2018 JANUARY

විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 


ඔබ සැමට සුබ නව වසරක් වේවා
නීතිය රටේ, ඇත අද ඉහලම                             රන්දා
බඩු මිල අඩුයි, ඇත එය පහලක                       බන්දා
ඔවදන් ගනිති, මහ  සඟ මුල් තැන                    ඉන්දා
සතුටින් නව වසර අපි ගෙන එමු                     කැන්දා
1977 ට පෙර තිබුණු ආකාරයට රටේ මැතිවරණ පවත්වන්නට රටේ පාලකයන්ට නැණැස පෑදෙන,  අඩුම තරමෙන් සාමාන්‍ය පෙළවත් සමතුන් කවුන්සලේට යවන්නට ජනතාවට මොළේ පෑදෙන.. ඒ නිසාම ඉස්සර සිදුවූ ආකාරයට කලට වෙලාවට අව්ව - වැස්ස- සුළඟ ලබා දෙන්නට ස්වභාව ධර්මයා කාරුණික වන පට්ට ආතල් නව වසරක් වේවා.
ඒ නිසාම කන-බොන දෑ වල මිළ ගණන් හිටු කියා අඩු වේවා. ඩෙංගු-වකුගඩු රෝග තුරන් වේවා..
කිසි වැඩකට නැති, මහජන මුදල් විශාල වශයෙන් කා දමන පළාත් සභා විසුරුවා දමන්නට 2018 දීවත් පාලකයන්ට මොළය පෑදේවා..
මහජන අප්‍රසාදය නිසා පැරදුනු දේශපාලුවන් නැවත පාර්ලිමෙන්තුවට රිංගවන ජාතික ලැයිස්තුව අහෝසි වේවා !
අපේ අමන පාලකයන් හසුරුවන - බුද්ධිමතුන්ට විහිළු සපයන සුජිත් නිශාන්ත යෝගී තුමා;ඉන්දික තොටවත්ත වැනි හෝදාපාළුවන්ටද, ජනාධිපතිවරුන් පවා දැපනේ දා ගෙන ඇති රාවණ රජතුමාගේ නැගණියක් යැයි කියා ගන්නා ගංගා සුදර්ශනී වැනි පයිත්තියන්කාරියන්ටද නුවණැස පහල වන නව වසරක් වේවා!!!!.
(කවුද මේ ගංගා සුදර්ශනී -> විශේෂාංග පිටුව බලන්න.)
මේක මගේ මතය. ක්‍රිකට් කියන්නේ මහ කම්මැලි ක්‍රීඩාවක්. ඒකට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලත් කියනව. ඉස්සර නම් ක්‍රිකට් ගැහුවේ මහත්වරු. ලංකාවෙ ක්‍රිකට් වලට දේශපාලනය ගෑවුනා. දැන් ඉතින්  තව දුරටත් එය මහත්වරුන්ගේ කියන්න බැහැ.
cricket by chance කියල නම් කියනව. cricket by luck කියල අහල තියෙනවද කවුරුවත්?ක්‍රිකට් දිනන්න වාසනාවට බැහැ. ඒකට පුහුණුව සහ කැපවීමයි අවශ්‍යය. ගංගා සුදර්ශනී මෑණියන් නම් කියන්නේ ඇය ලවා ආශීර්වාද කර ගැනීමෙන් ක්‍රිකට් තරඟ දිනන්න පුළුවන් කියල. නමුත් මේ වයෝ වෘද්ධ මාතාව කියන දේ බලන්න පොඩ්ඩක්. කොච්චර අපූරුද කියල.. 
මුළු රටේම නායකයන්-පාලකයන් සාස්තර,හදි-හූනියම්,මිථ්‍යා විශ්වාස, අනාවැකි ගොහොරුවක ගිලී සිටියදී සාමාන්‍ය මිනිසුන් වන ඔබ අපත් ටිකක් දුරට හෝ මේවා විශ්වාස කළ යුතුයි. නැත්නම් මේවායින් බඩ වියත රැක ගන්නා උදවියට කරන අසාධාරණයක්. 2018 වසර ඔබගේ ලග්නයට අනුව කොහොම වේවිද කියා බලන්න විශේෂාංග පිටුවට යන්න. ->
********************************************
ඡන්දයක් අත ළඟ.....?
*****************************************************************
ජනවාරි 1 දා තමන් අදහන ආගමක් අදහන්න පන්සල් පල්ලි වලට යන්න. ලොස් ඇන්ජලිස් හි ක්‍රෙන්ෂෝ බෞද්ධ විහාරයේත් නව වසරට සෙත් පතා පූජාවක් පැවැත්වෙනවා. ඒ වගේම කතෝලික බැතිමතුන් සඳහා සිංහළ භාෂාවෙන් පැවැත්වෙන පූජාව ජනවාරි මස 14 දින. විස්තර පහලින් බලාගන්න.
***********************************************************************
 ශෂි කපූර්
කපූර්ලා යනු හින්දි සිනමාවේ පතාක යෝධයන්ය.
ශබ්දය රහිත නිහඬ සිනමාවෙන් ගමන් ඇරඹූ ප්‍රීතිවිරාජ් කපූර්ගේ පුත්‍රයන් තිදෙනා වූ රාජ් කපූර්, ශම්මි කපූර් සහ ශෂි කපූර්  හින්දි සිනමාවේ නම් තැබූ තරු රජවරුන්ය. ඉන් අවසන් තරුවත් පසු ගියදා නිවී ගියේය. ඒ ශෂි කපූර්ය.
 
අපට බොහෝ දේ ලැබුණේ අසල්වැසි විශාල රට වන ඉන්දියාවෙනි. බුද්ධාගම, කලාව-සංගීතය පමණක් නොව කල්ලතෝනි උවදුර ඒ සමඟම ආ ත්‍රස්තවාදයද ලැබුනේ ඉන්දියාවෙනි. 
එහෙත් කවදාවත් ශ්‍රී ලංකාව ඉන්දියාවට යටත් රාජ්‍යයක් නොවීය
2 වන සියවසේදී අඳින ලද ටොලමිගේ සිතියමේ TAPROBANA ලෙස දැක්වෙනුයේ ශ්‍රී ලංකාවය. කවදාවත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවුනු බව මෙයින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රධාන භාෂා දෙකකි. සිංහළ සහ දෙමළ. දෙමළ භාෂාව ඉගෙනීමට උනන්දුවක් නොදක්වන අපේ කට්ටිය තටම තටමා වැරදි විදිහට හින්දියෙන් කතා කරයි. ඒ හින්දි සිනමාව හරහා ලැබී ඇති මානසික වසංගතයකි.
ඉන්දියාවට විශාල භූමි ප්‍රදේශයක් සහ අප්‍රමාණ සම්පත් ඇත. එහෙත් ඉන්දියාව ලංකාවටත් වඩා දුගී බවින් පෙළෙන් රටකි. ඉන්දියාවේම ප්‍රාන්තයක් වන , දමිළයන්ගේ නිජබිම වන තමිල්නාඩුවට සමහරුන් කියන්නේ ආසියාවේ කක්කුස්සිය කියලාය.
තවත් විස්තර සඳහා විශේෂාංග පිටුවට යන්න. ->
*********************************************************************
මේ අපේ තරු
දෙරණ TV එක බිහි කළ තවත් සුපර් තරුවක්.. සුනීර සුමංග.. අමරදේවයන්ගේ ගීයක් ගයන අයුරු...මේ තරු ගැන තවත් තොරතුරු මෙවර විශේෂාංග පිටුවෙන්...->
Facebook වැනි මාධ්‍ය ජාලයන් හරහා උදව් උපකාර අවශ්‍ය අයගේ විස්තර දිනපතාම දක්නට ලැබෙනවා. සමහරුන්ට අවශ්‍ය මුදල් ආධාර නොවේ. ගැලපෙන වකුගඩුවක්. සමහර අය වංචනිකයන්. හොඳින් සොයා බලා තමා මහන්සියෙන් උපයා ගත් ධනයෙන් කොටසක් අවශ්‍යම අයට පරිත්‍යාග කරන්න. 
දැන් යුරෝ එකක්/ඩොලර් එකක්/පවුම් එකක් රුපියල් කීයදැයි බලන්න පහත converter එක භාවිතා කරන්න.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

Talented Sri Lankans living in Los Angeles
ධ්‍යාන් නිම්සර හේවගේ
Up Coming Sri Lankan Events in Los Angeles

Video: Sumedha Jaysena
අපේ තේ - අපිවත් බොමු !
තේ-රබර්-පොල් අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග කියා අපි ඉගෙන ගත්තේ අපි පුංචි කාලේ. රබර් වලට ඉල්ලුමක් ඇත්තේම නැහැ. පොල් දැන් පිට රටින් ගේන්න යනවා. අපි පොල් ගහට කීවේ කප් රුක කියලා. මුලේ ඉඳන් අගට යන තුරුම විවිධ දේට ප්‍රයෝජනයට ගන්නවා. ලොකු පොල් වතුකාරයෝ ඉඩම් පර්චස් අටේ කෑලි වලට කඩල වික්ක. ඉස්සර කුරුණැගල පැත්තෙන් යනකොට එක පෙළට ඉද්ද ගැහුවා වාගේ පොල් ගස් හිටවල තිබුණු හැටි තාම මතකයි. අනේ අපේ රටට ගිය කලක්. තේ වලටත් එහෙමයි. වෙළඳ පොළේ විවිධ තේ වර්ග. ජැස්මින් තේ- යෝග තේ- කපුරු තේ- තේ වලට තියෙන ඉල්ලුම ක්‍රමයෙන් අඩුවෙනවා.
කරන්න තියෙන්නේ ඔය කියන සම්ප්‍රදායික වගාවන් වෙනුවට ඉල්ලුමක් ඇති වගාවන් කරනා එකයි.
******************************************************
සිරි ලක් මාතාවගේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් ශ්‍රී ලාංකිකයෙක්.
ලූෂන් පුෂ්පරාජා.
අපි ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්තනය කරමු.
  
කැලිෆෝනියාවේ සැන්ටා බාර්බරා කවුන්ටියේ ධනවත් පවුල් ජීවත්වන සුවිසල් මන්දිර ගිනි ගෙන අළු වී ගියේ ගිය සතියේය. ගින්න තැනින් තැ තවමත් ඇවිලෙමින් තිබේ. ශ්‍රී ලාංකික කාහටවත් කරදරයක් සිදු වී නැත. එක පවුලකට පමණක් නිවසින් ඉවත්වන ලෙසට බලධාරීන් විසින් දැනුම් දෙන ලදී. දැනටමත් එම පවුල තම නිවස කරා ආපසු ගොස් ඇත. ගින්නට හේතුව තවම සොයා ගෙන නැත. මේ අතර ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් මහතා මැද පෙර දිග ගිනි අවුලුවයි. වැඩි විස්තර දේශපාලන පිටුවෙන් ->
******************************************************
දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. ඕක තේරෙන භාෂාවෙන් කියනවා නං බත් කන කටින්ම අසූචි කෑම .. ඊට වඩා වෙනසක් නැත.
දේශපාලන වේදිකාවලදී මරා ගන්නා රනිල් සහ මහින්ද පුදග්ලික ප්‍රිය සම්භාෂනයකදී..
කාටද මේ හිනා වෙන්නේ...... ?
ගොන් හරක්. මුන් ආයෙමත් අපිට ඡන්දෙ දීල. ආයෙමත් අපිව පාර්ලිමෙන්තුවට යවල. මොළේ කළඳක් නැති ගොන් හරක්. උන් තාප්පවල පාප්ප ගානව, පෝස්ටර් අලවනව, අපිට මල් මාල දානව, අපි නිසා ඉස්සරහට ගිහින් පොලිසියෙන්- මැරයින් ගෙන් ගුටි කාල අත ප නැති කර ගන්නව- මැරෙනව- අපි එහෙමද.. අපි ඇති වෙන්ට හම්බ කර ගෙන තියෙන්නෙ. අපිට මෙහේ ඉන්න බැරි උනොත් ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි ගිහින් පදිංචි වෙන්න පුළුවන්.. පිස්සු හරක් ටිකක්. මුන්ට කවදා මොළේ පෑදෙයිද...  හා.... හා... හා...  හූ..හූ... හී..
මේ හිනාවෙන් කියැවෙන්නේ එහෙම නොවේද ?)
මේ පොලිටිකල් ජෝකර්ස්ලා වෙනුවෙන් එක කඳුළක් හෙලන්න.

Flag Counter