2018 FEBRUARY


විශේෂාංග  කතා පිටුව කවි පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 


HAPPY 4th OF FEBRUARY 4 කියන කොටම අමුතු හීතලක් වගේ සනීපයක් හිතට දැනෙනව. ඒ පෙබරවාරි 4 මතක් වෙලා. සුද්දා අපිට නිදහස දීල අවුරුදු 70 ක්. 2018 පෙබරවාරි 4 දිනට. කාට හරි නිකමටවත් හිතෙන්නෙ නැද්ද ඒක එහෙම නොවුනා නම් අද අපේ රට කොහොම තියේවිද කියලා.සුද්දා උන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා රේල් පාරවල් හැදුවා.සුද්දා ගියාට පස්සෙ අපිට පුළුවන් උනාද එක රේල් පාරක් හදා ගන්න?
මේ නිදහස කියන්නේ වෙන මොකවත් නෙවි අපේ නායකයන්- පාලකයන් අපිටම තෝරා පත්කර ගැනීමට හැකිවීමේ නිදහස.
හතළිස් අටේ නවම් මස දිනෙක
ගොරෝසු උඩු රැවුළක්
තළෙළු හමක් ඇති
ටයි කෝට් පැළඳි මහතෙක්
කැටයම් සිංහ රුවක් සහිත
ඉම්පෝටඩ් පොප්ලින් රෙදි කඩක්
ඉහළට ඔසවා
ඔන්න උඹලා දැන් නිදහස් යයි කීවේය.
අපේ රටින් ලැබෙන ආදායමට වඩා , අපේ රට ආරක්ෂා කිරීමට වියදමක් දැරීමට සිදුවන බව දෙවන ලෝක යුද්ධයේදී ජපනා කොළඹට බෝම්බ දැමූ විට සුද්දාට තේරුම් ගියේය. 1947 දී ඉන්දියා නිදහස් කළ පසු මේ බිබික්කම තියාගෙන මොකටද කියා අපටද නිදහස දීලා දැම්මෝය.ඒ මිසක ගඳ ගහන මේස් කකුල් අස්සේ හංගා ගෙන ගිය පෙස්සමේ බලයෙන් අපට නිහස ලැබුණා නොවේය.
නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ
ලේ නොසොල්ලා ලද නිදහසේ විපාක !
අප පිටරටකින් යම් උපකරණයක් ආනයනය කරන විට එය ක්‍රියා කරන ආකාරය ගැන විස්තර පොතක්ද (manual) ඒ සමඟම එවයි. පාර්ලිමෙන්තු ක්‍රමය manual එකක් නැතුව ආ උපකරණයක් වැනිය. එය හසුරුවන ආකාරය ගැන අප තවම නොදනී.
ශ්‍රී ලංකාව අතීතයේ සිටම කෘෂිකාර්මික රටකි. එයට  අවශ්‍ය කරන සරුසාර පසක්ද , දේගුණ රටාවක්ද අපට හිමිවිය. පස මතුපිට නියපොත්තකින් සිදුරක් සාදා පැල කරන ලද බීජයක් වුව දළු ලා දැවැන්ත වෘක්ෂයක් වන තරමටම එම පස සරුසාරය. එහෙත් රට සිංගපූරුවක් කරන්නට යාම නිසා;
නිවැරදි කළමණාකරණයක් නොමැතිවීමෙන් අද පොල්ගෙඩිය පවා පිට රටින් ගෙනෙන තරමට රට බාල්දු වී ඇත. රට කුඩා වුවත් එක් එක් පළාත විවිධ භෝගයන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිළීය. උදා: නාවල අන්නාසි, බිබිලෙ දොඩම්, බටලීයෙ කජු.. ඒවා දැන් ඉතිහාස කතාවන්ට එක්වී හමාරය.
ඉටු කළ නොහැකි පොරොන්දු කන්දරාවකින් බලයට පත්වන හැම රජයක්ම කළේ අවුරුදු දෙකක් පහු ගිය ආණ්ඩුවේ වැරදි සෙවීමය. ඊ ළඟ වසර දෙක පොදු මහජනතාව නොඉල්ලන සහ රටේ ආර්තිකයට නොගැලපෙන විශාල ව්‍යාපෘති ආරම්භ කොට , එය නිමා කිරීමට තවත් වසර කීපයකට තම පාලන කාලය දිගු කර ගැනිමය. මාධ්‍ය විජ්ජාකරුවන් සහ අතිගරු සංඝරත්නය ඊට ආශීර්වාද සපයයි.
මුළු රටම සුව කළ නොහැකි ඔඩුගිය තුවාලයක්ව තිබියදී ඉන් එක තුවාලයකට පමණක් බෙහෙත් දැමීමෙන් වැඩක් වේද ?
ඊනියා නිදහස ලබා වසර 70 කි.රජයේ ඇස්තමේන්තු අනුව අප ඩොලර් බිලියන 65 ක් විදෙස් රට වලට ණයය.රටේ ජනගහණය මිලියන් 21 කි. ඒ අනුව එක් පුද්ගලයෙක් මිලියන් 3.0 ක් පමණ ණයය. මෙයද අප ලැබූ නිදහස ?
අද අමු මිරිස් කරලක් රුපියල් 8.00 කි. රතුලූනු ගෙඩියක් රුපියල් 2.50 කි.මොන දෙවියන්ට කියන්නද ? lankacnews
බටහිර රටක අප ජීවත් වෙන                 හින්දා
පිරිසිදු නිදහසක් කවුරුත් අත්                 වින්දා
මව් බිම එහෙම නැති බව හිත යට           රන්දා
දුක් වෙමු අපි සැවොම නෙත කඳුලැලි   කැන්දා
ජේ.ආර්. ජයවර්ධන අගමැතිව සිටියදී , පාර්ලිමේන්තුවේදී ඔහු කතා කරනවිට නිතරම ඔහුට බාධා කරන මන්ත්‍රීන් කීප දෙනෙකු විය. තමාට කතා කිරීමට අවස්තාව දෙන්නැයි එතුමා කොතෙක් ඉල්ලා සිටියද බාධා කිරීම් එන්න එන්නම වැඩිවිය.
අන්තිමේදී ජේ. ආර්. මෙසේ කීවේලු.
"ඔය මන්ත්‍රී තුමන්ලා මට බාධා කරන එක නැවැත්තුවෙ නැත්නම් මම ඉංග්‍රීසියෙන් කතා කරනවා"
බාධා කිරීම් නැවතිනි. ඒ මොකද අරුන්ට ඉංග්‍රීසි නොතේරෙන නිසාය.
මෙහි සැඟවුනු දෙයක් ඇත.  එනම්..අප පාර්ලිමෙන්තුවට උගතුන් පත් කර යැවිය යුතුය.
උගතුන් රට පාලනය නොකරන විට උගතුන්ට, නූගතුන් අතින් පාලනය වීමට සිදුවේ.
****************************************************************
හතර දෙනාම සූරයෝ
හය 4 නොදන්නා අසමජ්ජාති උන් කියනව රාජපක්ෂලා 4 දෙනා ගැහුවා 4 වරම් කියලා පහු ගිය ආණ්ඩුව කාලේ. එහෙම කියන උන් 4 මං හන්දියකට ගෙනල්ල 4 හන්දි කඩන්න ඕන.. 4 ගැන තවත් කියවන්න විශේෂාංග පිටුවෙන්..

  
පාලි ගාතාවක් ගෙන හැර දක්වමින්,එම පාලි ගාතාවටත් වඩා සංකීර්ණ සිංහළ තේරුම් සපයන, නිදිමත හැදෙන, සම්ප්‍රදායානුකූල ධර්ම දේශනා අසනවා වෙනුවට ඉතා තාර්කික ලෙස ධර්මය දේශනා කරන පිටිදූවේ සිරි සමන්තබද්‍ර හිමියන්ගේ දේශනා මා ශ්‍රවණය කළේ නිවන් දැකීමට නොව නොදන්නා කරුණු රාශියක් ඉගෙන ගැනිම සඳහාය. අප මීට කලින් උන් වහන්සේට පහර ගැසුවා. ඒ උන් වහන්සේ තුල ශීලයක් පිහිටුවා නැති කම නිසයි. දැන් උන්වහන්සේ යතාර්තය අවබෝධ කර ගෙන ඇති නිසා මෙසේ ලියන්නට අදහස් කළෙමි. විනාඩි 20 පමන කාලයක් දිග හැරෙන මෙම වීඩියෝව බලන්න. ලැබුවාවු 2018 වසර අරුතක් ඇතිව ගෙවී යන්නට ඉඩ හරින්න.
Up Coming Sri Lankan Events in Los Angeles
*******************************************
ක්‍රිකට් දිනවන ගංගා මෑණියෝ, වයස කීයක් උනත් කාන්තාවන්ට දරුවන් ලබා දෙන එරන්දතී මෑණියෝ... ඒ මෑණියන් සහ මේ මෑණියන් හැර තවත් මෑණිවරුන් සිටිත්ද ?...ඇයි රේණුකා මෑණියෝ.. වැඩි විස්තර විශේෂාංග පිටුවෙන් ->
***********************************************
ශ්‍රී ලංකා-විත්ති පටන් ගෙන හරියටම අවුරුදු හතරයි.ඇයි මෙහෙම එකක් පටන් ගත්තේ ?. දැනට පාඨකයන් කී දෙනෙක් ඉන්නවද ? ඔවුන් මොනවද කියන්නේ ? දිගටම මෙය කර ගෙන යනවාද ? දැන ගන්න විශේෂාංග පිටුවෙන් ->
***************************************************
 Sexiest Person in Sri Lanka
අ:පො:ස: සාමාන්‍ය පෙළ දක්වා උගත් මොහු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. බලයේ සිටියදී කන්‍යාවියන් 100 දෙනෙක් කෙලෙසා ඒ නිමිති කර ගෙන හෝටලයක පාටියක් දැමූ බවට තොරතුරු අන්තර්ජාලය පුරාම ඇත. ඔහුගේ බිරිඳ මෙවර මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂයෙන් ඔබගේ ඡන්දය ඉල්ලා සිටී.
ඒ කාලේ දේශපාලනය කලේ කෙතරම් උගතුන්ද ? දේශපාලන විද්‍යාව හෝ නීතිය හැදෑරූ බුද්ධිමතුන් බොහොමයක් ඒ කාලේ පාර්ලිමෙන්තුවේ සිටියහ. උගත්කම යනු උපාධි කඩදාසිය නොවේ. යම් තරමකට හෝ දේශපාලනය ගැන අවබෝධයක් තිබූ අය නිසා පාර්ලිමෙන්තුව තුල විෂයයට අදාල වූ වාද විවාද එකල විය.
එද සිටිය අයගේ නම් බලන්න.
ඩඩ්ලි සේනානායක
ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක
ඇන්.ඇම්.පෙරේරා
කොල්වින් ආර් ද සිල්වා
ජේ.ආර්.ජයවර්ධන
මේ කාටවත් වරහන් ඇතුළේ සඳහන් කරන අන්වර්ථ නාමයන් නොවීය.
අද පාර්ලිමෙන්තුවේ බොහොමයකට වරහන් ඇතුළේ ලියන දෙවැනි නමක් ඇත.
ඉහත රූපයේ ඉන්නේ සාරුවා ලියනගේ සුනිල් (සාරුවා සුනිල්) කිසි වැදගත් කමක් ඇද්ද ? වැඩත් ඒ වාගේමය.
අපේ පරිපාලන ක්‍රමයේ යම් වැරැද්දක් තිබුනාද ? ගම් සභා-නගර සභා-මහ නගර සභා  ඊ ළඟට පාර්ලිමෙන්තුව.
මේ අල්ලක් විතර කුඩා රට පාලනය කිරීමට තවත් පළාත් සභා කුමටද ? පළාත් ආණ්ඩුකාරවරුන්, මහ ඇමතියන්- ඊ ළඟට විවිධ අමාත්‍යාංශ සඳහා ඇමතිවරුන්, උන්ට කාර්යාල, කාර්ය මණඩල, වාහන, ආරක්ෂකයින්, සුවල්ප ධනස්කන්දයක්ද මේ වියදම් කරන්නේ. මේ අපේ කාන්තාවන් මැද පෙරදිග බැල මෙහෙවර කර උපයන මුදල් ? ඇයි අපේ උන්ට ඇස් පෑදෙන්නෙ නැත්තේ ?
පෙබරවාරි 10 පළාත්සභා මැතිවරණය..
ඒ සඳහා මෙවර අපේක්
කයින් 57000 ක් පමණ විවිධ පක්ෂ වලින් තරඟ වදිනවා.
මුන් අතර ;
ක්ද සිටිනා බව අපට ආරංචියි. කඳුළු දූපතේ උපන්න අසරණ මිනිසුනේ.. උඩ බලා ගෙන ගිහින් මේ වතාවෙත් මුන්ට කතිරෙ ගහපල්ලා. දැන් ශ්‍රී ලංකාව ගොඩ ගන්න බැරි තරමට පිරිහිලා. ටිකක් හෝ ඉතිරිවී ඇත්නම් ඒ ටිකත් උඹලම කා දමාපල්ලා කියල හිතා ගෙන මේ අම්බරුවන්ටම කතිරෙ ගහල දමාපල්ලා.

දිනෙන් දින අගාධයටම යන ඔබේම සහෝදර ජනතාව වෙනුවෙන් එක කඳුළක් හෙළන්න...
ලංකාවේ ජීවත් වෙන ඔබේම දුප්පත් නෑදෑයන් හට මාස් පතා කීයක් හෝ යවා උන්ගේ දුප්පත්කම නැති කළ නොහැක. දුප්පත්කම නිසාම පාසල් නොයන දරුවන් රාශියකි. දුප්පත්කම නිසාම අධ්‍යාපනය අතරමග නතර කළ දරුවන් රාශියකි. ඔවුන් වැරදි පාරවල් වල යනු නිසැකය. ඔවුන් බේරා ගැනීමට බටහිර රටවල කරදරයක් නැතිව ජීවත් වන ඔබට පුළුවන. කරුණු හොඳින් සොයා බලා අවශ්‍ය අයට හැකි උදව්වක් කරන්න. රුපියලේ අගය ක්‍රමයෙන් පිරිහෙමින් පවතී.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter


Sithuwili Satahan
Flag Counter