2018 මාර්තු

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති. 


2018 ලබල අද ඊයේ වාගේ. මාස දෙකක්ම ගෙවිල ගිහින්. කාලය ගත වෙන ඉක්මණ.වසරේ තුන්වන මාසය වන මාර්තු මාසය සිංහල ක්‍රමයට අනුව හැදින්වෙන්නේ මැදින් මස ලෙසයි. සිංහල සමාජ ක්‍රමය තුළ යල හා මහ කන්න වලට අමතරව මැද කන්නය යනුවෙන් ද කෘෂිකාර්මික වශයෙන් බෙදීමක් ඇත. ඒ අනුව මැද කන්න යන්නේ අරුත වනුයේ හේන් ගොවිතැන් ආරම්භ කරන මාසය නිසාවෙනි.
ජාතික ප්‍රවාහන දිනය - සෑම වසරකම මාර්තු 10 වන දින ජාතික ප්‍රවාහන දිනය සැමරේ. 
ජගත් පාරිභෝගික දිනය - 1983 මාර්තු 15 වන දිනය ජගත් පාරිභෝගික දිනය වශයෙන් නම් කර ඇත. ඒ අනුව සෑම රටකම මෙම දිනය සමරන අතර එදිනට පාරිභෝගිකයින් වෙත සුවිශේෂ වරප්‍රසාදයන්ද හිමි වේ.
******************************************************
කතා කරන පිංතූර
මිහිරී - රූ සිරී
මිහිරී - ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී- මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ
*********************
Talented Sri Lankans living in Los Angeles
ඌරා  මඩ කළත් ඌ වපුල බිජු නැතී
බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
මීයා  ලී   කපයි  ඌ  හදන බඩු නැතී
නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී
තමන්ගේ රංචුවට,කණ්ඩායමට,ගෝත්‍රයට,කුලයට,ගමට,රටට වෙනත් කෙනෙක් අවමාන කරනවාට කවුද කැමති. මිනිසුන් පමණක් නොව සතා සීපාවුන්ද එසේමැයි. තමන් උපන් රටට යමෙක් අවමාණ කරන විට නිසළව ඉන්නේ අමණයෙකි. වැඩි දුරට කියවන්න ඇතුළේ පිටු බලන්න.     ->
***********************************************************
ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !
December 29, 2017- Colombo Today Local News
2018 පෙබරවාරි 10 ට පෙර කී කතා
පිරිසිදු දේශපාලනයක්‌ කරා යන ගමන් මගේදී තම කඩුවට කැපෙන්නේ මොන පක්‍ෂයද මොන පාට ද, මොන ඥතියා ද කියා තමාට වැදගත් නැති බවත්, පිරිසිදු දේශපාලනය වෙනුවෙන් එය තීරණය වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. කඩුව ගැන කතාවක් අද විශේෂාංග පිටුවේ.->
කවුරු මොනවා කීවත් මට නම් ඔබ රජෙකි. කියවන්න තව ටිකක් විශේෂාංග පිටුවෙන්
*******************************************************************
මේ පොහොට්ටු විකසිත වන සමයයි.
බ්‍රිතාන්‍යය , යුරෝපා සංගමයෙන් ඉවත්වීමට එහි පැවති ජනමත විචාරණයේදී එරට ජනතාව කැමැත්ත පල කළ නිසා,තම මතය වැඩි පිරිසකගේ මතය නොවන බව තේරුම් ගත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගමැති ධූරයෙන් ඉලා අස්වීය.ඒ මහත්වරුන්ය.
30 වතාවක් පිට පිටම පරාජය වූ දේශපාලකයෙක් ලොව ඇද්ද ? ඒ අපේ රටේ පිං අගමැති රනිල්ය. ඔහු තවමත් කියන්නේ නායකත්වය වෙනස් කිරීමක් අවශ්‍ය නොවන බවය.
මෙම සිතියමෙන් කියන්නේ ඊළම් වාදීනුයි, ශ්‍රී ලංකා කාරයයි, යූ ඇන් පී කාරයයි අතුගෑවීම ගොස් ඇති බවය.ඩී ඇස්.ලා ඩඩ්ලිලා අමාරුවෙන් හැදූ පක්ෂය වලපල්ලට යන හැටි. එජාප ඇමතියන්ද තම තනතුරු අත් නො හරී. මහජනයාට සේවය කිරීමට ඇත්තේ පුදුම ආසාවක්. 

සාමාන්‍ය මිනිසුන්ට ඔය බර දේවල් වැඩක් නෑ. ලසන්ත වික්‍රමතුංග,ප්‍රගීත් එක්නැලිගොඩ, මිග් යානා ගනුදෙනු, ඇවන්ගාඩ්, බැංකු බැඳුම්කර.. උන්ට ඕනෑ උන්ගේ එදිනෙදා ජීවන වියදම දරාගන්න විදියක්. 
*******************************************************************************
අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ,වැඩි දෙනාගේ මතයට ගරු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන යා හැකි ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබා දෙමින් තමා ඉල්ලා අස්වන බවය.

සමාවෙන්න ! ඒ ඉතියෝපියාවේ අගමැති හෙයිල්මරියම් ඩිසැලින්
Upcoming Sri Lankans Events in Los Angeles
***************************************************************
****************************************************************
අද බුද්ධාගම විලාසිතාවක් වෙලා. විකාරයක් වෙලා.එක එක විදියට බණ කියන චීවරධාරින් ගෙන් අන්තර්ජාලය, විශේෂයෙන් යු ටියුබ් එක පිරිලා.මේවා කල්ලි (Cult) නමින් හැඳින්විය හැකිය. ලංකාවේ මෙම කල්ලි කිහිපයක් ක්‍රියාත්මක වේ. ඉතා උපක්‍රමශීලිව බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී ඇති බවයි මගේ අදහස.
බොහොම ආදරෙන් වල් කතා කියන කොටුවේ පොඩි හාමුදුරුවෝ.බණ දේශනා කිරීමත් පින්කමක්. ඒත් නිකම් තුට්ටු දෙකට වැටෙන්නේ නැතුව භික්ෂූණ වහන්සේ නමකට සුදුසු වාග් විලාශයක් පාවිච්චි කරනවා නම් වඩා හොඳ බව යූ ටියුබ් එක පුරා ඇති කමෙන්ටු වල කියැවෙනවාය.
***********************************************************
නොමිළයේ.. බියකරු සසර ගැන කියැවෙන ඉංග්‍රීසි චිත්‍රපටයක්.. නොමිළයේ.
******************************************************
සංසාරය ඇත්තටම බියකරුද ? තව කියවන්න ..විශේෂාංග පිටුව බලන්න ->
***********************************************************************
සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවී පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 54 වියෙහි පසු වූවාය. මරණයට හේතුව පිළිබඳව නොයෙකුත් අදහස්  පැතිරෙමින් තිබේ. නාගිනා සහ මිස්ටර් ඉන්ඩියා චිත්‍රපටවල ඈ ඉදිරිපත් කළ රංගනයන් බොහෝ ජනප්‍රිය විය.
******************************************************************************
ඇත්ත කතා කරන යතිවරයන් වහන්සේලා හිටි හැටියේ අපවත් වන්නේ ඇයි?
ගංගොඩවිල සෝම හිමි.
මාදුළුවාවේ සෝභිත හිමි.
බෙල්ලන්විල විමලරතන හිමි.
බලාන උන්නා පන්සල පුරාම මොකද්ද අද ලොකු           කලබලයක්
ලොකුහාමුදුරුවො පෙනෙන්නවත් නෑ තරහ වෙලා වගේ තව සැරයක්
සියඹල කැව්වම තල්ලු කලේ නෑ ඒකත් මගේ පොඩි         හුරතලයක්
පාලුයි හොඳටම ආයෙ කරන්නෑ එන්නකො නෑ මගෙ කිසි       තරහක්
බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් වහන්සේ පන්සලේ ඇති කරන සුරතල් ඇත් පැටවා පහරදීමෙන් පසුගියදා අපවත් වූ සේක. රටේ අභිවෘද්ධිය උදෙසා ඇප කැප වූ උන් වහන්සේට නිවන් සුව අත්වේවා.
ගස් නගින මිනිහගෙයි, මුහුදු යන මිනිහගෙයි, අලි බලන මිනිහගෙයි ජීවිත කොයි වෙලාවෙද විශ්වාස නැහැ.පන්සලේ හිටියත් ඌ තිරිසන් සතෙක්. අලි කතාවක් අද විශේෂාංග පිටුවෙන් කියවමු.
ඇමරිකාවේ විතර කෑම ඉවත දමන රටක් ලෝකයේ වෙන කොහේවත් නැතුව ඇති. කෑම-බීම ලාබයි. මිනිස්සු කාර්ට් පුරවගෙන අරන් යනවා.කොච්චර ලාබ උනත් බඩේ අල්ලන ඉඩ ප්‍රමාණයක් තියෙනවානේ.තවත් බොහොමයක් රටවල මිනිසුන් කුස ගින්නෙන් මිය යනවා. පවු. මම කෑම පිඟාන අතට ගන්න කොට සමහර දාට උගුර හිර වෙනවා වගේ දැනෙනවා. ඒ මොහොතේම වෙනම ජීවත්වෙන මගේ දරුවන්ට කතා කරනවා."හලෝ" කියන්නත් ඉස්සර වෙලා "කෑම කාලද ඉන්නෙ" කියල අහනවා. ඒත් සමහර විට ලංකාවෙ ඉන්න මගේ දුප්පත් නෑයන්ගෙන් කවුරු හරි කුස ගින්නේ ඇති. මට තියෙන විදියට මම ඔවුන්ට උදව් කරනවා. ඔබත් එහෙම කරන්න. මාර සතුටක් දැනෙයි.
ජීවිතය කෙටියි. ඉතාම කෙටියි.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter

Flag Counter