2018 APRIL

විශේෂාංග  කවි පිටුව කතා පිටුව දේශපාලන රේඩියෝව පෙර කලාප
ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්‍රකාශනයයි..  ශ්‍රී ලංකා-විත්ති.
සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්‍රවෘත්ති.

මේ අප්‍රේල් මාසයයි. සිංහළ ක්‍රමයට බක් මාසයයි. හතර පැත්තෙන් රතිඤ්ඤා පුපුරන, ගෙයක් ගෙයක් පාසා කැවුම් බැදෙන-කෙසෙල් කැන් ඉදවෙන භාග්‍යවත් වූ මාසයයි.
ඔබ සැමට දුක් දොම්නස් අඩු- ලෙඩ දුක් අඩු සෞභාග්‍යවත් අළුත් අවුරුද්දක් වේවා.
ලොස් ඇන්ජලිස් අවටත් අළුත් අවුරුදු උත්සව දෙකක්ම තියෙනවා කියල දැනට වාර්තා වී තිබෙනවා.
*******************************************************
**************************************************
මේ පහත තිබෙන්නේ Los Angeles අවට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යාපාර කීපයක්. මොවුන්ගේ සේවය ලබා ගන්න.

****************************************** 
අපි, අපිටම මඩු වලිගෙන් තලා ගන්න ඕන. අපිමයි මුන්ට ඡන්දෙ දුන්නෙ. ඔන්න ඕක තමයි අපි නිතරම කියන්නේ දේශපාලනයට උගතුන් යවන්න ඕන කියල. උගත්කම කියන්නේ උපාධි සහතිකය හෝ වෙනත් සහතික නොවේ. දැන උගත්කම කියල එකක් තියෙන්න ඕන.
ජේ.ආර්.ජයවර්ධන, පීටර් කෙනමන්, ඇන්.ඇම්.පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා බලමුකෝ මේ නම් වල තියෙන උජාරුව..තේජස. තව නම් මතක් වෙනව. නියම මහත්වරු. ඩඩ්ලි සේනානායක, ඇස්,ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක.. ඒකට දැන් ඉන්න උන්.. එම්.කේ.කසුන්. නිකම් දෙකයි පනහේ කෑලි. ඒකයි අර වගේ  ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ.
චන්ද්‍ර රුවක්දෝ තරු පිරි වැරුනු
රිවි   මඬලක්දෝ නුබ ගැබ දිලුණූ
ඓරාවන දෝ   තෙද    බල පිරුනූ
මෙහෙසුරානනේ
සිරි ලංකාධිපති
අකලංක සුසෝභිත
සිරිසෙන් මෙත්පල්
දිනිසුරානනේ
රාජ්‍ය පාලනයෙන් හෙම්බත්ව සිටින රජතුමා ගේ මනස සැහැල්ලු කිරීමට රාජ සභාවට අනුයුක්තව ගායන කණ්ඩායමක් විය. රජු නින්දෙන් අවදිවන විට සහ නින්දට යාමට පෙර රජතුමාගේ ගුණ ගීතයට නගා ගායනා කරන මොවුන් වන්දිභට්ටයන් ලෙස හැඳින්වින. නැති ගුණත් ඇති ආකාරයටම ගැයෙන මෙම ගී "ප්‍රශස්ති ගී" නම් වූ අතර හි අරුත අතිශයෝක්තිය (exaggeration) යන්නයි. කෝට්ටේ සහ මහනුවර යුග වල මෙය වඩාත් ප්‍රචලිත විය.
මෑතකදී අපට රජෙක් නොවූවත් මාධ්‍යකරුවන් විසින් පුම්බන ලද පාලකයන්ට රාජ ඌෂ්ණය ඇතිවීම ස්වාභාවිකය.
මේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාට ගැයුනු ප්‍රශස්ති ගීතයකි.

මෙම වන්දිභට්ටයන්ට රජතුමාගෙන් බොහෝ තෑගි බෝග ලැබුණි. නූතන වන්දිභට්ටයන්ටද මෙලෙසම බොහෝ වරප්‍රසාද හිමි වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට "ආයුබෝවේවා" ගීතය ගායනා කළ සහේලි ගමගේ නමින් මහරගම ප්‍රදේශයේ මාවතක් නම් කොට ඇති අයුරු පහත පින්තූරයෙන් බලා ගත හැකිය.
එහෙත් හය-හතර නොදන්නා උන් ලවා මේ වන්දිභට්ටකම් කරවීම අසෝබනය. අසික්කිතය. ප්‍රාතමිකය. මේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව ලත් ජයග්‍රහණයෙන් චූන් වූ යමෙක් විසින් රචිත ගීයක් නොදරුවෙකු ගයන ආකාරය.
*********************************************************
TALENTED SRI LANKANS LIVING IN 
LOS ANGELES
සයුරි සේනාධීර - හිම මත රැඟුම් පෑමටත් දස්සියක්. ඇය අප සමාජයේ කැපී පෙනෙන චරිත වන ශාන්ත සහ දිනිති සේනාධීර යුවළගේ දියණියයි. අපි ඇයගේ දස්කම් අගය කරමු.
Themi D.Perera came in 1st place in Microbiology at Los Angeles County Science Fair.
තේමි දනෝදා රැඟුමට-වැයුමට මෙන්ම ඉගෙනුමටද දක්ෂයි. ඇය ජනක සහ සෙව්වන්දි පෙරේරා යුවළගේ දියණියයි. ශ්‍රී ලංකා-විත්ති කියවන අපි හැමෝම ඇයට සුබ අනාගතයක් ප්‍රාර්තනය කරමු.
*************************
පසුගිය මාසයේ දවසක Rosemead හි University of West රංග ශාලාවේදී ප්‍රදර්ශනය කළ බියකරුය මේ සසර (Fearful Samsara) 3D චිත්‍රපටිය ඔබ නැරඹුවාද? රසික හෙට්ටිආරච්චි සොහොයුරාගේ අදහස් විශේෂාංග පිටුවෙන්.
********************************
සිංහලයන් ජාතිවාදීන් නොවේ. ඔවුන් සාමයට සහජීවනයට කැමති උතුම් මිනිස් කොට්ඨාශයක්. එහෙත් ඒ නිවටකමක් නොවේ. තමන්ගේ පාඩුවේ තමන් අදහන ආගමක් අදහගෙන, තමන්ගේ රැකියාවක් කරගෙන තමන්ගේ ව්‍යාපාරයක් කර ගෙන පාඩුවේ ඉන්නෙ නැතිව නිදා ඉන්නා සිංහයන් අවදි කරන්නට යාමෙන් සිදුවන විපාක !
වඳ පෙත්ත මුසු කොරපු බාළ පොහොරද බෙදුවෙ
ඇට නොමැති   මිදි යුෂද බීජ සැදුමට        යෙදුවෙ
හිතේ සැක සංකාව නොඅඩුවම මතු       කෙරුවෙ
නුඹලාම  වපුරාපු අස්වැන්න අපි            නෙළුවෙ
~වර්ෂ පවන් දිසාසේකර~
*****************************************
අපේ ගෑණු අරාබියට ගිහින් වහල් වැඩ කරල උපයන සල්ලි සහ විදේශ රට වලින් ලැබෙන ණය තමා අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය. ඒ සල්ලි වලට මොනවද වෙන්නේ ?
ඇමතිවරුම 93 ක් ලු. එක් එක්කෙනා එක එක ඉලක්කම් කියනව. එක් ඇමතියෙකුට නීත්‍යානුකූලව මාසෙකට ලැබෙන වැටුප රුපියල් 146,000 ක්ලු.
එතකොට අවුරුද්දකට ?
146,000x93x12  = 162,936,000 
මෙහෙම අපරාධයක්. කොහොමද මේක නවත්වන්නේ ? දේශපාලන පිටුව කියවන්න.
************************************
අපේ රටට අනාගතයක් නැත. මහ බැංකු කොල්ලය ඉතිහාසයට එකතු වී ඇත. කොල්ලයේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන්, ඊ ළඟට රනිල් වික්‍රමසිංහ, අර්ජුන ඇලෝෂියස්, කසුන් පළිසේන ඉතිහාස පොතක චරිතයන්ය. 
උතුවන්කන්දේ සරදියෙල්, සූරසරදියෙල් වූවා මෙන් කවදා හෝ මොවුන්ද වීර චරිතයන් බවට පත්වනවා ඇත.
හැමදාම රැවටෙන අපි, අපි වෙනුවෙන්ම හඬා වැටෙමු.
***********************************************************************
තෙල් පැණි ඇත්තං කැවුම්ද පංඤං කියල ගමේ කියමනක් තියෙනව.
කැවුම් නැතුව අවුරුද්දක් කොහෙන්ද? සිංහළ අළුත් අවුරුද්ද අත ළඟ. 
ලංකාවෙ ඉන්නා දුප්පත් නෑයන්ට මේ මාසෙ ටිකක් වැඩි පුර යවන්න. ඔබට පුදුම සතුටක් දැනේවි. මම ඒ සතුට අත්විඳ තිබෙනවා.
අපිටත් මේ වගේ දවසක් තිබුණා මතකද ? ඔන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපල OUT වෙලා. ඔබ දන්නා අඳුනන අයත් පාස්ද කියල බලන්න පුළුවන් මෙතැනින්. බලල නිකම් ඉන්න එපා පොඩි තෑග්ගක් යවන්න.
 ශ්‍රී ලංකා-විත්ති
 Currency Converter


අපට එච්චරයි අඩුවෙලා තිබුණේ ! ලංකාවෙ පාසැල්වල සමලිංගිකත්වය උගන්වන්න යයි. හැබැයි අපේ වාගේ බංකොලොත් වෙච්චි රටකට ටිකක් හරි ගොඩ එන්න පුළුවන් ක්‍රමයක් ඒක. වැඩි දුරට කියවන්න ඒ කොහොමද කියල ඇතුලේ පිටුවලින්. 

Flag Counter