්
මේක ඇහෙන කොට ටිකක් දුකක් වගේ දෙයක් දැනෙනවා නේද ?


Flag Counter